ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ආසියාවේ තෙවැනි තැනට

505

11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා වන තරගය ශ්‍රී ලංකාව හා හොංකොං අතර ඊයේ (08) පැවැත්විය. එම තරගය ලකුණු 75-49ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය. තරගය ජපානයේ කශීමා ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය. 

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගවල දී ශ්‍රී ලංකාව මැලේසියාව හමුවේ ලකුණු 72-54ක් ලෙස පරාජය වූ අතර හොංකොං කණ්ඩායම සිංගප්පූරුව හමුවේ ලකුණු 62-36ක් ලෙස පරාජය විය. 

වර්තමාන ශූරියන් හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම ආසියානු ………..

තරගයේ පළමු කාර්තු දෙක කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර මුල් මිනිත්තු කීපයේ දී කණ්ඩායම් දෙකම ලකුණු ලබා ගනිමින් ආසන්න පරතරයක් පවත්වා ගැනීමට සමත්විය. එක් අවස්ථාවක දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 09-07ක් ලෙස පෙරමුණ ගෙන සිටි නමුත් මද වෙලාවකින් ලකුණු තත්ත්වය ලකුණු 09-09ක් ලෙස සමකිරීමට හොංකොං කණ්ඩායම සමත්විය. කෙසේ වෙතත් පළමු කාර්තුව නිමා වන විට ලකුණු 17-16ක් ලෙස ලකුණක පරතරයක් තබා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. (ශ්‍රී ලංකාව 17 – 16 හොංකොං)

දෙවන කාර්තුවට ප්‍රබල ආරම්භයක් ලබාගැනීමට හොංකොං කණ්ඩායම සමත් වූ අතර මුල් මිනිත්තු කීපයේ දී ලකුණු 19-21ක් ලෙස පෙරමුණ ගැනීමට ද ඔවුන් සමත්විය. කාර්තුවේ අවසන් මිනිත්තු කීපය වන විට ලකුණු 30-30ක් ලෙස ලකුණු සමවී තිබූ නමුත් කාර්තුව අවසන් වීමට පෙර ලකුණු 34-33ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම කාර්තුවේ දී කණ්ඩායම් දෙකම ලකුණු 17 බැගින් වාර්තා කර තිබුණි. (ශ්‍රී ලංකාව 34 – 33 හොංකොං)

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

2019 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවේ ශ්‍රී ලාංකික ………..

පළමු අර්ධය අවසන් වූ පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය වන මලිඳු කුමාරි ගමගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක හා ගෝල රකින්නිය වූ තරුෂි ඉලංගරත්න වෙනුවට ගන්‍යා සේනානායක ආදේශ කිරීමට පියවර ගත් අතර එය තරගයේ දිශානතිය වෙනස් කිරීමට සමත්විය හොංකොං කණ්ඩායම ලකුණු ලබාගැනීමට ගත් උත්සාහයන් රැසක්ම සාර්ථකව ව්‍යර්ථ කිරීමට ගන්‍යා සමත් වූ අතර අනීශා පෙරේරා හා විශ්මිකා රත්නායක එයට මනා සහයක් ලබා දෙමින් හොංකොං ලකුණු පුවරුව සම්පූර්ණයෙන්ම අඩපණ කරන ලදි. 

ඔවුන්ගේ මෙම දක්ෂතා තුන්වැනි කාර්තුව අවසන් වීමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 19ක පරතරයක් ගෙන ඒමට සමත්විය. තුන්වැනි කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 25ක් වාර්තා කළ අතර එයට ප්‍රතිචාර ලෙස හොංකොං කණ්ඩායම වාර්තා කළේ ලකුණු 7ක් පමණි. (ශ්‍රී ලංකාව 59 – 40 හොංකොං)

තුන්වැනි කාර්තුවේ දී එල්ල කල පීඩනය මනා ලෙස පවත්වා ගනිමින් හොංකොං කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම කාර්තුවේ දී හොංකොං කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 9ක් පමණි. එයට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක් වාර්තා කර තිබුණි. (ශ්‍රී ලංකාව 75 – 49 හොංකොං)

ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ආරම්භයක්

2019 යොවුන් දැල්පන්දු තරගාවලිය අද (29) ජපානයේ දී …….

ඒ සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාවට 2021 වසරේ ෆීජි හිදී පැවැත්වෙන ලෝක කුසලාන යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වීමේ වරම් හිමි විය. 

මෙවර ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මැලේසියාව සමත් වූයේ අවසන් තරගයේ දී සිංගප්පූරුව ලකුණු 57-48ක් ලෙස පරාජය කරමිනි. තායිලන්තය, බෲනායි කණ්ඩායම ලකුණු 47-43ක් ලෙස පරාජය කරමින් පස්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය. 7 වැනි ස්ථානය සඳහා පැවති තරගයේ දී චීන තායිපේ කණ්ඩායම නේපාලය ලකුණු 67-16ක් ලෙස පරාජය කිරීමට සමත්විය. 

තරගාවලියේ 9 වැනි ස්ථානය, 10 වැනි ස්ථානය හා 11 වැනි ස්ථානය දිනා ගැනීමට පිළිවෙළින් ඉන්දියාව, ජපානය හා දකුණු කොරියාව සමත්විය. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<