ජාත්‍යන්තර ඔලිම්පික් ප්රඥප්තියේ මූලධර්ම වලට අනුව කටයුතු කිරීමටත්, ජාත්‍යන්තර ඔලිම්පික් නීතිරීති හා රෙගුලාසිවලට අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්රඥප්තිය, නීති රීති හා රෙගුලාසි සංශෝධනයකිරීමටත්, එහි ඇති යම් ගැටළුසහගත තත්වයන් ඔලිම්පික් කමිටුවට ඉදිරිපත් කිරීමටත් ක්රීඩාඅමාත්යවරයා කටයුතු කර තිබේ.
එසේ කටයුතු කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා 2015.10.13 වන දින ලුසාන්හිදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් පෙරෝ මිරෝ සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්සේල්ද සිල්වා යන මහත්වරුන් සමග ඔලිම්පික් ක්‍රීඩා සහ ඒ සඳහා ශ්‍රී ලංකාවේ එකඟතාවයන් පිළිබඳ සාකච්ඡාවක නිරත වෙමිනි .

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා සමගද 2015.10.15 දින සාකච්ඡාවක නිරත විය. එම සාකච්ඡාවට අනුව ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදෙමින් ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් සහ ඒ සඳහා යොදාගත හැකි නව ක්‍රීඩා ඉසව් දියුණු කර ඒ සඳහා සහයෝගය දීම සඳහා සභාපතිවරයා එකඟතාවයකට පැමිණියේය. එමෙන්ම ලංකාවේ ඔලිම්පික් කෞතුකාගාරය ඉදිකිරීමසඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීමටද සභාපතිවරයා එකඟ විය.
එමෙන්ම ක්‍රිකට් තරඟ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් ඉදිරිපත්වීමේදී ඇතිවන ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් සභාපතිවරයාට කරුණු පැහැදිලි කරන ලදී. එහිදී එම ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබාදීමට සභාපතිවරයා එකඟවිය

ශ්‍රී ලංකාවේ පිහිනුම් තරඟ තහනම ගැන සහ ජාත්‍යන්තර තරඟවලට ඉදිරිපත්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් ක්‍රීඩා අමාත්‍යවරයා එහි සභාපතිනිය සමග සාකච්ඡා කර තිබේ. එහි දීසභාපතිනිය පවසා ඇත්තේ ලංකාවේ පිහිනුම් නිලවරණ තබන්න අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. ඉදිරියට ජාත්‍යන්තර පිහිනුම් තරඟ සඳහා ලංකාවට ඉදිරිපත්වීමට අවස්ථාව සලසා දෙන බවත් එහිදී ඇය පවසා ඇත.
මෙම අවස්ථාවට ජිනීවා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් රවිනාථ ආරියසිංහ, ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික්කමිටුවේ ලේකම් මැක්සේල් ද සිල්වා, ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් කේ .ඩී .එස් .රුවන්චන්ද්‍ර, ජාතිකක්රීඩා කෞතුකාගාරයේ සභාපති සමන් අමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය .




















