රවිෂ්ක හා ප්‍රභාත්ගේ දස්කම් ලුම්බිණි විද්‍යාලය ඔසවා තබයි

137

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරග කිහිපයක් අද (6) පැවැත්වූ අතර ඒ තරග අතරින් කෝට්ටේ ජනාධිපති  විද්‍යාලය පරාජය කළ කොළඹ ලුම්බිණි විද්‍යාලය කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.

වර්ෂාවෙන් තරගවලට බාධා වෙද්දී පන්දු යවන්නෝ කඩුලු දඩයමක

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරගාවලියේ තරග රැසක් අද (5) ආරම්භ වෙද්දී, මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය…

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය

රවිෂ්ක විජේසිරිගේ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් B කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ බී. ආර්. සී පිටියේ දී ක්‍රියාත්මක වූ මේ තරගයෙන්  කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට ලුම්බිණි විද්‍යාලය සමත් විය.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි ලුම්බිණි විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 42ක් ලබාගෙන සිටියේය. දකුණතින් පිතිකරණයේ නිරත වන සවිඳු ප්‍රභාෂණ ලකුණු 39ක් ලබාගෙන සිය විද්‍යාලයට ලකුණු 46ක පළමු ඉනිමේ වාසියක් ලබා දීමට සමත් විය. ඊට අමතරව දුශාන් ප්‍රනාන්දු හා ප්‍රභාත් මදුසංක යන දෙදෙනාම ලකුණු 22ක් සිය විද්‍යාලය වෙනුවෙන් එකතු කළේය. කසුන් මලින්ද කඩුලු 3යි.

ජනාධිපති විද්‍යාලයීය දෙවන ඉනිම ලකුණු 76කට සීමා කළ ලුම්බිණි විද්‍යාලයේ ප්‍රභාත් මදුසංක හා වමතින් පා දඟපන්දු යවන රවිෂ්ක විජේසිරි පිළිවෙළින් කඩුලු 6ක් හා කඩුලු 4ක් දවා ගනිමින් ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම සුනුවිසුනු කළේ ලුම්බිණි විද්‍යාල පිතිකරුවන්ට ලකුණු 31ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිකර දෙමිනි. එම පහසු ඉලක්කය පන්දුවාර 3කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් දැවී සපුරා ගන්නට ලුම්බිණි විද්‍යාලය සමත් වූයේ මෙවර තරග වාරය තුල ලබාගත් පළමු ජයග්‍රහණය ද වාර්තා කරගෙනයි.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම – 67 (25.1): ඉරංග හෂාන් 16, රවිෂ්ක විජේසිරි 5/08, සිතුම් දිසානායක 2/18.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම – 113 (31.3): සවිඳු ප්‍රභාෂණ 39, දුශාන් ප්‍රනාන්දු 22, ප්‍රභාත් මදුසංක 22, කසුන් මලින්ද 3/16, ටශික නිර්මාල් 2/17, නුවන් පෙරේරා 2/25.

ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම – 76 (25): ප්‍රභාත් මදුසංක 6/25, රවිෂ්ක විජේසිරි 4/32.

ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිම – 31/3 (3.3): රවිෂ්ක විජේසිරි 19, ටශික නිර්මාල් 2/11.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලහිරු කුමාර ටෙස්ට් සංචිතයෙන් ඉවතට

හෙට (6) සිට ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර, ශ්‍රී ලංකා ක්‍රිකට්…

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

සුහද තරගයක් ලෙස පන්නිපිටිය ධර්මපාල විද්‍යාල පිටියේ පැවති මේ තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වූයේ මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි. අද දිනයට තරගය ආරම්භ කරන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහින්ද විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 5ක් ලබාගෙන සිටියේය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පැය 4ක පමණ ප්‍රමාදයකින් අනතුරුව ආරම්භ වූ මේ තරගය තුල විනුර දුල්සර හා හංසික වැලිහිඳ පිළිවෙළින් ලකුණු 61ක් හා ලකුණු 41ක් ලබාගෙන මහින්ද විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කරන ලදි. අශේන් කණ්ඩම්බි ලකුණු 26යි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ඩිල්ශාන් ද සිල්වා ලකුණු 26කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

මහින්ද විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පිටියට ආ සංචාරක ධර්මපාල ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 137ක් ලබා ගත් අතර එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිත්ත හසුරුවන සංචන ලංකා ලකුණු 44ක් ලබා ගන්නා ලදි.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 137 (66.5): සංචන ලංකා 44, චමිඳු සමරසිංහ 23, කුෂාන් මධූෂ 6/51

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 168/6 (61): විනුර දුල්සර 61, හංසික වැලිහිඳ 44, අශේන් කණ්ඩම්බි 26, ඩිල්ශාන් ද සිල්වා 3/26.

හේරත් ප්‍රමුඛ සිංහයෝ පන්දුව අතට ගනී

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (6) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය

ජය පරාජයෙන් තොරව නිමා වූ මේ තරගය ඊයේ (5) ආරම්භ වූ අතර අද උදෑසන කාලයේ ඇදහැළුණු අධික වර්ෂාපතනය නිසාත් දෙවන දිනය වෙනුවෙන් තරගය පැවැත්වීමට සුදුසු තත්වයක ක්‍රීඩා පිටිය නොතිබූ නිසාත් දෙවන දිනය තුල එක් පන්දුවක් හෝ ක්‍රියාත්මක නොකර තරගය අවසන් කිරීමට තරග සංවිධායකයින් කටයුතු කළේය.

ඊයේ දිනයේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක රාජකීය විද්‍යාලය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඔවුන්ගේ පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දුන් අතර අයහපත් කාලගුණ තත්වය නිසා තරගයේ පළමු දිනය නවතා දමන විට සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 102ක් ලබාගෙන සිටියේය. පන්දු යැවීමේ දී රාජකීය විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන මනුල පෙරේරා ලකුණු 27කට කඩුලු 2යි.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 102/4 (32.1): දුනිත් ජයතුංග 42, නුවනිඳු ප්‍රනාන්දු 32, මනුල පෙරේරා 2/27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<