තරිඳු, සහන් සහ කුෂාන්ගෙන් වැඩි දස්කම්

117

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සම්ප්‍රදායික තරග දෙකක් අද (7) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී ආරම්භ විය.

පිතිකරුවන් අභිබවා පන්දු යවන්නෝ ඉදිරියට

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු….

වේල්ස් කුමර විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය 

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමර විද්‍යාල නායක නඩුක ප්‍රනාන්දු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර වේල්ස් කුමර විද්‍යාල පිතිකරුවන් මහින්ද විද්‍යාලයට එරෙහිව  සියල්ලන්ම දැවී ලකුණු 232ක හොඳ මට්ටමකට යාමට සමත් විය. 

වමතින් පා දඟපන්දු යවන කුෂාන් මදූෂ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිම සුනුවිසුනු කර දමන විට, ඔවුන්ගේ ඉනිම තරගයක් දිය හැකි මට්ටමක් දක්වා රැගෙන ගිය තරිඳු අමරසිංහ හා විනුජ රන්පුල් පිළිවෙළින් ලකුණු 59ක් හා ලකුණු 32ක් ලබා ගන්නා ලදි.

වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිමට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට පැමිණි සත්කාරක මහින්ද පිතිකරුවන් තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 43ක් ලබාගෙන සිටියේය වෙල්ස් කුමර පළමු ඉනිමට වඩා තවත් ලකුණු 189ක් පසුපසිනි සිටිමිනි. කෞෂිත කොඩිතුවක්කු ලකුණු 28*යි.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 232 (76.2): තරිඳු අමරසිංහ 59, විනුජ රන්පුල් 32, අශාන් ප්‍රනාන්දු 31, ඔමේෂ් මෙන්ඩිස් 28, බිනුර ප්‍රනාන්දු 24, කුෂාන් මදූෂ 6/67, සුභානු රාජපක්ෂ 2/55.

මහින්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 43/2 (16): කෞෂිත කොඩිතුවක්කු 28*.

ධනංජය සහ රාජේන්ද්‍රන්ගෙන් තුන් ඉරියව් දක්ෂතා

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු….


මාතර රාහුල විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය 

මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ධර්මරාජ විද්‍යාල නායක දුලාජ් බණ්ඩාර සිය විද්‍යාල තණතීරුව මත පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදීන්ට ආරාධනා කළේය. කෙසේ නමුත් සවස් කාලයේ ඇතිවූ අයහපත් කාලගුණික තත්වය නිසා දිනයේ නියමිත පන්දුවාර 90ම ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. 

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මරාජ විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 39ක් ලබාගෙන සිටියේ රාහුල විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 159ක් පසුපසින් සිටිමිනි. 

රාහුල විද්‍යාල පළමු ඉනිම සවිමත් කළ දකුණතින්  පිතිකරණයේ නිරත වන චමුදිත ඩිල්ශාන් ලකුණු 36ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන සහන් සිරිවර්ධන ලකුණු 45කට කඩුලු 5ක් දවා ගෙන ධර්මරාජ විද්‍යාල වෙනුවෙන් දස්කම් දක්වන ලදි.

රාහුල විද්‍යාල පළමු ඉනිම – 198 (54.4): චමුදිත ඩිල්ශාන් 36, භාග්‍ය එදිරිවීර 30, ලකිඳු චමෝද්‍ය 29, චමෝද් පුෂ්ප 25, සහන් සිරිවර්ධන 5/45, තුෂාන් හේරත් 2/36

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 39/2 (19):

පළමු දිනයට පැවැත්වූ මේ තරග සියල්ලම හෙට (8) දෙවන දිනයටත් පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<