සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හමුවේ රාජකීයයන් තිගැස්සෙයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

112

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (29) දින අවසන් වූ අතර තවත් තරග කිහිපයක් ආරම්භ විය. 

2016ට පසුව ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශයට!

2020 වසර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් කාර්‍ය බහුල තරග කාලසටහනක් තිබෙන වසරක. එය…

දෙවන දිනයට පැවති තරගය 

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 

ඉතාමත් තියුණු තරගයක් වූ මෙම තරගයේ සිව්වන ඉනිමේ දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹා යාමට අවස්ථාව උදාවිය. කෙසේ නමුත් ඔවුන්ගේ ජයග්‍රහණයට තවත් ලකුණු 3 ක් පමණක් ලබා ගැනීමට තිබිය දී තරගයේ නියමිත කාල වේලාව අවසන් වීම නිසා තරගය නවතා දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය. ඒ නිසාවෙන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට පළමු ඉනිමේ ජයකින් පමණක් සෑහීමකට පත් වීමට සිදුවිය. 

සාන්ත බෙනඩික්ට් ක්‍රිකට් පිටියේ දී පැවති A කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. 

ඒ අනුව පළමුව පිතිකරණයේ නිරත වූ රාජකීයයන් පන්දුවාර 46 යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 109 ක් පමණි. රාජකීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස කවිඳු චතුරංග ලකුණු 64 ක් රැස්කර ගත් අතර පන්දු යැවීමේ දී අකිඳු කරුණාරත්න සහ ඔනිල පතිරණ කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය. 

තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 9 ක් දැවී ලකුණු 122 ක් රැස්කර ගෙන සිටි අතර දෙවන දිනයේ ක්‍රියාත්මක වූ පළමු පන්දු 10 තුළම ඔවුන්ගේ අවසන් කඩුල්ල දවා ගැනීමට ප්‍රශාන් කල්හාර සමත් විය. 

ලකුණු 13 ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි රාජකීය විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබා ගන්නා ලදි. ඒ සඳහා සවිමත් අඩිතාලමක් සකස් කළ තිතිර වීරසිංහ ලකුණු 71 ක් රැස්කර ගත්තේය. අවසානයේ සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 204 ක් රැස්කර ගත් රාජකීය විද්‍යාලය, සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ලකුණු 192 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමින් පන්දු යැවීමට තීරණය කළහ. නමුත් එම අභියෝගයට සාර්ථක ලෙස පිළිතුරු සැපයීමට බෙනඩික්ට් ක්‍රීඩකයෝ සමත් වූහ. 

එහිදී සුපිරි පිතිකරණයක නිරත වෙමින් පළමු කඩුල්ල සඳහා විශිෂ්ට සබඳතාවයක් නිර්මාණය කළ සනෝජ් පෙරේරා (ලකුණු 78*) සහ විහඟ රුවනාර (ලකුණු 70) එවැනි මට්ටමකට තරගය උණුසුම් කළ පිතිකරුවන් දෙදෙනා බවට පත්විය. තේනුක නන්දලාල් ලකුණු 28* යි. 

රාජකීය විද්‍යාලය : 109 (46.1) කවිඳු චතුරංග 64, අකිඳු කරුණාරත්න 3/36, ඔනිල පතිරණ 3/34, විහඟ රුවනාර 2/05. සහ 204/8d (43.4) තිතිර වීරසිංහ 71, ඉසිවර දිසානායක 34, තෙවිඳු සේනාරත්න 26, ලහිරු මධුසංක 20*, අකිඳු කරුණාරත්න 3/35, ඕනිල පතිරණ 3/66.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය : 122 (48.4) තේනුක නන්දලාල් 27, සනෝජ් පෙරේරා 27, ප්‍රශාන් කල්හාර 5/37, ගිශාන් බාලසූරිය 3/29. සහ 189/1 (46) සනෝජ් පෙරේරා 78*, විහඟ රුවනාර 70, තේනුක නන්දලාල් 28*. 

ඕස්ට්‍රේලියාවේ ගිම්හාන වීරයා – මාර්නස් ලබුශේන්

මෙවර අළුබඳුන තරගාවලියේ දෙවන තරගය පැවැත්වුනේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දීයි. එම තරගයේ පස්වැනි…

පළමු දිනයට පැවති තරග

ධර්මාශෝක විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය 

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සත්කාරක ධර්මාශෝක විද්‍යාලය යි. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක වේ. 

ධර්මාශෝක විද්‍යාලය : 278/8 d (85.4) ලොහාන් ද සොයිසා 150*, හසිත රාජපක්ෂ 45, සසිඳු මල්ශාන් 21, එරන් හංසමාල් 2/43, විශ්ව දිදුලන 2/90. 

මොරටු මහා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 5/0 (0.3) 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය 

සාන්ත ආනා විද්‍යාල ක්‍රිකට් පිටියේ දී පැවති B කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස්  ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 

සාන්ත තෝමස් විද්‍යාලය : 252 (46.2) උමයංග සුවාරිස් 122*, මනීෂ රූපසිංහ 43, යසිරු රොද්‍රිගෝ 40, පසිඳු තෙන්නකෝන් 5/73, රිෂිත පෙරේරා 2/11, මනාන් මුසම්මිල් 2/56. 

සාන්ත ආනා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 30/2 (14) යසිරු රොද්‍රිගෝ  2/03. 

නාලන්දාවට දැවැන්ත ජයක් හිමි වන විට මහානාමයට කාලය හරස් වෙයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු…

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය 

සාන්ත අන්තෝනි විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවති C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් පළමු පන්දුවට පහර දීමට තීරණය කළේය. 

සාන්ත අන්තෝනි විද්‍යාලය : 119 (32) අවිශ්ක තරිඳු 32, රොමේෂ් සුරංග 22*, දමින්ද සංකල්ප 5/34, කේෂර නුවන්ත 3/17.

සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 142/7 (63) කේෂර නුවන්ත 45, පුෂ්පිත ඩිල්ශාන් 30, දිනුජ නිලන්දූව 25, කවීෂ දුලංජන 6/40. 

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (30) දෙවන දිනයටත් පැවැත්වේ. 

පාසල් ක්‍රිකට් පිටියේ වසන්තය නැවතත් ඔබ ඉදිරියට ගෙන එමින් මෙවර අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය තුල සජීව ලෙස විකාශනය කරනු ලබන පළමු තරගය ලෙස ඉසිපතන විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර හෙට (30) සහ අනිද්දා (31) යන දෙදින තුල පැවැත්වෙන තරගය විකාශනය කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<