තරිඳු අමරසිංහ හා කෞමාල් මොරටුව හොල්ලයි

275

අනාගතයේ ලොව දිනන පාසල් ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය අතර අද (2) ආරම්භ විය.

ලෝක අනුශූරයින් මෙල්ල කරන ශ්‍රී ලංකා යොවුන් සංචිතය මෙන්න

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ලෝක අනුශූර ඕස්ට්‍රේලියානු 19න් පහළ ක්‍රිකට්..

මොරටුව දී පැවැත්වෙන මේ සුහද ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 74ක් පමණි.

කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමාර විද්‍යාල නායක සුවත් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක්  දැවී ලකුණු 297ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන ලදි.

Photos: Prince of Wales College vs Isipathana College – U19 Cricket Tournament 2018/19

එහි දී වේල්ස් කුමාර විද්‍යාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තරිඳු අමරසිංහ හා දේවක පීරිස් පිළිවෙළින් ශතකයක් හා අර්ධ ශතකයක් ලබාගත් අතර ඒ අතරින් කැපී පෙනෙන පිතිකරණයක නිරත වූ තරිඳු අමරසිංහ 4 පහර 8ක් හා 6 පහර 2ක් සිය ලකුණු සටහනට එකතු කරමින් අගනා ලකුණු 155ක් රැස්කර ගත්තේය. වේල්ස් කුමාර විද්‍යාලයේ මැදපෙළ පිතිකරුවෙක් වන දේවක ලකුණු 67යි.

පන්දු යැවීමේ දී දඟපන්දු යවන්නෙකු වන සිතුක ගුණවර්ධන හා නායක මදුෂික සඳරුවන් ඉසිපතන විද්‍යාල පිළ වෙනුවෙන් කඩුලු 3 බැගින් දවා ගනු ලැබුවේය.

Photos: Prince of Wales College vs Isipathana College – U19 Cricket Tournament 2018/19

ලකුණු 74කට ඉසිපතන පළමු ඉනිමට තිත තැබූ වේල්ස් කුමර විද්‍යාලයේ කෞමාල් නානායක්කාර ඇතුළු ක්‍රීඩකයින් නැවත වතාවක් පන්දුවට පහර දීමට ඉසිපතන විද්‍යාලයට ආරාධනා කළේය. ඒ නිසාවෙන් හෙට (3) දෙවන දියටත් පැවැත්වෙන මේ තරගයේ දී ඉනිමක පරාජයෙන් ගැලවීමට ඉසිපතන විද්‍යාලය සිය දෙවන ඉනිමට අවම වශයෙන් ලකුණු 223 ලබාගත යුතු නිසා මේ වන විට තරගයේ වැඩි වාසිය තිබෙන්නේ සත්කාරක වේල්ස් කුමර විද්‍යාලය සතුවයි.

වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිම – 297/7d (71.2): තරිඳු අමරසිංහ 155, දේවක පීරිස් 67, ප්‍රින්ස් ප්‍රනාන්දු 30, සිතුක ගුණවර්ධන 3/66, මදුෂික සඳරුවන් 3/74.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 74/10 (23): අශේන් ගුණවර්ධන 20,  කෞමාල් නානායක්කාර 5/03, නදුක ප්‍රනාන්දු 2/14.

ඉසිපතන විද්‍යාල දෙවන  ඉනිම (පළමු දිනය අවසානයේ) – 0/0 (2):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<