ආසියානු කලාපයේ යොවුන් ශූරයන් කවුරුන් ද යන්න තේරීම වෙනුවෙන් හත්වැනි වරටත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් බංග්ලාදේශයේ පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 144ක දැවැන්ත ජයක් වාර්තා කළ අසල්වැසී ඉන්දියානු යොවුන් කණ්ඩායම 6 වැනි වතාවටත් ආසියානු යොවුන් ශූරයින් ලෙස අද (07) කිරුළ පැළඳීය.
මෙතෙක් කලක් යොවුන් ආසියානු ක්‍රිකට් ශූරතා ජයග්‍රහණයක පහස විඳ නැති ශ්‍රී ලංකාව එහි ආසන්නයට පැමිණිය ද, තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන ලද දුර්වලතාව හේතුවෙන් තවදුරටත් කුසලාන ජයග්‍රහණ සිහිනයක් බවටම පත්විය.
ආසියානු යොවුන් ශූරයන් පරදා ශ්‍රී ලංකාව අවසන් සටනට
බංග්ලාදේශයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග අවස්ථාව උදා කර ගැනීම වෙනුවෙන් පැවති තීරණාත්මක දෙවැනි අවසන්…
අවසන් මහා තරගයක දී ශ්‍රී ලංකාවට, ඉන්දියාව මුණ ගැසුණු සිව්වැනි අවස්ථාව වශයෙන් සටහන් වුණු මෙම තරගයේ දී ද ජයග්‍රහණය සඳහා ලකුණු 305ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට හාර්ෂි ත්‍යාගි ප්‍රමුඛ ඉන්දීය පන්දු යැවීමේ බලපරාක්‍රමය හමුවේ පන්දු 38කුත් පන්දු 4ක දී ලකුණු 160ක දී නිමාවට පත්වූයේ ලකුණු 160ක් ලකුණු පුවරුවේ සටහන්ව තිබිය දී ය. මෙවර තරගාවලියේ දී කැපී පෙනෙන ජයග්‍රහණ කීපයක්ම වාර්තා කරමින් ශ්‍රී ලංකා පිල අපරාජිතව අවසන් මහ තරග වරම උදා කරගත්ත ද එම තරගයේ දී දිනයේ වැඩි දක්ෂතා ඉන්දීය පිල දැක්වීම නිසා ශ්‍රී ලංකාවට ඉතිරි වූයේ දොම්නස පමණි.
දෙවැනියට පන්දු යැවීමේ දී ශ්රේ බංග්ලා තණතීරුවෙන් ලැබෙන සහයෝගය පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කළ ඉන්දීය නායක සිම්රන් සිංහ, තරගයේ තීරණාත්මක සාධකයක් වන කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. බලාපොරොත්තු සඵල කරමින් පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට යෂස්වි ජයිස්වාල් සහ අනූජ් රාවත් සමත් වූහ.
මොවුන් දෙදෙනා විසින් පන්දු 151ක දී ලකුණු 121ක් රැස් කරමින් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඉන්දීය පිළට අවශ්‍ය අඩිතාලම එක් කළහ. එහි දී ජයිස්වාල් වඩා තරමක ප්‍රවේගකාරී වූ රාවට් පන්දු 79ක දී ලකුණු 57ක් ලබා ඉන්දීය ඉනිමේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්විය. දුලිත් වෙල්ලාලගේ ගොදුරක් බවට පත්වෙමින් රාවට් ඉවත් වන විට තම ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහර 4කින් අලංකාර කරගෙන තිබිණ.
මෙන්ඩිස් සහ මධුශංකට ‘බෝනස්’ චාන්ස් එකක්
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ සාමාජිකයින්ට අමතරව අතිරේක ක්‍රීඩකයින්…
මෙවර තරගාවලිය යටතේ වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකරුවන් යුගලය බවට පත්ව සිටින ජයිස්වාල් සහ දෙව්දත් පඩිකාල් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සම්බන්ධතාවක් ගොඩනැගුවත්, කලන පෙරේරා එම සම්බන්ධතාවේ හරහට විය. තරගාවලිය පුරාම සාර්ථක පිතිහරඹයක නියැළුණු ජයිස්වාල් මෙම තරගයේ දී ද සාර්ථක වෙමින් හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමඟින් පන්දු 113ක දී ලකුණු 85ක් රැස්කළේ ඉන්දීය ඉනිමේ වැඩි බරක් කරට ගනිමිනි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වූ ජයිස්වාල් මෙම තරගාවලිය යටතේ සහභාගි වූ තරග 4 දී රැස් කරන ලද මුලු ලකුණු සංඛ්‍යාව 318කි.
ජයිස්වාල්ගේ දැවී යෑමෙන් ලකුණු 14ක් ලකුණු පුවරුවට එක්කාසු වන විට පඩිකාල් ද (31) කල්හාර සේනාරත්නගේ පන්දුවකට දැවී යෑම ශ්‍රී ලංකාවට කිසියම් සහනයක් ගෙන දෙන්නක් වුවත්, අනතුරුව මැදට එක්වූ නායක සිම්රන් සිංහ සහ ආයුෂ් බඩෝනි වේගවත් සම්බන්ධතාවක නිරත වෙමින් ඉන්දීය ඉනිම ලකුණු 300 ඔබ්බට රැගෙන ගියහ. මොවුන් දෙදෙනාගේ සිව්වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව පන්දු 54ක දී ලකුණු 110ක් වුණු අතර එහි දී සිං හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟින් පන්දු 37ක දී ලකුණු 65ක් ද, බඩොනි හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමඟින් පන්දු 28ක දී ලකුණු 52ක් ද වශයෙන් දායක වූහ.
පන්දු යැවීම අංශය අතින් බැලූ විට ඉන්දීය පිතිකරණය හමුවේ සැලකිය හැකි දක්ෂතා දැක්වීමට එකම ශ්‍රී ලංකා පන්දු යවන්නකු හෝ අසමත් විය. කලන පෙරේරා, දුලිත් වෙල්ලාලගේ සහ කල්හාර සේනාරත්න එක් කඩුල්ල බැගින් බිඳ හෙලූ නමුත් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වූ ශෂික දුල්ෂාන්ගේ පන්දුවාර 8 දී ලකුණු 57 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදීහු සමත් වූහ.
ලකුණු 305ක අසීරු ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි නායක නිපුන් ධනංජය සහ නිශාන් මධුෂ්කගේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව 20ක දී සීමා කිරීමට ආරම්භක පන්දු යැවූ ජග්‍රා සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ නායක නිපුන් ධනංජය වන අතර හෙතෙම ලකුණු 12කට පිටියෙන් ඉවත් විය.
මෙම තරගාවලිය පුරාම නොතිබුණු ස්ථාවර පිතිකරණ ලැයිස්තුව මෙම තරගයට පොදු වූයේ අවසන් පූර්ව තරගයේ අංක 7 ස්ථානයෙන් පන්දුවට පහර දුන් නිපුන් මෙම තරගයේ ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පිවිසීමය. නිපුන්ගේ දැවී යෑමෙන් පිටියට පිවිසි පසිඳු සූරියබණ්ඩාර මධුෂ්ක සමඟ එක් වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 46ක් එක් කරන ලද අතර එය ඉනිමේ හොඳම කඩුලු සම්බන්ධතාව ලෙසින් වාර්තා විය.
ශ්‍රී ලංකා ඉනිමේ සුනුවිසුනු කරන ලද පන්දු යවන්නා වූ හාර්ෂ් ත්‍යාගිගේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 31ක් ලබා සිටි පසිඳු පිටියෙන් ඉවත් වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ඇරඹිණි. ඉන් අනතුරුව එකා පිටුපස එකා ක්‍රීඩාගාරය වෙත ගියා හැරෙන්නට ලකුණු 10 සීමාව ඉක්මවීමට සමත් වූ එකම පිතිකරුවා බවට පත්වූයේ නවෝද් පරණවිතාන පමණි.
අනෙක් අන්තයේ සගයන් ත්‍යාගියේ ගොදුරු වෙමින් ක්‍රීඩාගාරය වෙත පියමනිද්දී තම අන්තය ආරක්ෂා කර ගත් පරණවිතාන ලකුණු 48ක් රැස් කරගත්තේය. පන්දු 61ක දී වාර්තා වුණු එම ලකුණු සංඛ්‍යාව රැස් කිරීම සඳහා හෙතෙම හතරේ පහර 2 ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුළත් කර තිබුණි.
වසර 3ක පරාජිත ගමන එංගලන්ත තරගාවලියේදීවත් නවතියි ද?
දෙදහස් පහළොව වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ගෙවී ගිය කාල සීමාවේ දී මව්බිමේ දී සහභාගි වුණු තරගාවලි දෙස අවධානය යොමු කිරීමේ දී ටෙස්ට් අංශයෙන්…
මෙම තරගයේ දී එල්ල කරන ලද හයේ පහරවල සමස්තයක් ගෙන බැලීමේ දී ඉන්දියාවෙන් හයේ පහර 14ක් එල්ල වද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් එල්ල කර තිබුණේ හයේ පහර 4ක් පමණි. පන්දු යැවීමෙන් කැපී පෙනුණු හාර්සි ත්‍යාගි ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවන් 6 දෙනෙක්ම ගිලගෙන තිබුණේ ලකුණු 38ක් පමණක් ලබා දෙමිනි. ඔහුට අනගි සායක් ලබා දුන් සිද්ධාර්ත් ඩේසායි ලකුණු 37 කට කඩුලු 2 ක් බිඳ හෙළිය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















