ලකුණු පසුපස හඹායන සන්තුෂ්ගෙන් තවත් ශතකයක්

695

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දස්කම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් තැනී තිබෙන වේදිකාවක් වන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (11) පළමු දිනයට ක්‍රියාත්මක විය.

>>ජෝසප් වාස් විද්‍යාලයේ ඉනිම ගොඩනැගුමට මනුෂ්ක හරස් වෙයි

සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 333 දී අත්හිටුවීමට තීරණය කරන ලදි.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිත්ත හසුරුවන සන්තුෂ් ගුණතිලක ලකුණු 123ක් ලබා ගත් අතර අනෙක් අන්තයෙන් ඔහුට සහාය වූ නායක රන්මිත් ජයසේන 88යි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක කලන සංදීප ලකුණු 57කට කඩුලු 2ක් දවා ගත්තේය.

තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 21ක් ලබාගෙන සිටියේ සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 312ක් පසුපසිනි සිටිමිනි.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 333/5d (84): සන්තුෂ් ගුණතිලක 123,  රන්මිත් ජයසේන 88, බානුක ද සිල්වා 41, දිනිත් අංජුල  23, කලන සංදීප 2/57.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 21/3 (11):

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

මලියදේව විදුහල් පිටියේ දී පැවැත්වෙන A කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනූ මලියදේව විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 291ක් ලබා ගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි.

මෙම ලිපියේ දෙවන කොටසට පිවිසෙන්න

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිත්ත හැසිර වූ ශෙහාන් ප්‍රනාන්දු හතරේ පහර 6ක් සමඟින් ලකුණු 123ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය පළමු ඉනිම ගොඩනැංවීමට දායක වූ බ්‍රයන් ඔශ්වින් ලකුණු 44ක් ලබාගෙන සිය විද්‍යාලයේ පළමු ඉනිම ඔසවා තබන ලදි. පන්දු යැවීමේ දී දඟපන්දු යැවූ විදත් බටපොල ලකුණු 68කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මලියදේව විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට තම පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 37ක් ලබාගෙන සිටියේ සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව තවත් ලකුණු 254ක් පසුපසින් සිටිමිනි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම – 291/9d (83): ශෙහාන් ප්‍රනාන්දු 123, බ්‍රයන් ඔශ්වින් 44, මලින්ද පෙරේරා 22*, විදත් බටපොල 4/68.

මලියදේව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 37/1 (10):

>>වයසට නොයන නවසීලන්ත ලකුණු මැෂිම තවත් වාර්තා බිහි කරයි

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ධර්මපාල විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව උදාකරගත් අතර එහි දී දුලාජ් පෙරේරා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 67ක් ලබාගෙනයි.

>>Photos: St. Peter’s College v St. Sebastian’s College | Singer U19 Cricket Tournament 2018/19

ධර්මපාල  විද්‍යාලය ලබාගත් ලකුණු 200ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ සාන්ත ආනා විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 71ක් ලබාගෙන සිටියේය. කවිඳු රණසිංහ  ලකුණු 32යි.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 200 (57.5): දුලාජ් පෙරේරා 67, පසිඳු තෙන්නකෝන් 4/33.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 71/3 (27): කවිඳු රණසිංහ 31.

>>රොහාන් සංජය තරගය කණපිට හරවයි

නාලන්දා විද්‍යාලය හා ඩි. එස්. සේනානායක විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක නාලන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔවුන් සියල්ලන්ම දැවී ලකුණු 309ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටියේය. එහි දී ලක්ෂිත රසාංජන හා මෝක්ෂ සංකල්ප යන දෙදෙනා පිළිවෙළින් ශතකයක් හා අර්ධ ශතකයක් ලබාගන්නා ලදි. ඩී. එස්. සේනානායක විද්‍යාලයේ මුදිත ලක්ෂාන් කඩුලු 3යි.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම  (පළමු දිනය අවසානයේ) – 309 (98.3): ලක්ෂිත රසාංජන 141, මෝක්ෂ සංකල්ප 55, මහීම වීරකෝන් 36, මුදිත ලක්ෂාන් 3/83, චමත් යටවර 2/98.

පළමු දිනයට පැවැත්වූ මේ තරග සියල්ලම හෙට (12) දෙවන දිනයටත් පැවැත්වෙන අතර ඒ තරග අතරින් සාන්ත ජෝසප් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අතර තරගය හා සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වෙන තරග සජීවීව ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<< 

>>මෙම ලිපියේ දෙවන කොටසට පිවිසෙන්න<<