මලියදේව හා ඉසිපතනය අවි මුවහත් කරගනියි

86

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සම්ප්‍රදායික තරග දෙකක් අද (30) කොළඹ පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී ආරම්භ විය.

නව මුහුණුවරකින් ශ්‍රී ලංකා පිළ කරච්චි පිටියට!

දීර්ඝ කාලයක් පුරාවට පාකිස්තානයට අහිමිව තිබූ ක්‍රිකට් වසන්තය නැවත කැඳවාලමින් ශ්‍රී ලංකා පිළ …

කොළඹ ඉසිපතන විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය 

බී. ආර්. සී. පිටියේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන විද්‍යාලයීය නායක ලෙශාන් අමරසිංහ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් තෙවිඳු දික්වැල්ල හා මන්දීප ගුණසේකර ඉනිම ආරම්භ කළේය. කෙසේ නමුත් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඔවුන් දෙදෙනා හට නොහැකි වූයේ මන්දීප් එක් ලකුණකට දැවී ගිය නිසයි.

ඉන් අනතුරුව පිටියේ එක්වූ දික්වැල්ල හා අත්දැකීම් බහුල රවිඳු රත්නායක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ඉතාමත් වැඩි වේගයක් සහිතව ඉසිපතන විද්‍යාලයීය ලකුණු සටහන වර්ධනය කරන්නට වූයේ ලුම්බිණි විද්‍යාල ක්‍රීඩකයින් දැඩි අසීරුතාවයකට ඇද දමමිනි. 

රත්නායක දර්ශනීය 4 පහර 6ක් හා දැවැන්ත 6 පහර 3ක් එල්ල කරමින් රැස්කරගත් ලකුණු 90 වාර්තා කරගැනීම සඳහා ඔහුට වැය වූයේ පන්දු 111ක් පමණි. ඉසිපතන ඉනිමට ජව සම්පන්න ආරම්භයක් ලබා දුන් දික්වැල්ල ලකුණු 48ක් ලබාගෙන සිටිය දී දැවී ගියේය.

ඉසිපතන මුල්පෙළ පිතිකරුවන් දියත් කළ වේගවත් පිතිකරණය අනුකරණය කරගැනීමට ගිය ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන් ටශික නිර්මාල්ගේ පන්දු හමුවේ  අසාර්ථක වූ නිසා ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 218කට සීමා විය. නිර්මාල් කඩුලු 5ක් දවා ගන්නා විට ඔහුට සහය වූ යසිරු යුගාත් කඩුලු 3ක් දවා ගන්නා ලදි.

ඉසිපතන පළමු ඉනිමට පිළිතුරු ලෙස සිය පිළිතුරු ඉනිම දියත් කළ ලුම්බිණි විද්‍යාල පළමු කඩුලු කිහිපය ඉතාමත් අඩු මට්ටමේ ලකුණු ප්‍රමාණයක් තුල දවා ගැනීමට ඉසිපතන ආරම්භක පන්දු යවන්නෝ සමත් වූහ. අයහපත් කාලගුණික තත්වය නිසා තරගයේ පළමු දිනය නවතා දමන විට ලුම්බිණි විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 6ක් ලබාගෙන ඉතාමත් අසීරු අඩියක සිටින ලදි. 

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 218 (51.5): රවිඳු රත්නායක 90, තෙවිඳු දික්වැල්ල 48, ලෙශාන් අමරසිංහ 32, ටශික නිර්මාල් 5/52, යසිරු යුගාත් 3/21.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 6/4 (6.3): 

අතපත්තුගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ්‍රී ලංකාව පල්ලමට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු …

කොළඹ ආනන්ද විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය 

සවස් කාලයේ වර්ෂාව නිසා පැය කිහිපයක කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ මේ තරගය කොළඹ ආනන්ද විදුහල් පිටියේ දී ආරම්භ විය. පළමු දිනය සඳහා තරගය නවතා දමන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ආනන්ද විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් ලබාගෙන සිටින ලදි.

කාසියේ වාසිය දිනා ගත් මුදිත ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් මලියදේව කණ්ඩායම ආනන්ද විද්‍යාල තණතීරුව මත පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. එම ලබාගත් තීරණය වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කළ ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 310ක් ලබාගෙන සිය ඉනිම අත්හිටවූ අතර නායකත්වයේ පිතිකරණයක නිරත වූ ප්‍රේමදාස ලකුණු 119ක් ලබා ගනිමින් මෙවර පාසල් ක්‍රිකට් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.

Photos: Ananda College vs Maliyadeva College – U19 Cricket Tournament 2019/20

ඊට අමතරව මලියදේව පළමු ඉනිම සවිමත් කළ ගයාන් වීරසිංහ හා චලුක අතපත්තු පිළිවෙළින් ලකුණු 76ක් හා ලකුණු 45*ක් වාර්තා කරගත්තේය. බ්‍රයන් කරුණානායක ලකුණු 35යි.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 310/5d (64): මුදිත ප්‍රේමදාස 119, ගයාන් වීරසිංහ 76, චලුක අතපත්තු 45*, බ්‍රයන් කරුණානායක 35*, මතීෂ වීරසිංහ 21.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 13/1 (3.3): 

මේ තරග දෙක හෙට (1) දෙවන දිනය වෙනුවෙනුත් ක්‍රියාත්මක වන අතර, ඊට අමතරව තවත් සාම්ප්‍රදායික තරග තුනක් පහත පරිදි හෙට (1) ආරම්භ වීමට නියමිතයි.

  • කොළඹ නාලන්ද විද්‍යාලය හා රාජකීය විද්‍යාලය – නාලන්ද විද්‍යාල ක්‍රීඩා පිටිය 
  • මොරටු මහා විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – මොරටු මහා විද්‍යාල ක්‍රීඩා පිටිය
  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය – ධර්මපාල විද්‍යාල ක්‍රීඩා පිටිය

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<