සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය ඊයේ (24) ඉන්දියාවේ රංචි හිදි සාර්ථකව ක්‍රියාත්මක වුනා.
ඊයේ දිනය තුළ ක්‍රීඩා ඉසව් එකොළහක තරග ක්‍රියාත්මක වූ අතර, එම ඉසව් එකොළහෙන් හතක රන් පදක්කම් තමන්ගේ කර ගැනීමට ඉන්දියාව සමත් උනා. එමෙන්ම ඉතිරි රන් පදක්කම් හතර ශ්‍රී ලංකාව සතු වුනා.
ගිලිහුණු රන් කතාව
ඊයේ දිනය තුළ ක්‍රියාත්මක වූ ඉසව් අතරින් කාන්තා මීටර් 400 ඉසව්ව ශ්‍රී ලංකාවේ රන් බලාපොරොත්තුව ඉටු කරනු ඇති බව අනුමාන කළ හැකිව තිබුණා. විශේෂයෙන්ම ආසියානු මට්ටම තරණය කළ නදීශා රාමනායක සමඟ රන් බලාපොරොත්තු සහිතව තරගය ආරම්භ වූ නමුත්, මෙවර නදීශාට සාර්ථක වීමට හැකි වුනේ නැහැ. මෙහි දී සයුරි මෙන්ඩිස් ලෝකඩ පදක්කමක් කරා යන අතරේ, නදීශා සිව්වැනි ස්ථානයෙන් නතර වුනා.
කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කළ නිමාලි ලියනාරච්චි එම ඉසව්වේ රන් පදක්කම පෙනී නොපෙනී යන මට්ටමට පැමිණියා. මෙහි දී ඇය තරගයේ අවසන් තත්පරය තෙක් තරගයේ යෙදුණු නමුත්, අවසානයේ 18 හැවිරිදි ඉන්දීය ක්‍රීඩිකාව රන් පදක්කම ලබා ගත්තේ, ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමි කර දෙමිනුයි.
එමෙන්ම පිරිමි මීටර් 1500 ඉසව්වේ ද රිදී සහ ලෝකඩ පදක්කම් රුසිරු චතුරංග සහ R.M.නිෆ්‍රාස් හට හිමි වුනා. මෙහි දී ඉන්දියාව ලෝකඩ පදක්කම ලබා ගත්තත්, ධාවනය අතරේ එම ඉන්දීය ක්‍රීඩකයා විසින් නිෆ්‍රාස්ට බාධා සිදු කිරීම නිසා ඔහුගේ පදක්කම අවලංගු කෙරුණා.
මේ අතර පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවේ රොශාන් දම්මික රණතුංග විසින් හිමි කර ගත් අතර, කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම ලක්ෂිකා සුගන්දි හට හිමි වුනා.
කවපෙත්ත විසිකිරීම ඉසව්වේ කාන්තා සහ පිරිමි තරග ඉසව් ද ඊයේ ක්‍රියාත්මක වුනා. එහි දී ලෝකඩ පදක්කම් ද්විත්වයක් ජය ගැනීමට විනෝදනී ලක්මාලි සහ මිලන්ත සම්පත් විසින් සමත් වුනා.
- ඇමරිකාවට වැඩි වාසි සමඟ ලෝක ශූරතාව ඇරඹෙයි
- වසර 20ක අතීතය වෙනස් කළ දිනයක් නිමා වෙයි!
- අනපේක්ෂිත සිදුවීම් රැසක් අතරේ Mondo නැවතත් ලෝක වාර්තාවක් කරා!
- ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තහවුරුයි!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
තවත් රන් පදක්කම් හතරක්
කෙසේ වෙතත් ඊයේ දිනය තුළ ද ශ්‍රී ලංකාව රන් පදක්කම් හතරක් ජය ගැනීමට සමත් වුනා. මෙහි දී පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කළ තරිඳු දසුන් විසින් මීටර් 2.17ක උසක් තරණය කරමින් රන් පදක්කම හිමි කර ගැනීමට සමත් වූ අතර, ඔහු සමඟ තරගයට එක් වූ ලෙසඳු අර්ථවිදු මීටර් 2.09ක දක්ෂතාවක් සමඟ සිව්වැනි ස්ථානයට පත් වුනා.
මේ අතර මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වූ කාලිංග කුමාරගේ විසින් පිරිමි මීටර් 400 ඉසව්ව තත්පර 46.21කින් නිමා කරමින් රන් පදක්කම ජය ගැනීමට සමත් වුනා. එමෙන්ම එහි ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාව සතු වූ අතර, කල්හාර ඉඳූප එම ලෝකඩ පදක්කම තමන් සතු කර ගත්තා.
මේ අතර ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ දී මීටර් 100 රන් පදක්කම් ජය ගත් චමෝද් යෝධසිංහ සහ ශාෆියා යාමික් යුගලය තම සහෝදර ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ද පිරිවරා ගනිමින් මීටර් 100 සහය දිවීමේ ඉසව් ද්විත්වයේ ම රන් පදක්කම් ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා.
මේ අනුව ශ්‍රී ලංකාව මේ වන විට මෙවර ක්‍රීඩා උළෙලේ රන් 08ක්, රිදී 06ක් සහ ලෝකඩ 09ක් සමඟ සමස්ත පදක්කම් 33ක් ලබමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම අද දිනය තුළ ශ්‍රී ලංකාවට තවත් පදක්කම් රැසක බලාපොරොත්තු තබා ගත හැකි අතර, එම සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<




















