ගල්කිස්ස තෝමසුවෝ, රිච්මන්ඩ්වරුන් හමුවීමට ගාල්ලට එයි

292

නිමා වූ ආසන්නතම වසර දෙකේ දී වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් ශූරතාවේ හිමිකම් කියන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය තෙවැනි වතාවටත් එම ශූරතාව දිනා ගැනීමේ අටියෙන් අප්‍රේල් මස 9 වැනිදා (හෙට) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ගල්කිස්ස සාන්ත තෝමසුවන්ට එරෙහිව සටනට පිවිසීමට නියමිත ය.

කොළඹට තිබූ අවසන් බලාපොරොත්තුවත් ගල්කිස්ස තෝමසුවන් උඳුරා ගනී

ක්‍රිශාන් මුණසිංහ සහ ශලින් ද මෙල්ගේ දක්ෂ පිතිකරණය සහ කළණ පෙරේරාගේ විශිෂ්ට පන්දු…

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය සඳහා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සුදුසුකම් ලබා ගන්නේ දෙදින තරගාවලියේ ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිද්දී ය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමේ සාමාජික තවීෂ අභිෂේක් රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවනු ලබන අතර සාන්ත තෝමස් විද්‍යාලය සිතාර හපුහින්න විසින් මෙහෙයවනු ලැබේ.

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමේ උප නායකත්වයේ වගකීම ආදිත්‍ය සිරිවර්ධන වෙත පැවරී තිබෙන අතර සඳුන් මෙන්ඩිස්, දිලුම් සුධීර සහ විනුජ කිරිඇල්ල වැනි වඩාත් පළපුරුදු සහ දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ව මෙම අවසන් මහා තරගයට සහභාගී වීමට නියමිත ය.

ඔවුන් නිමා වූ තරගාවලියේ පෙර තරගවල දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්හ.

සාන්ත තෝමස් විද්‍යාලයීය උපනායකයා ලෙස ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා කටයුතු කරන අතර ඩෙලොන් පීරිස්, ශලින් ද මෙල්, කිශාන් මුණසිංහ, උමයංග සුවාරිස් වැනි වඩාත් දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ය.

ඔවුන් මෙම තරගාවලියේ පෙර තරගවල දී කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්හ.

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම; තවීෂ අභිෂේක් (නායක)” ආදිත්‍ය සිරිවර්ධන (උපනායක), සඳුන් මෙන්ඩිස්, දිලුම් සුධීර, සම්මු විමුද්, අම්ෂි ද සිල්වා, භානුක මනෝහර, විනුජ කිරිඇල්ල, දිමුත් සඳරුවන්, නිම්නාද කිරින්දගේ, චමත් දිල්සර, කල්ප නෙත්සර, කවිඳු නිර්මාණ, අචින්ත ඉෂිවර. සනුල් සංදීප

නිලධාරීන්; ධම්මික සුදර්ශන මහතා (ප්‍රධාන පුහුණුකරු) ලක්මාල් ද සිල්වා මහතා (සහාය පුහුණුකරු) අජන්ත කුමාර මහතා (සහාය පුහුණුකරු) එස්. ආර්. නානායක්කාර (ක්‍රිකට් භාර ආචාර්ය)

සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම; සිතාර හපුහින්න (නායක), කළණ පෙරේරා (උපනායක), ඩෙලොන් පීරිස්, ශලින් ද මෙල්, රයන් ප්‍රනාන්දු ඩියොන් ප්‍රනාන්දු, කිශාන් මුණසිංහ, උමයංග සුවාරිස්, රවිඳු ද සිල්වා, තෙවින් ඊරියගම, මනීෂ රූපසිංහ, දිල්මින් රත්නායක, මොහොමඩ් ඉෂාක්, යොහාන් පෙරේරා, ෂෙමාල් සමරවික්‍රම, ටෙහාන් ෂාප්ටර්, ෂැනොන් ප්‍රනාන්දු, ශමිල්ක වික්‍රමනායක

නිලධාරීන්; දිනේෂ් කුමාරසිංහ (ප්‍රධාන පුහුණුකරු) ඩිල්ශාන් මෙන්ඩිස් (සහාය පුහුණුකරු) එස්. නේසසීලන් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

නිමා වූ පාසල් මහා ක්‍රිකට් තරගවල දී ද දෙවිදුහල් හී ක්‍රීඩකයෝ පෑ දක්ෂතා ඉතා ඉහළින්ම පැවති බැවින් මෙම තරගය වඩාත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වේ. ඒ බලාපොරොත්තුව සමගින් ThePapare.com ද ඔවුන් සමඟ රැඳී සිටින අතර තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට එක්වන්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<