තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක්ට T10 වරම්

179

2019 නොවැම්බර් මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර හා ශෙහාන් ජයසූරිය යන ක්‍රීඩකයින්ටත් අවස්ථාව හිමිව ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7කට T10 තරගාවලියට වරම්

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග රැල්ලට තවත් අලුත් රැල්ලක් එකතු කළ ….

ඔක්තෝබර් 16 වැනිදා ඩුබායි හිදී පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයින් 7 දෙනෙක් විවිධ කණ්ඩායම් සඳහා විසින් මිල දී ගන්නා ලදි. 

කෙසේ නමුත් ඊයේ (23) දිනයේ දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිය රටේ ක්‍රිකට් ක්‍රීඩකයින් හට මෙම T10 ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීම තහනම් කර තිබෙන අතර ඒ නිසාවෙන් වහබ් රියාස් සහ මොහොමඩ් හස්නේන් යන ක්‍රීඩකයින් හට T10 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව උදා වන්නේ නැත. 

යම් හෙයකින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙක් T10 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වුවහොත් විදෙස් රටකට ගොස් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට නොහැකි වන ලෙස (NOC) විරෝධතා සහතික නිකුත් කිරීමට ඔවුන් පියවර ගන්නා බව පාකිස්තානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා සිටියේය. 

ඒ නිසාවෙන් දිල්ලි බුල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින්  සිටි රියාස් වෙනුවට දුෂ්මන්ත චමීර හා නෝර්දන් වෝරියර්යස් කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් සිටි හස්නේන් වෙනුවට නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් දෙදෙනාව ආදේශ කිරීමට එම කණ්ඩායම් හි කළමනාකරුවන් විසින් තීරණය කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් දූෂණ මඩින්න නව සභාපති පොරොන්දු දෙයි

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සවුරව් ගංගුලි ඉන්දීය ක්‍රිකට් පාලක…..

පසුගිය මාස 12කට ආසන්න කාලය තුල පැවති සීමිත පන්දුවාර ක්‍රිකට් තරග තුල ප්‍රදීප් ඉතාමත් හොඳින් පන්දු යවමින් දැක්වූ දස්කම් නිසා ඔහුට මේ අවස්ථාව ලැබී තිබෙන අතර ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වූ චමීර මේ වසරේ ජනවාරි මාසයෙන් පසුව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා කර නොමැත. 

කෙසේ නමුත් මේ දිනවල පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් සැලකිය යුතු මට්ටමේ දස්කම් පෙන්වීමට චමීර සමත් විය.

තවද වයස අවුරුදු 24ක් වන බංග්ලාදේශ මුල්පෙළ පිතිකරුවෙකු වන මහදි හසන් (ඔහු බංග්ලාදේශය වෙනුවෙන් එක් විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර තිබේ) හදිසියේම T10 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. 

ඒ නිසා පාකිස්තානු විස්සයි විස්ස තරගාවලියේ දී තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ ශෙහාන් ජයසූරියව හසන් වෙනුවෙන් ඔවුන්ගේ කණ්ඩායමට ආදේශ කිරීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම තීරණය කර ඇත.

2019 T10 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ කණ්ඩායම්,

  • බංග්ලා ටයිගර්ස් – තිසර පෙරේරා (ප්‍රධාන ක්‍රීඩකයා), ශෙහාන් ජයසූරිය 
  • මරත ඇරබියන්ස් – ලසිත් මාලිංග, දසුන් ශානක, වනිඳු හසරංග 
  • ටීම් අබුඩාබි – නිරෝෂන් දික්වැල්ල
  • ඩෙකෑන් ග්ලැඩියේටර්ස් – භානුක රාජපක්ෂ
  • දිල්ලි බුල්ස් – කුසල් පෙරේරා, දුෂ්මන්ත චමීර
  • නෝර්දන් වොරියර්යස් – නුවන් ප්‍රදීප්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<