උස්බෙකිස්තානයෙන් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රහාරයක්

407
Photo Credit - AFC

අබ්දු සැලමෝව්ගේ ප්‍රහාරාත්මක ගෝල 4 නිසාවෙන්, 2018 වයස අවුරුදු 19න් පහළ යොවුන් පාපන්දු ශූරතා තරගාවලියේ B කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ වටයේ අද (2) පැවැත්වූ තරගයෙන් ගෝල 10-00ක දරුණු පරාජයකට හිමිකම් කියන්නට ශ්‍රී ලංකාවට සිදු විය.

ශ්‍රී ලංකා යෞවනයන් මාලදිවයිනට සම වෙයි

ආදේශක ක්‍රීඩකයකු ලෙස දෙවන අර්ධයේ දී පිටියට පිවිසි නෙත්ම මල්ෂාන් ආබාධ සඳහා ලබා දෙන අතිරේක කාලය තුළ දී වාර්තා කළ ගෝලය හේතුවෙන් …

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට අවතීර්ණ වූයේ, පසුගිය දා මාලදිවයින සමඟින් පැවැත්වූ තරගය ගෝල 01-01ක් ලෙස අවසන් වීමෙන් පසුවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වැදගත් ගෝලය ලබා ගත්තේ නෙත්ම මල්ශාන් විසිනි.

2016 වර්ෂයේ දී පැවැත්වූ ආසියානු යොවුන් පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව උස්බෙකිස්තානය හමුවේ පරාජය වූයේ ගෝල 03-00ක් ලෙසයි.

පාමීර් ක්‍රීඩා පිටියේ පැවැත්වූ මෙම තරගයේ ආරම්භක මිනිත්තු 20 තුළ උස්බෙකිස්තාන පාපන්දු ක්‍රීඩකයින් සිය ආධිපත්‍යය විහිදුවාලමින් ගෝල 3ක් රැස්කර ගත්තේ, ශ්‍රී ලංකාවට එකදු ගෝලයක් හෝ ලබා නොදෙමිනි. එහි දී උස්බෙකිස්තානය වෙනුවෙන් අබ්දු සැලමෝව්, ඉසටොව් හා කෙන්ජාබ්ඒ අයිලම් යන යොවුන් ක්‍රීඩකයින් එම ගෝල 3 පිළිවෙළින් වාර්තා කරන ලදි.

තරගයේ 21 හා 25 වන මිනිත්තුවල දී ද සැලමෝව් හා අයිලම් යන ක්‍රීඩකයින් තවත් ගෝල ද්විත්වයක්ම ශ්‍රී ලංකා ගෝල රකින්නාගේ දෑත් අතරින් සිය කණ්ඩායමේ දැල වෙතට එල්ල කළේ, තරගයේ සම්පූර්ණ පීඩනය ශ්‍රී ලංකාව දෙසට නතු කරමිනි.  

තරගයේ පළමු අර්ධය අවසානයේ: උස්බෙකිස්තානය 5 – 0 ශ්‍රී ලංකාව

දැඩි පීඩනයක් සහිතව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් දෙවන අර්ධයට අවතීර්ණ වූයේ එක් ගෝලයක් හෝ වාර්තා කර ගැනීමේ අරමුණ ඇතිව වුවත්, එය සාර්ථක කර ගැනීමට නොහැකි විය. එම අර්ධයේ දී ද සැලමෝව්, සොකිරොව් හා මොස්ගොවෝයි යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට විරුද්ධව ගෝල වරුසාවක් එල්ල කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට නිසියාකාර පුහුණුවීමක් හා අත්දැකීමක් නොමැති බව පසක් කරමිනි.

තරගයේ සම්පූර්ණ කාලය අවසානයේ: උස්බෙකිස්තානය 10 – 00 ශ්‍රී ලංකාව

ගෝල ලබා ගැනීම

උස්බෙකිස්තානය (10) – අබ්දු සැල්මොව් 3’, 21’, 78’, 89’, සොකිරොව් 63’, 67’, මොස්ගොවෝයි 83’, කෙන්ජාබ්ඒ අයිලම් 18’, 25’, ඉසටොව් 11’.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය හෙට (4) සත්කාරක ටජිකිස්තානය සමඟින් මෙම ක්‍රීඩා පිටියේ දී ම ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට