සංජුලගේ වික්‍රමයෙන් ඉසිපතනයට පළමු ඉනිමේ ජයක්

480

ඉසිපතන විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර ඊයේ (15) ආරම්භ වූ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගයේ දී, ඉසිපතන විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට හැකි වූ අතර එහි දී සංජුල අබේවික්‍රම නොදැවී ලකුණු 150*ක් ලබා ගනිමින් දස්කම් දැක්විය.

මහානාමය වෙනුවෙන් විනුකගෙන් ශතකයක්

සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් තරග කිහිපයක් අද (14) පැවැත්වූ අතර, එහි දී සාන්ත ජෝසප් හා ලුම්බිණි විද්‍යාල අතර පැවති තරගය අවසන්…

සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවැත්වූ මෙම තරගය අද (16) දෙවන දිනය සඳහා ආරම්භ කරන විට ඉසිපතන විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 73ක් පසුපසින් පසුවිය.

අබේවික්‍රම හා ලෙෂාන් අමරසිංහ, ඉසිපතන විද්‍යාලයේ පළමු ඉනිමේ පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 120ක සබඳතාවයක් ගොඩ නැංවිය. එහි දී අමරසිංහ වර්ණවත් 4 පහර 9ක් සමඟින් ලකුණු 58ක් ලබාගෙන සිටිය දී රුවින් සෙනෙවිරත්න එවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ඒ වන විට ඉසිපතන විද්‍යාලයේ ලකුණු පුවරුව 214/5ක් ලෙස සටහන්ව තිබුණේ ඔවුන්ට මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් අත්පත්කර දෙමිනි.

අනූපම හේරත් හා එක්වූ අබේවික්‍රම, සාන්ත පීතර විද්‍යාලයේ පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙමින් හයවැනි කඩුල්ල සඳහා ලකුණු 52ක සබඳතාවයක් ගොඩ නැංවිය. අවසානයේ අනූපම ලකුණු 15කට දැවී යන ලදි. ලහිරු ඩිල්ශාන් ලකුණු 32යි. මෙතුවක් වේලා අනර්ඝ පිතිකරණයක නිරත වූ අබේවික්‍රම, 4 පහර 13ක් හා 6 පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 150*ක් ලබාගත් පසුව ඔවුන් සිය ඉනිම අත්හිටුවන ලදි. ඒ වන විට ඉසිපතන විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 341ක් ලබාගෙන තිබුණි.

වෙළඳසේවා සටනක් අතරතුරේ දී රමිත් රඹුක්වැල්ලගෙන් පෙරළියක්!

තරගයෙන් තරගයට, පන්දුවාරයෙන් පන්දුවාරයට උණුසුම වැඩි වන වෙළඳසේවා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 4ක් අද (15) ක්‍රීඩාංගණ දෙකක…

පන්දු යැවීමේ දී සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් කඩුලු තුනක් දවා ගැනීමට මොහොමඩ් අමීන් සමත් විය.

ලකුණු 137ක පළමු ඉනිමේ අවාසියක් ඇතිව පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලය පළමු ඉනිමේ පරිදීම නැවතත් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය. එම සබඳතාවය අවසන් වන විට සාන්ත පීතර ලකුණු පුවරුව 125ක් ලෙස සනිටුහන් විය. එහි දී ශාලිත් ප්‍රනාන්දු හා සන්තුෂ් ගුණතිලක පිළිවෙළින් ලකුණු 67ක් හා ලකුණු 59ක් ලබා ගෙන සිටිය දී දැවී ගිය අතර, ශාලිත්ගේ ඉනිම 4 පහර 8කින් වර්ණවත් විය. සන්තුෂ් 4 පහර 10යි. පන්දු යැවීමේ දී අයන සිරිවර්ධන හා මදුශික සඳරුවන් එක් කඩුල්ල බැගින් දවා ගන්නා ලදි.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 204/10 (62.5): සන්තුෂ් ගුණතිලක 48, ශාලිත් ප්‍රනාන්දු 30, සුලක්ෂණ ප්‍රනාන්දු 26, දිනිත් අංජුල 25, මදුශික සඳරුවන් 4/57, අනූපමප හේරත් 3/8, ලහිරු ඩිල්ශාන් 3/35.

ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම – 341/8 dec (79.2): සංජුල අබේවික්‍රම 150*, ලෙෂාන් අමරසිංහ 58, ලහිරු ඩිල්ශාන් 32, තෙවිඳු දම්සර 27, මොහොමඩ් අමීන් 3/96, රුවින් සෙනෙවිරත්න 2/58, සචින් සිල්වා 2/78.

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉනිම – 139/2 (47): ශාලිත් ප්‍රනාන්දු 67, සන්තුෂ් ගුණතිලක 59, අයන සිරිවර්ධන 1/19,  මදුශික සඳරුවන් 1/27.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<