23න් පහළ කාන්තා ක්‍රිකට් සුපිරි පළාත් සටන ඇරඹේ

134

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නොකඩවා දෙවන වතාවටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය මේ මස 24 වැනිදා දොඹගොඩ දී හා බණ්ඩාරගම දී ඇරඹීමට නියමිතයි.

මුරලිගේ සම්මාන සියල්ල සීනිගමට

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම පන්දු යවන්නෙක් වන මුත්තයියා මුරලිදරන් ඔහුගේ ක්‍රිකට් දිවිය තුල දිනා ගත් සම්මාන සියල්ල ගුණ ජය සතුට පදනම හරහා…

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් හතරක් සහභාගී වන අතර ලීග් ක්‍රමයට අනුව එක් කණ්ඩායමක්‌ තරග තුනකට සහභාගි වීමට නියමිත වන අතර අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම තරගාවලියේ ජයග්‍රාහකයින් ලෙස නම් කරනු ලබයි.

ගියවර පැවති තරගාවලියේ දී ශූරතාවය දිනා ගත්තේ මල්ෂා ශෙහානි විසින් මෙහෙයවූ මහනුවර කණ්ඩායමයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙවර කණ්ඩායම් හතරේ නායකත්වය නැගී එන ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු වන සයනි සේනාරත්න, තාරිකා සෙව්වන්දි, උමේෂා තිමාශනී හා සත්‍යා සංදීපනී වෙත පිරිනමා තිබේ.

>>Photos: Colombo vs Galle | Women’s U23 Super Provincial Tournament – 2018<<

තරග කාල සටහන

  • මාර්තු 24 – දඹුල්ල හා මහනුවර – බණ්ඩාරගම ක්‍රීඩාංගණය
  • මාර්තු 24 – කොළඹ  හා ගාල්ල – දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩා පිටිය
  • මාර්තු 25– කොළඹ හා මහනුවර – දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩා පිටිය
  • මාර්තු 25 – දඹුල්ල හා ගාල්ල – බණ්ඩාරගම ක්‍රීඩාංගණය
  • මාර්තු 27– මහනුවර හා ගාල්ල – දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩා පිටිය
  • මාර්තු 27 – කොළඹ හා දඹුල්ල –  බණ්ඩාරගම ක්‍රීඩාංගණය

සංචිත

මහනුවර – සයනි සේනාරත්න (නායිකා), ලිහිණි අප්සරා, උදාරා බණ්ඩාර, සෞභාග්‍යා මෙන්ඩිස්, රුවනි නන්දසේන, තරුෂි රාජකරුණා, ලක්මාලි රාජපක්ෂ, ඉරේෂා දයානන්ද, සචිනි දයාරත්න, සන්සලා වනිගසේකර, තරුෂි තත්සරණි, වාසනා ප්‍රේමරත්න, එම්. මතුමිත, පී. ජී. ඩබ්. සමරකෝන්, හිමාශි වීරසිංහ.

කොළඹ – තාරිකා සෙව්වන්දි (නායිකා), පබසරා රණබාහු, ජනාදි අනලි, සචිනි දිල්ෂානි, සඳනි දිල්ශානි, කේ. කේ. සුරන්ති, මල්ෂා රණතුංග, සිත්මි මිරාෂා, සඳුනි නිසංසලා, නිමේෂා මදුශානි, හිරුෂි පීරිස්, රශ්මි සිල්වා, දුලන්ගා චමලි, නෙත්මි පූර්ණා, මෙත්මා දෙව්මිණි

ගාල්ල – උමේෂා තිමාශනී (නායිකා), චේතනා විමුක්ති, තාරුකා ෂෙහානි, කාවින්දි පාරමී, ඉරේෂා චතුරානි, නිලක්ෂනා සඳමිණි, පූජා රශ්මි, සුලේෂා සත්සරණී, සචිනි නිසංසලා, ඉමේෂා දුලානි, තිලේශ්‍යා චතුරංගි, ශිකාරි නුවන්තා, සකුණි විජේසිංහ, චමරි ලක්ෂානි, ඊ. පී. සුගන්ධිකා.

දඹුල්ල – සත්‍යා සංදීපනී (නායිකා), ජිතාංජලි විජේනායක, සුගන්දිකා ගිම්හානි, ප්‍රසාදි විජේසිංහ, ජුඩිත් ප්‍රනාන්දු,  ප්‍රභාශිනී ප්‍රනාන්දු, සමාධි මල්ෂා, ශානු බාස්කරන්, නයෝමි සාගරිකා, සිතුමිණි මියුරංගිකා, ජනායි මයුරිකා, මල්ෂා සුදන්ති, චමෝදා පමුණුව, ලක්ෂිකා ප්‍රනාන්දු, දෙව්මි විහංගා.

තරගාවලියේ සියලුම තතු හා සේයා රූ ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්ව සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<