A කාණ්ඩයට පියමන් කිරීමේ වටය ඇරඹේ

3989

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන හා අවසාන අදියර එළඹෙන මැයි මස ආරම්භ වීමට නියමිත අතර ඉහළම කාණ්ඩය වන A කාණ්ඩයට පිවිසීමේ අරමුණින් යුතුව මැයි 11 වැනිදා සිට කණ්ඩයම් අටක් පළඟ ශූරතාවේ මියෙම්වා රැකෙම්වා කියා තරග වදිනු ඇත.

පාසල් රග්බි දෙවන වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ

සති පහක තියුණු තරග රැසකට පසුව සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටය මේ සති අන්තයේ දී නිමා වූ අතර ප්‍රබල කණ්ඩයම් රැසක් …..


විද්‍යාර්ථ විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, මලියදේව විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය B කාණ්ඩයෙන් පළඟ ශූරතාව සඳහා සුදුසුකම් ලැබූ අතර තරගාවලියේ පළමු භාගය ඉතා හොඳින් ක්‍රීඩා කළ ඔවුන්ට A කාණ්ඩයට පිවිසීමට වරම් හිමි කර ගැනීමට තවත් ඇත්තේ තරග හතරක් පමණි.

B කාණ්ඩයේ පෙරමුණ ගත් මේ කණ්ඩයම් හතර A කාණ්ඩයේ සුපිරි අටට තේරීමට සමත් නොවූ ධර්මරාජ විද්‍යාලය, සාන්ත අන්තෝනි විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය සමඟින් තරග වැදෙනු ඇත.

කුසලාන ශූරතාවේ මෙන් නොව පළඟ ශූරතාවට යන කණ්ඩයම් අටටම පළමු වටයේ දී දැන් පළඟ ශූරතාවේ ක්‍රීඩා කරන කණ්ඩායම් සමඟින් තරග කර හිමි වූ ලකුණු දෙවන වටයට ගෙන යාමේ අවස්ථාව හිමි වේ. උදාහරණයක් ලෙස සාන්ත තෝමස් විද්‍යාලය, සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව තරග කර ලබාගත් ලකුණු දෙවන වටයට ගෙන යාමේ අවස්ථාව දැක්විය හැකි අතර එමනිසා සියලු කණ්ඩයම් ලකුණු සමඟ දෙවන වටය අරඹනු ඇත.

මලියදේවය අපරාජිතව රිච්මන්ඩ්වරු මෙල්ල කරයි

‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ දෙවන කාණ්ඩය යටතේ කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර…..

දෙවන වටයට පැමිණෙන විට අපරාජිතව සිටි විද්‍යා විද්‍යාලය හා මලියදේව විද්‍යාලය අතර විශිෂ්ට තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි වනු ඇත. B කාණ්ඩයේ පසුගිය වසරේ අගමැති කුසලානය හරහා අත්කරගත් සාර්ථකත්වය සමගින්, B කාණ්ඩයේ අපරාජිතව A කාණ්ඩයට පිවිසීමට මලියදේව විද්‍යාලයට මෙය ඉතා හොඳ අවස්ථාවක් වනු නොඅනුමානයි.

විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයෝ පසුගිය වසරේ දී B කාණ්ඩයට ඇද වැටුනත්, මේ වසරේ ඉතා ප්‍රබල කණ්ඩයමක් සමඟින් මෙතෙක් අපරාජිතව රැඳී සිටින අතර පළඟ කුසලානය ද දිනා ගනිමින් නැවත A කාණ්ඩයට පිවිසීම ඔවුන්ගේ අරමුණ වනු ඇත.

පළඟ කුසලානයේ තරග සැකැස්ම කණ්ඩයම්වල පළමු වටයේ ලකුණු සටහනේ ස්ථානය හා ලකුණු මත පදනම් වී තිබේ.

I කාණ්ඩය II කාණ්ඩය
සාන්ත තෝමස් විද්‍යාලය (Div IA) ඩී. එස් සේනානායක විද්‍යාලය (Div IIA)
සාන්ත අන්තෝනි විද්‍යාලය (Div IA) ධර්මරාජ විද්‍යාලය (Div IIA)
විද්‍යා විද්‍යාලය (Div IB) මලියදේව විද්‍යාලය (Div IIB)
විද්‍යාර්ථ විද්‍යාලය (Div IIB) ලුම්බිණි විද්‍යාලය (Div IIB)

සාන්ත තෝමස් විද්‍යාලය 2011 වසරේ දී B කාණ්ඩයට පහළ වැටුණු අතර 2014 දී නැවත A කාණ්ඩයට පිවිසීමෙන් අනතුරුව පළමු වරට නැවතත් ඔවුන් B කාණ්ඩයට වැටීමේ අවදානමට මුහුණ දී සිටී.

ඩී. එස්. සේනානායක විදුහල හා සාන්ත අන්තෝනි විද්‍යාලය පිට පිටම පළඟ ශූරතාවේ තරග වදින අතර පසුගිය වසර කිහිපයේ දී ම පළමු වටයේ දුර්වල තරග රටාව ඔවුන්ට බාධාවක් විය.  

2013 වසරේ පාසල් රග්බි ලීග් කිරුළ දිනා ගැනීමෙන් පසු A කාණ්ඩයේ ඉහළින්ම තරග කළ ධර්මරාජ විද්‍යාලය පිට පිට දෙවන වතාවටත් පළඟ ශූරතාවට ඇද වැටි ඇති අතර මේ වසරේ දී ඔවුන්ගේ A කාණ්ඩයේ ස්ථානයට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට අනෙකුත් කණ්ඩයම් සමත් වනු ඇත.

කණ්ඩයම් අටක් සති හතරක් පුරා පළඟ ශූරතාවේ තරග වදින අතර උණුසුම් සති හතරක් පුරා කණ්ඩයම් අටම A කාණ්ඩයට පිවිසීමේ අරමුණින් මියෙම්වා රැකෙම්වා කියා සිය උපරිමය කරනු ඇත.  

තරග කාලසටහන

සතිය දිනය කණ්ඩායම 1 කණ්ඩායම 2 වේලාව
සතිය   11 මැයි – 13 මැයි සාන්ත තෝමස් විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය 4.15 ප.ව.
සාන්ත අන්තෝනි විද්‍යාලය මලියදේව විද්‍යාලය 4.15 ප.ව.
විද්‍යා විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය 4.15 ප.ව.
විද්‍යාර්ථ විද්‍යාලය ඩී. එස් සේනානායක විද්‍යාලය 4.15 ප.ව.
සතිය   18 මැයි – 20 මැයි විද්‍යා විද්‍යාලය ඩී. එස් සේනානායක විද්‍යාලය 4.15 ප.ව.
විද්‍යාර්ථ විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය 4.15 ප.ව.
සාන්ත තෝමස් විද්‍යාලය මලියදේව විද්‍යාලය 4.15 ප.ව.
සාන්ත අන්තෝනි විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය 4.15 ප.ව.
සතිය   25 මැයි – 27 මැයි   සාන්ත තෝමස් විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය 4.15 ප.ව.
සාන්ත අන්තෝනි විද්‍යාලය ඩී. එස් සේනානායක විද්‍යාලය 4.15 ප.ව.
විද්‍යා විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය 4.15 ප.ව.
විද්‍යාර්ථ විද්‍යාලය මලියදේව විද්‍යාලය 4.15 ප.ව.
සතිය   1 ජුනි – 3 ජුනි සාන්ත තෝමස් විද්‍යාලය ඩී. එස් සේනානායක විද්‍යාලය 4.15 ප.ව.
සාන්ත අන්තෝනි විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය 4.15 ප.ව.
විද්‍යා විද්‍යාලය මලියදේව විද්‍යාලය 4.15 ප.ව.
විද්‍යාර්ථ විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය 4.15 ප.ව

දෙවන වටය මැයි 11 වැනිදා ආරම්භ වීමට නියමිත අතර තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ හා ඊට අදාළ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්.

පාසල් රග්බි පිටියේ වැඩිදුර තොරතුරු සඳහා stats.thepapare.com වෙත පිවිසෙන්න  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<