සාන්ත ජෝසප් කණ්ඩායම දඬුවම් පහරවලින් ජය ලබයි

466
st Joseph vs Hameed Al husseinie

19න් පහල පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු තරඟාවලියේ අවසන් පූර්ව තරඟ ද්විත්වයක් අද (19) මොරගස්මුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහි දෙවන තරඟය හමීඩ් අල් හුසෙයිනි විදුහලට එරෙහිව ගෝල 4-3ක් ලෙස දඬුවම් පහරවලින් ජයගත්තේ මරදාන සාන්ත ජෝසප් විදුහලයි.

අවු. 19න් පහළ 1 කාණ්ඩයේ අවසන් පූර්ව තරඟයට පෙර විමසුම

ගියවර ශූරතාව දරා සිටින මාරිස්ටෙලා විද්‍යාලය හා පසුගිය වර අනුශූරයන් වූ හමීඩ් අල් හුසේන් විද්‍යාලයම මෙවරද අවසන් මහා තරඟයේදී දහසක් දෙනාගේ බලාපොරොත්තු ඉටු කරමින් තරඟ වැදීමට අවස්තාව තිබුනද, අවසන් මහා තරඟයට පෙරාතුව මේ කණ්ඩායම් දෙකම අවසන් පූර්ව තරඟ වලදී පිළිවලින් සිරිකුරුස විද්‍යාලය හා ශා.ජෝශප් විද්‍යාලය සමඟ තරඟ වැදිය යුතුය.

ඒ අනුව තරඟාවලියේ අවසන් තරඟයේදී, ප්‍රථම අවසන් පූර්ව තරඟය ජයගත් කළුතර සිරිකුරුස විදුහලේ ප්‍රතිවාදීන් බවට පත්වූයේ මරදාන සාන්ත ජෝසප් විදුහල් කණ්ඩායමයි. සම්පූර්ණ තරඟ කාලය තුළදී ගෝල වාර්තා කිරීමට දෙපිලම අපොහොසත් වූ නිසාවෙන් තරඟයේ තීරණය ලබා ගන්නට සිදුවූයේ දඬුවම් පහර වලිනි.

තරඟයේ මුල් අර්ධයේදී දෙපිලම සම සමව එකිනෙකාට අභියෝග කරන්නට විය. 13 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරන්නට තිබූ අනඟි අවස්ථාවක් සාන්ත ජෝසප් විදුහල අතින් ගිලිහිණි.

19 වන මිනිත්තුවේදී සාන්ත ජෝසප් ගෝල සීමාව ආසන්නයේදීම ලද නිදහස් පහරකින් ගෝලයක් වාර්තා කරන්නට අල් හුසෙයිනි ක්‍රීඩකයන් උත්සාහ දැරූ නමුත්, එය ව්‍යර්ථ විය.

තරඟයේ 25 වන මිනිත්තුව වන විට හුසෙයිනි ක්‍රීඩකයන්ගෙන් එල්ල වූ පහරක් සාර්ථකව ග්‍රහණය කරගන්නට ජෝසප් විදුහලේ ගෝල රකින්නා අසමත් වූ නමුත්, ඉන් නිසි ඵල ලැබීමට හුසෙයිනි ක්‍රීඩකයන්ට නොහැකි විය. ඉන් අනතුරුව දැඩි ආක්‍රමණයක් දියත් කළත් ජෝසප් ක්‍රීඩකයන්ටද ගෝල රැස්කිරීමට නොහැකි විය.

ප්‍රථම අර්ධය – හමීඩ් අල් හුසෙයිනි විදුහල 0-0 සාන්ත ජෝසප් විදුහල

දෙවන අර්ධය මුල සිටම ජෝසප් විද්‍යාලීය අර්ධය ආක්‍රමණය කරන්නට හුසෙයිනි ක්‍රීඩකයන් දැඩි වෙහෙසක් ගත් නමුත්, ජෝසප් විද්‍යාලීය ආරක්ෂකයන් ඉතා හොඳින් තම කාර්යය ඉටු කළේය. තරඟයේ 52 වන මිනිත්තුවේදී ජෝසප් ක්‍රීඩකයෙකු ගෝලය වෙත එල්ල කළ පහරක් නවතන්නට හුසෙයිනි ගෝල රකින්නාට සහය වූයේ ගෝලයේ හරස් දණ්ඩයි.

57 වන මිනිත්තුවේදී හුසෙයිනි ගෝල රකින්නාත්, ජෝසප් පෙර පෙල ක්‍රීඩකයෙකුත්, හුසෙයිනි ගෝලය මත තනිවූ අවස්ථාවකදී පහසුවෙන් ගෝලයක් වාර්තා කරන්නට තිබුණු අවස්ථාව ජෝසප් විද්‍යාලීය ක්‍රීඩකයාගේ පාදයෙන් ගිලිහී ගියේය.

ඉන් අනතුරුව දිස්වූයේ දෙපිල ගැනම විශේෂ යමක් සඳහන් කරන්නට බැරි තරමේ දෙවන අර්ධයකි.

තරඟ කාලය අවසන් වන තෙක්ම දෙපිලෙන් ගෝල වාර්තා නොවූ බැවින් දඬුවම් පහර කරා යෑමට විනිසුරු තීරණය කළේය.

ප්‍රථම දඬුවම් පහර ලබා ගත් හුසෙයිනි කණ්ඩායම සාර්ථක විය. එය ගෝල රකින්නාගේ දකුණු පසින් ගෝලය තුළට යැවිණි. (1-0)

ප්‍රථම දඬුවම් පහර සාර්ථක කරගත් ජෝසප් ක්‍රීඩකයන්ද තම අභියෝගය හුසෙයිනි ක්‍රීඩකයන් වෙත එල්ල කළේය. (1-1)

දෙවන දඬුවම් සාර්ථක කරගත් හුසෙයිනි කණ්ඩායම තරඟය අත්හරින්නට සූදානම් නොවීය. (2-1)

ජෝසප් ක්‍රීඩකයන්ද දෙවන දඬුවම් පහරේදී සාර්ථක විය. (2-2)

තෙවන දඬුවම් පහරත් සාර්ථක කරගන්නට හුසෙයිනි සහ ජෝසප් විද්‍යාලීය ක්‍රීඩකයන් ද්විත්වය සමත් විය. (3-3)

නමුත් වෙනස සිදුවූයේ ඉන් පසුවය. මීළඟ පහරේදී හුසෙයිනි කණ්ඩායමේ ක්‍රීඩකයා පහර එල්ල කළේ ගෝලයෙන් පිටතටය. (3-3)

මීළඟ දඬුවම් පහර සාර්ථක කරගන්නට සමත් වූ සාන්ත ජෝසප් කණ්ඩායම (4-3)ක් ලෙස ඉදිරිය ලබා ගත්තේය.

තීරණාත්මක අවසන් දඬුවම් පහර හිමිවූ අල් හුසෙයිනි විද්‍යාලය එය සාර්ථක කරගන්නට අසමත් වීමත් සමඟින් තරඟයේ ජය ලබන්නට සාන්ත ජෝසප් කණ්ඩායමට හැකිවිය. (4-3)

ඒ අනුව තරඟාවලියේ අවසන් තරඟය සඳහා මරදාන සාන්ත ජෝසප් විදුහලත්, කළුතර සිරිකුරුස විදුහලත් අද (19) සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

තරගාවලියේ අවසන් මහා තරගය එලඹෙන 21 වැනිදා මොරගස්මුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. තරගය සජීවීව නරඹන්නට ThePapare.com සමඟින් රැදීසිටින්න.

දඬුවම් පහර එල්ල කළ ක්‍රීඩකයන්

හමීඩ් අල් හුසෙයිනි විදුහල –  මොහොමඩ් සාජිඩ්, අමාන් ෆයිසර්, මොහොමඩ් ෆාසිල්, මොහොමඩ් රිශාන් (අසාර්ථකයි), සඳරු නිශාඩ්.(අසාර්ථකයි)

සාන්ත ජෝසප් විදුහල – නිමේෂ් සාලින්ද, සචින්ත මධුරංග, අසේල මධුශාන්, චමත් රශ්මිත

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට