ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ 2019 වසරේ ශූරතාව දිනා ගැනීමට කොළඹ කණ්ඩායම අද (23) සමත් විය.
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අවසන් මහා තරගයේ දී දඹුල්ල ක්‍රීඩකයන් ලකුණු 61කින් පරාජය කරමින් ඔවුන් මෙම ශූරතාව දිනා ගත්තේ අපරාජිත කණ්ඩායමක් සේ තරගාවලිය අවසන් කරමිනි.
ගාලු ජයෙන් ලොහාන්ගේ කඩුලු ත්‍රිත්වයේ රැස් බසී
ගාල්ලේ ක්‍රිකට් ගැසූ ලොහාන් ද සොයිසා නුවරට එක් වී ගාල්ලට එරෙහිව වාර්තා කළ කඩුලු ත්‍රිත්වයේ රැස් අඩු කරමින් ශ්‍රී ලංකා…………
පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 303ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුලු ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 242ක් පමණි. ඒ තවත් පන්දු 43ක් ඉතිරිව තිබිය දී දැවී යෑම නිසාය.
කාසියේ වාසිය දිනා ගත් කොළඹ නායක කමිල් මිෂාර පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තේය. ඒ අනුව ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ මොහොමඩ් ශමාස් සහ නායක කමිල් මිෂාර ය.
ඔවුන් දෙදෙනා ලකුණු පුවරුවට එක් කළේ මන්දගාමීවය. ඔවුන්ට තම පළමු කඩුල්ල වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 31ක් පමණි. පන්දු 58ක් වැය කරමින් පවත්වා ගෙන ආ එම සබඳතාව මොහොමඩ් ශමාස් ලකුණු 14කට දැවී යෑමත් සමඟින් අවසන් විය.
Photos: Colombo Vs Dambulla | Finals | SLC U19 Super Provincial Tournament 2019
අනතුරුව කමිල් මිෂාරට එක් වූයේ දකුණත් පිතිකරු අහන් වික්‍රමසිංහ ය. මේ වමත් සහ දකුණත් පිතිකරුවෝ තම ලකුණු පුවරුව 192ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා ලකුණු 161ක් තම කණ්ඩායමට දායාද කර තිබුණි. ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දු 156ක් පමණි.
ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් කමිල් මිෂාර දැවී යද්දී පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 120ක් ලබා ගත්තේය. කමිල් මිෂාර මෙම තරගාවලියේ වාර්තා කළ මෙම දෙවැනි ශතකය තමන් මුහුණ දුන් 100 වැනි පන්දුවේ දී හතරේ පහරක් එල්ල කරමින් වාර්තා කිරීමට සමත වීම කැපී පෙණුනි.
අනතුරුව පිටියට පිවිසි සොනාල් දිනූෂ (6), ජොහෑන් ද සිල්වා (11), චමිඳු විජේසිංහ (13) සහ සඳරුවන් චින්තක (01) අඩු ලකුණුවලට සීමා වෙද්දී අහන් වික්‍රමසිංහ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් තම ශතකය 103 වැනි පන්දුවේ දී වාර්තා කළේය. ඔහු කොළඹ ඉනිම නිමා වන විට පන්දු 116කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 127ක් ලබා සිටියේය. ඔහු සමඟ අනෙක් අන්තයේ සිටි තෂික නිර්මාල් නොදැවී ලකුණු 7ක් ලබා සිටියේය.
වටිනාම අය අතරේ ලංකාවට මොකද වුනේ?
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩක (MVP) නම් ලැයිස්තුව එළිදැක්වී තිබෙනවා. එය සකස් කොට තිබෙන්නේ………
කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් පිට දඟපන්දු යැවී අශේන් ඩැනියෙල් ලකුණු 73කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඔහුට අමතරව යසිරු රොද්‍රිගෝ, දිලුම් සුධීර, නිමංක ජයතිලක සහ නිපුන් දනංජය කඩුල්ල බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 50ක් විය. ඒ සුපුන් සුමනරත්න සහ නායක නිපුන් ධනංජය එක්වය. නිපුන් ධනංජය පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටිය දී පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේය.
ඉන් අනතුරුව දඹුලු ඉනිමේ කඩුලු දෙකක් පන්දු 5ක් තුළ දවා ගැනීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් විය. එහි දී රවිඳු රසාන්ත ලකුණු 13කට ද ආරම්භක පිතිකරු සුපුන් සුමරත්න ලකුණු 35කට ද දැවී ගියේය. සුපුන්ගේ ඉනිම ද පන්දු 35කින් සමන්විත වූ අතර හතරේ පහර 6ක් ඊට ඇතුලත් විය.
අනතුරුව දඹුලු ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී සුධීර වීරරත්න (11) සහ ලෙෂාන් අමරසිංහ (12) පිටියෙන් ඉවත් කිරීමට ඩිල්මින් රත්නායක සමත් විය. ඒ වෙද්දී දඹුලු ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 102ක්ව අමාරුවේ වැටී තිබුණි.
එතැන් සිට දිනෙත් ජයකොඩි සහ දිලුම් සුධීර වෙහෙස වී දඹුලු ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක සබඳතාවක් එක් කළහ. එම කඩුල්ලේ සබඳතාව අවසන් වූයේ නැවත රත්නායකගේ ක්‍රියාත්මක වීමෙනි. දිලුම් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 13කි.
දඹුලු ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් වූයේ ඊට පසුවය. ඒ දිනෙත් ජයකොඩි සහ ලක්ෂාන් ගමගේ එක්ව 7 වැනි කඩුල්ලට එක්කළ ලකුණු 91ක සබඳතාවයයි. මේ ක්‍රීඩකයන් දෙදෙනාම අර්ධ ශතක රැස් කරමින් කොළඹ ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය පමා කළේ පැයකටත් වඩා වැඩි කාලයක් තම කඩුලු ආරක්ෂා කර ගනිමිනි. එහෙත් දිනෙත් ජයකොඩි පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා ගෙන දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණි. ඒ වෙද්දී දඹුලු ලකුණු පුවරුව 230 රැඳී තිබුණි.
මාලිංග සිය අවසන් තීරණය නිල වශයෙන් ප්‍රකාශ කරයි
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ මස 26 වැනි සිකුරාදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වන තරග………….
ලක්ෂාන් ගමගේ පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබා ගනිමින් පරාජිත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. දඹුලු ඉනිමේ අශේන් ඩැනියෙල් (8), යසිරු රොද්‍රිගෝ (2) ද අඩු ලකුණුවලට සීමා වූ අතර ඉනිම අවසන් වන විට නිමංක ජයතිලක නොදැවී ලකුණක් ලබා සිටියේය.
පන්දු යැවීමේ දී පා දඟපන්දු යවන ඩිල්මින් රත්නායක ලකුණු 45කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව ප්‍රවීන් නිමේෂ්, චමිඳු විජේසිංහ, සොනාල් දිනූෂ සහ තෂික නිර්මාල් කඩුල්ල බැගින් දවා ගත්හ.
>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Mohammed Shamaz | c Leshan Amarasinghe b Ashian Daniel | 14 | 33 | 2 | 0 | 42.42 |
| Kamil Mishara | c & b Nipun Dananjaya | 120 | 114 | 10 | 6 | 105.26 |
| Ahan Wicrkamasinghe | not out | 127 | 116 | 10 | 1 | 109.48 |
| Sonal Dinusha | c Leshan Amarasinghe b Dilum Sudeera | 6 | 7 | 1 | 0 | 85.71 |
| Johanne De Zilva | c Ravindu Rasantha b Nimnaka Jayathilaka | 11 | 15 | 1 | 0 | 73.33 |
| Chamindu Wijesinghe | c Dineth Jayakody b Yasiru Rodrigo | 13 | 13 | 2 | 0 | 100.00 |
| Sandaruwan Chinthaka | c Leshan Amarasinghe b Ashian Daniel | 1 | 2 | 0 | 0 | 50.00 |
| Thashika Nirmal | not out | 7 | 2 | 0 | 1 | 350.00 |
| Extras | 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0) |
| Total | 303/6 (50 Overs, RR: 6.06) |
| Fall of Wickets | 1-31 (9.3) Mohammed Shamaz, 2-192 (35.3) Kamil Mishara, 3-211 (38.4) Sonal Dinusha, 4-237 (42.3) Johanne De Zilva, 5-269 (47.2) Chamindu Wijesinghe, 6-275 (48.2) Sandaruwan Chinthaka, |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Yasiru Rodrigo | 10 | 0 | 45 | 1 | 4.50 | |
| Lakshan Gamage | 4 | 0 | 18 | 0 | 4.50 | |
| Ashian Daniel | 9 | 0 | 73 | 2 | 8.11 | |
| Dilum Sudeera | 10 | 0 | 59 | 1 | 5.90 | |
| Nimnaka Jayathilaka | 7 | 0 | 46 | 1 | 6.57 | |
| Sudeera Weerarathana | 6 | 0 | 31 | 0 | 5.17 | |
| Nipun Dananjaya | 4 | 0 | 29 | 1 | 7.25 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Nipun Dananjaya | c Praveen de Silva b Chamindu Wijesinghe | 26 | 17 | 5 | 0 | 152.94 |
| Supun Sumanarathna | run out (Mohammed Shamaz) | 35 | 35 | 6 | 0 | 100.00 |
| Ravindu Rasantha | b Sonal Dinusha | 13 | 17 | 2 | 0 | 76.47 |
| Leshan Amarasinghe | lbw b Dilmin Rathnayake | 12 | 27 | 1 | 0 | 44.44 |
| Sudeera Weerarathana | c Johanne De Zilva b Dilmin Rathnayake | 11 | 15 | 0 | 1 | 73.33 |
| Dineth Jayakody | c Johanne De Zilva b Praveen de Silva | 51 | 60 | 2 | 2 | 85.00 |
| Dilum Sudeera | c Thashika Nirmal b Dilmin Rathnayake | 13 | 20 | 2 | 0 | 65.00 |
| Lakshan Gamage | c Chamindu Wijesinghe b Thashika Nirmal | 63 | 50 | 5 | 2 | 126.00 |
| Ashian Daniel | st Mohammed Shamaz b Dilmin Rathnayake | 8 | 4 | 0 | 0 | 200.00 |
| Yasiru Rodrigo | run out (Ahan Wicrkamasinghe) | 2 | 4 | 0 | 0 | 50.00 |
| Nimnaka Jayathilaka | not out | 1 | 7 | 0 | 0 | 14.29 |
| Extras | 7 (b 0 , lb 0 , nb 2, w 5, pen 0) |
| Total | 242/10 (42.5 Overs, RR: 5.65) |
| Fall of Wickets | 1-50 (5.4) Nipun Dananjaya, 2-78 (10.6) Ravindu Rasantha, 3-79 (11.4) Supun Sumanarathna, 4-102 (18.3) Sudeera Weerarathana, 5-102 (18.6) Leshan Amarasinghe, 6-139 (24.6) Dilum Sudeera, 7-230 (39.5) Dineth Jayakody, 8-239 (40.4) Ashian Daniel, 9-239 (41.2) Lakshan Gamage, 10-242 (42.5) Yasiru Rodrigo, |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Praveen de Silva | 8 | 0 | 56 | 1 | 7.00 | |
| Chamindu Wijesinghe | 7 | 0 | 57 | 1 | 8.14 | |
| Sonal Dinusha | 8 | 0 | 26 | 1 | 3.25 | |
| Kaveesha Dulanjana | 4 | 0 | 21 | 0 | 5.25 | |
| Dilmin Rathnayake | 8.5 | 1 | 45 | 4 | 5.29 | |
| Thashika Nirmal | 6 | 0 | 28 | 1 | 4.67 | |
| Sandaruwan Chinthaka | 1 | 0 | 9 | 0 | 9.00 | |





















