සාන්ත පීතර විද්‍යාලය හමුවේ ලුම්බිණි විද්‍යාලය අසරණ වෙයි

323

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (8) ක්‍රියාත්මක වූ  අතර ඒ තරග අතරින් කොළඹ ලුම්බිණි විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 53කින් පරාජය කළ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

සාන්ත ආනා විද්‍යාලය අභිබවා ගිය සාන්ත ඇලෝසියස් විද්‍යාලයට වැඩි වාසිය

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන..

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මේ තරගය ඉනිමකින් හා ලකුණු 53කින් ජය ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

තරගයේ අද දිනය සඳහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ලුම්බිණි විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 115ක් ලබාගෙන සිටියේ සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 179ක් පසුපසිනි සිටිමිනි.

අද උදෑසනම නැවත වතාවක් ක්‍රියාත්මක වූ ශිවාන් පෙරේරා ඇතුළු සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් ලුම්බිණි පළමු ඉනිම ලකුණු 146කට සීමා කළේය. රවිෂ්ක විජේසිරි ලකුණු 45යි. පන්දු යැවීමේ දී ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම සුනුවිසුනු කළ ශිවාන් ලකුණු 35කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ලකුණු 148ක පළමු ඉනිමේ අවාසියක් ලුම්බිණි විද්‍යාලය දෙසට සතුව තිබූ නිසා නැවත වතාවක් ලුම්බිණි විද්‍යාලයට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දීමට සාන්ත පීතර විද්‍යාලය තීරණය කළේ ඉනිමක ජයක් අපේක්ෂාවෙන් වන අතර ඒ බලාපොරොත්තුව සඵල කරගැනීමට ඔවුන්ට හැකි විය. කනිෂ්ක මදුවන්ත හා රුවින් සෙනෙවිරත්න පිළිවෙළින් කඩුලු 5ක් හා කඩුලු 3 බැගින් දවා ගත්තේය.  

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 294/7d (44): සන්තුෂ් ගුණතිලක 103*, නිපුනක ෆොන්සේකා 86,  බානුක ද සිල්වා 32, ප්‍රභාත් මදුසංක 3/69.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම  – 146 (35.5): රවිෂ්ක විජේසිරි 45, ශිවාන් පෙරේරා 5/35, තාරික් සබූර් 3/42.

ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිම  (F/O) – 95 (41.1): සිතුම් දිසානායක 32, කනිෂ්ක මදුවන්ත 5/36, රුවින් සෙනෙවිරත්න 3/25.

Photo Album – St. Sebastian’s College vs St. Joseph’s College – U19 Cricket Tournament 2018/19

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත සෙබස්තියන් පිටියේ දී නිමා වූ මේ සුහද කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 232ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනයේ (7) නිමාව සනිටුහන් වන විට තම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 148ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක සිටියේ සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව තවත් ලකුණු 84ක් පසුපසින් සිටිමිනි. සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉනිමට පළමු දිනයේම අර්ධ ශතකයක් එකතු කළ නායක ජොහෑන් ද සිල්වා  ලකුණු 80ක් ලබා ගත්තේය.

ඊට අමතරව අද දිනයේ දී ක්‍රියාත්මක වූ දිනෙත් ජයකොඩි ලකුණු 89ක් ලබා ගන්නා ලදි. අවසානයේ සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 320ක් ලබා ගත්තේ සිය පළමු ඉනිමේ ජයග්‍රහණය ද තහවුරු කරගෙනයි.

ලකුණු 88ක පළමු ඉනිමේ අවාසියක් සමඟ පිටියට පැමිණි සාන්ත සෙබස්තියන් විද්‍යාලය තරගයේ නියමිත කාලය අවසන් වන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 196ක් රැස්කර ගන්නා ලදි. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සුකිත මනෝජ් ලකුණු 74*යි.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 232 (64.4): නිෂිත අභිලාෂ් 88, ටශික් පෙරේරා 38, දුනිත් ජයතුංග 37, නුවනිඳු ප්‍රනාන්දු 35, ශාලින්ද සෙනෙවිරත්න 6/81.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම –  320 (84.1): දිනෙත් ජයකොඩි 89, ජොහෑන් ද සිල්වා 80, ශෙවෝන් ඩැනියල් 43, නුවනිඳු ප්‍රනාන්දු 3/42.

සාන්ත සෙබස්තියන් විද්‍යාල දෙවන ඉනිම – 196/6 (43): සුකිත මනෝජ් 74*, නිෂිත අභිලාෂ් 26, ශාලින්ද සෙනෙවිරත්න  5/55.

තිසර නැවතත් දස්කම් දක්වද්දී ශ්‍රී ලංකාවට පූර්ණ පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ..

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර තරගයේ අද (8) දිනයේ ආරම්භක කාර්තුව තුල කඩුලු 9ක් දැවී ලකුණු 317ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. එහි දී ගිහාන් සිද්මික හා නිසල් සිල්වා යන දෙදෙනාම අර්ධ ශතක ලබා ගන්නා ලදි. දමින්ද රෙෂාන් කඩුලු 3යි.

සාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු ඉනිමට පිළිතුරු දුන් ආනන්ද විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 178ක් රැස්කර ගත්තේය. සුදීප අගුළුගහ ලකුණු 42යි. අවසානයේ මේ තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ නමුත්  සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලබාගන්නා ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම –  317/9d (127): ගිහාන් සිද්මික 82, නිසල් සිල්වා 50, සංසිත් හිරුශාන් 49, අබ්දුල් රහුමාන් 42, දමින්ද රෙෂාන් 4/67.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 178 (58): සුදීප අගුළුගහ 42, මෝදිත රණතුංග 32, කවිශ දුලංජන 5/55.

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – 22/3 (3):

තිසර නැවතත් දස්කම් දක්වද්දී ශ්‍රී ලංකාවට පූර්ණ පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ එක්දින..

කොළඹ ඉසිපතන විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ඉසිපතන විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව උදාකරගත් අතර එහි දී අශේන් ගුණවර්ධන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 41ක් ලබා ගෙනයි. අවසානයේ මේ තරගය ද ජය පරාජයෙන් තොරව නිමා වූ නමුත් පළමු ඉනිමේ ජයක් ලබා ගන්නට ඉසිපතන විද්‍යාලය සමත් විය.

ඉසිපතන විද්‍යාලයීය නායක මදුෂික සඳරුවන්ගේ සුපිරි පන්දු යැවීම නිසා ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම ලකුණු 125කට සීමා වූ අතර ධර්මාශෝක විද්‍යාල යට ඔවුන්ගේ පළමු ඉනිම ජය තහවුරු කර ගැනීමට ද නොහැකි විය.

ලකුණු 29ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කළ ඉසිපතන විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 133ක් ලබාගෙන සිටිය දී සිය දෙවන ඉනිම අත්හිටු වූයේ ධර්මාශෝක විද්‍යාලයට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක් හිමිකර දෙමිනි. තරගය අවසානයේ ධර්මාශෝක විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 125ක් ලබාගෙන තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගත්තේය.  සේන දේශායි ලකුණු 49*යි.

තරගය කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම –  154 (58.4): අශේන් ගුණවර්ධන 41, රවිඳු රත්නායක 30, තිමුක දිල්ශාන් 3/14, කවිඳු නදීශාන් 3/26.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම – 125 (54.4): දිනුක් ඩිල්ශාන් 32, මදුෂික සඳරුවන් 6/14.  

ඉසිපතන විද්‍යාල දෙවන ඉනිම – 133/9d (45.1): කවීන් දනත් 33, කවිඳු නදීශාන් 4/47.

ධර්මාශෝක විද්‍යාල දෙවන ඉනිම – 125/5 (37): සේන දේශායි 49*, අරෝෂණ ද සොයිසා 25.


ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

තරගයේ ඊයේ දිනය නිමා වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින අභිෂේක් ලියනාරච්චි ලකුණු 40*ක් ලබාගෙන සිටි අතර ඔහු මුදිත ලක්ෂාන්ගේ ද සහාය ඇතිව වර්ණවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 114ක් ලබාගෙන ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම ලකුණු 400 සීමාව දක්වා ඔසවා තැබුවේය. ඊට අමතරව මුදිත ලකුණු 120ක් වාර්තා කරගෙන සිය ශතකය සම්පූර්ණ කරගන්නා ලදි. සඳරු චන්දිත ලකුණු 50*යි.

සිය පළමු ඉනිමේ ජයග්‍රහණය සිහිනයක් කර ගත් ද මැසනොඩ් විද්‍යාල කණ්ඩායම ලකුණු 96ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි අතර සිය විද්‍යාලය කෙසේ හෝ ඉනිමක පරාජයෙන් ගලවා ගැනීමට අසිත සිල්වාගේ ලකුණු 28 ද මැසනොඩ් විද්‍යාලයට විශාල සවියක් විය. මෙතුශාන් කුමාර කඩුලු 5ක් දවා ගන්නා විට ඔහුගේ සඟයා වූ මුදිත ලක්ෂාන්  කඩුලු 4ක් දවා ගන්නා ලදි.

මේ  B කාණ්ඩයේ තරගය මත්තේගොඩ දී පැවැත්විය.

කඳාන ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම – 307 (76.4): නිම්න ප්‍රනාන්දු 90, නදුන් ඩිල්ශාන් 82, මිතුන් සෙනරත් 73*, මුදිත ලක්ෂාන් 4/85.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම –  401/9d (75): මුදිත ලක්ෂාන් 120, අභිෂේක් ලියනාරච්චි 114, සඳරු චන්දිත 50*, පසිඳු ආධිත්‍ය 39, සඳෙව් ගුණසේකර 3/61.

කඳාන ද මැසනොඩ් විද්‍යාල දෙවන ඉනිම –  96/9 (37): අසිත සිල්වා 28, මෙතුශාන් කුමාර 5/39, මුදිත ලක්ෂාන් 4/43.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <