ශ්‍රී ලංකාවෙන් ආසියානු කමිටුවට නව මුහුණු දෙකක්!

78

ආසියානු රග්බි පාපන්දු සංගමයේ තරගාවලි කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් උපසභාපති අසංග සෙනෙවිරත්න මහතා පත් කර ඇති අතර හිටපු රග්බි ක්‍රීඩක සහ විනිසුරු නිසාම් ජමාල්ඩීන් මහතා ආසියානු රග්බි විනිසුරුවන්ගේ කමිටුවේ දෙවන අතිරේක නිලධාරියා ලෙස පත් කර තිබේ.

පාසල් රග්බි පිටියට නව කණ්ඩායමක්!

ශ්‍රී ලංකාවේ පාසල් රග්බි පිටියට නව අභියෝගයක් ……….

1968 වර්ෂයේ දී චීන තායිපේ, හොංකොං, ජපානය, කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල් 8ක් සමඟ ආරම්භ කරන ලද ආසියානු රග්බි පාපන්දු සංගමය (ARFU) යනු ආසියාවේ රග්බි සංගමයේ කලාපීය පාලක මණ්ඩලයයි.

ආසියානු රග්බි කමිටුවේ ‘තරගාවලි කමිටුව’ ආසියාවේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර ආසියාව පුරා රග්බි ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ දැමීම, තරගාවලි සංවිධානය කිරීම, උපලේඛනගත කිරීම සහ නඟා සිටුවීම වැනි කාර්යභාරයන් විශාල ප්‍රමාණයක් එම කමිටුවට පැවරී ඇත.

රීසාගේ පීඩනයට යුද හමුදාව යටත් වෙයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ …………

ශ්‍රී ලංකා රග්බි කමිටුවේ ඉහළ තනතුරු දරා ඇති අසංග සෙනෙවිරත්නට තමන්ගේ අත්දැකීම් භාවිතා කරමින් ඉදිරි වසර දෙක සඳහා ආසියා රග්බි තරඟ කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට ඉඩ සැලසී ඇත.

එසේම දේශීය රග්බි විනිසුරුවරයෙකු ලෙස විශාල කාර්යභාරයක් ඉටු කල නිසාම් ජමාල්ඩීන් ඉදිරි වසර දෙක සඳහා විනිසුරුවන්ගේ කමිටුවේ දෙවන අතිරේක නිලධාරියා ලෙස කටයුතු කරනු ඇත. ඔහුගේ තීරණ ගැනීමේ හැකියාව සහ අත්දැකීම් හොඳින් භාවිතා කිරීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇති.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<