යුද විරුවා හමුවේ ලොව දෙවැන්නා අසරණ වෙයි

266

ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ රෝද පුටු ක්‍රීඩකයෙකු වන සුරේෂ් ධර්මසේන 2018 වසරේ පැවැත්වූ පළමු රෝද පුටු ටෙනිස් තරගාවලියේ දී ලොව අංක දෙකේ ක්‍රීඩකයා වන කොරියානු ජාතික හා ගෙල් ලී පරාජය කරමින් මීගමුව ‘ITF ’ විවෘත ටෙනිස් තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට පසුගිය දා සමත් විය.

රෝද පුටු ටෙනිස් තරගාවලියේ දී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉහළ දස්කම්

දින 5ක් පුරාවට ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ පැවති ‘ITF Futures’ විවෘත රෝදපුටු ටෙනිස් තරගාවලියේ …

යුද හමුදා ක්‍රීඩකයෙක් වන ධර්මසේන ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ 95 වන ස්ථානය දිනාගෙන සිටියි. ඒ පසුගිය වසරේ දැක්වූ දස්කම් නිසාවෙනි. ඒ අතරින් 2017 වර්ෂයේ අවසන් කාලයේ දී පැවැත්වූ තායිලන්ත හා බැංකොක් විවෘත ටෙනිස් තරගාවලිවල දී හොඳින් දස්කම් දක්වන ලදි.

මෙවර පැවැත්වූ තරගාවලියේ දී කොරියානු ජාතික හා ගෙල් ලී හමුවේ ලකුණු 6-2ක් හා ලකුණු 6-3ක් ලෙස ජය ගැනීමට ධර්මසේන සමත් විය. ඒත් සමඟින් එකල ශ්‍රේණිගත කිරීමේ 67 වන ස්ථානය දක්වා සිය දක්ෂතා වර්ධනය කර ගැනීමට ධර්මසේන සමත්ව ඇත.  හා ගෙල් ලී නම් ක්‍රීඩකයා ආබාධිත ක්‍රීඩකයින් සඳහා වූ පැරා ඔලිම්පික් වරම් පවා දිනාගත් දක්ෂ ක්‍රීඩකයෙකි.

එම ජයග්‍රහණයට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩක ගාමිණී දිසානායක ලකුණු 6-2ක් හා ලකුණු 6-3ක් ලෙස පරාජය කළ ධර්මසේන අවසන් පූර්ව වටය ද පහසුවෙන්ම ජය ගත්තේය. අවසන් තරගයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ කොරියානු ක්‍රීඩක සැන් හෝ හමුවේ තියුණු සටනකට පසුව වට 2-1ක් ලෙස තරගය ජයග්‍රහණය කළ ධර්මසේන ඒකල අංශයේ රන් පදක්කම දිනා ගත්තේය.

එම තරගාවලියේ නවතම තොරතුරු හා ඡායාරූප සඳහා ThePapare.com හා රැඳී සිටින්න.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<