15න් පහල අර්ධ අවසන් පූර්ව තරග උණුසුම

312
U15 School Cricket

අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කාණ්ඩයේ දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙකක් අද ආරම්භ විය. කොළඹ පාසල් දෙකක් මොරටුව ප්‍රදේශයේ පාසල් දෙකක් සමගින් තරග වදින අතර පළමු දිනයේ වැඩිම දස්කම් ප්‍රකට කළේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයයි.

පසුගිය ලිපි: අවසන් අසුන සෙබස්තියන් විද්‍යාලයට

කොළඹ මහානාම විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර තරගය පැවැත්වෙන්නේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩාංගනයේදීයි. මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් මහානාම විද්‍යාලය පන්දු යැවීම තෝරා ගන්නා ලදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශා. සෙබස්තියන් කණ්ඩායම අගනා ලකුණු 265ක් රැස් කරන්නට සමත් විය.

ශා. සෙබස්තියන් ඉනිමට ප්‍රධාන දායකත්වය සැපයු නදීර ප්‍රනාන්දු විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් ශතකයක් ලබා ගැනීමට සමත් විය. ඔහු රැස් කල ලකුණු සංඛ්‍යාව 103ක්. නදීරට අනගි සහයක් ලබා දුන් ශනෙල් ප්‍රනාන්දු ලකුණු 56ක් රැස් කරන ලදී. ඊට අමතරව ජනිෂ්ක පෙරේරා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 39ක්. පන්දු යැවීමේදී පවන් ෂෙනාල් කඩුලු 3ක් සහ නෙත්මිණ රණසිංහ කඩුලු 2ක් බිඳ හෙලන්නට සමත් විය.

පිළිතුරු ඉනිම ආරම්භ කල කොළඹ මහානාම විද්‍යාල කණ්ඩායම අද දිනයට තරගය නතර කරන විට පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 65ක් ලබා සිටින ලදී.

  ලකුණු පුවරුව  

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල

පළමු ඉනිම – සියල්ලන් දැවී –  265 (72.2) – නදීර ප්‍රනාන්දු – 103, ශනෙල් ප්‍රනාන්දු – 56, ජනිෂ්ක පෙරේරා – 39, පවන් සෙනාල් – 3/52, නෙත්මිණ රණසිංහ – 2/29

කොළඹ මහානාම විද්‍යාල

පළමු ඉනිම – 65/2 (17)   –  පවන් සෙනාල් – 32*, ශනෙල් ප්‍රනාන්දු – 2/13

පළමු ඉනිම ක්‍රීඩා කරන කොළඹ මහානාම විද්‍යාලය තවත් කඩුලු 8ක් අතැතිව ශා. සෙබස්තියන් විද්‍යාලයීය පළමු ඉනිමට වඩා ලකුණු 200ක් පසුපසින් සිටියි.

අද ආරම්භ වූ අනෙක් අර්ධ අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ මොරටුව වේල්ස් කුමාර කණ්ඩායමයි. ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරන ලදී.  එම තීරණයට සාධාරණයක් ඉටු කරන්නට කණ්ඩායමේ ක්‍රීඩකයන් සමත් වූයේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 151කට සීමා කරමිනුයි.

ලක්ෂාන් ගමගේ ලකුණු 33ක් ලබා ගන්නට සමත් විය. පන්දු යැවීමේදී නෙලුක ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගන්නා ලදී.

පිළිතුරු ඉනිම ආරම්භ කල වේල්ස් කුමාර ක්‍රීඩකයින්ටත් පිත්තෙන් එතරම් සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි විය. අද දිනයට තරගය අවසන් කරන විට ඔවුන්ගේද පිතිකරුවන් 6 දෙනෙකුගේ ඉනිම අවසන් කරන්නට ශා. ජෝසප් ක්‍රීඩකයන් සමත් විය. කවීන් චතුෂ්ක ලකුණු 28ක් රැස් කල අතර පන්දුවෙන්ද දස්කම් දැක්වූ ලක්ෂාන් ගමගේ කඩුලු 2ක් දවා ගන්නා ලදී. මේ අනුව තරගයේ පළමු දිනය අවසන් වූයේ කණ්ඩායම් දෙකම සම තත්ත්වයකට ගෙන එමිනි.

  ලකුණු පුවරුව  

මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය

පලමු ඉනිම – සියල්ලන් දැවී – 151 (43.3)   – ලක්ෂාන් ගමගේ – 33, නෙලුක ප්‍රනාන්දු – 4/37

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

පළමු ඉනිම – 122/6 (43.5)  – කවීන් චතුෂ්ක – 28, ලක්ෂාන් ගමගේ – 2/24

පළමු ඉනිම ක්‍රීඩා කරන මොරටුව වේල්ස් කුමර විද්‍යාලය තවත් කඩුලු 4ක් අතැතිව ශා. ජෝසප් පලමු ඉනිමට වඩා ලකුණු 29ක් පසුපසින් සිටියි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට