ස්මිත් තමන්ටම දඬුවම් කර ගනියි

125

දැනට ලොව සිටින අංක 1 ටෙස්ට් පිතිකරුවා වන ස්ටීව් ස්මිත් සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 4ක් වැනි අඩු ලකුණු මට්ටමකට දැවී ගිය නිසා තමන් විසින් තමන් වෙතම දඬුවම් කරගෙන ඇත.

බාබර්ගේ සටන්කාමි ශතකය අපතේ හරිමින් ඕස්ට්‍රේලියාව ජය ගනියි

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග …….

බ්‍රිස්බේන් හිදී පැවති එම තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 580ක් වාර්තා කරගෙන ඉනිමක සහ ලකුණු 5ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට සමත් විය.

එම තරගයේ දී ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණි ස්මිත් දකුණතින් පා දඟපන්දු යවන යසීර් ෂාගේ පන්දුවක් හමුවේ පන්දු 10කට මුහුණ දී සිටියදී ලකුණු 4කට දැවී ගියේ යසීර් ෂා එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. ෂා විසින් ස්මිත් දවාගත් 7වන අවස්ථාව ලෙසද මෙය ඔහුගේ පුද්ගලික ක්‍රිකට් වාර්තාවන් අතරට එකතු වූයේය. 

ස්මිත් දියත් කළ මේ අපරික්ෂාකාරී පිතිහරඹය නිසා සිත් තැවුලට පත්වූ ස්මිත් තමන් විසින් තමන් වෙතම දඬුවම් පනවා ගනිමින් පළමු ටෙස්ට් තරගය නිමා වූ පසුව බ්‍රිස්බේන් ක්‍රීඩාංගණයේ සිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලැගුම් ගෙන සිටින හෝටලය දක්වා කණ්ඩායම රැගෙන යාම සඳහා පැමිණි බස් රථය වෙත ගොඩවීම ප්‍රතික්ෂේප කොට එම මුළු දුරම දිව ගොස් තිබෙන බව වාර්තා වේ.

පන්දුවක් වැදී හිස්කබල සෙලවීමක් වුනාම තිබෙන නීතිවල වැදගත්කම

Concussion Substitute නැතහොත් පන්දුවක් වැදීමෙන් ………..

ඒ අනුව ක්‍රීඩාංගණයේ සිට හෝටලය දක්වා වූ කිලෝමීටර තුනකට ආසන්න දුරම දිව යෑම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු නායක ස්මිත් මෙසේ සිය අදහස් පවසා ඇත.

“පන්දුව පළුඳු කිරීමේ චෝදනාවලට මට ලැබුණු දඬුවමට පස්සේ නිමා වූ අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දී මට නැවතත් ලකුණු අතරට එන්න පුළුවන් වුනා. එම තරගාවලියේ දී ලකුණු 110.57 දල ලකුණු ලබා ගෙන ලකුණු 774ක් ලබා ගැනීමට පුළුවන් වුනා. ඒත් පාකිස්තානය සමඟ තිබ්බ පළමු ටෙස්ට් තරගයේ දී මම ලකුණු 4කට දැවී ගියා. ඒකට හේතු වුනේ මගේ අපරක්ෂාකාරී පිතිකරණයයි. ඒක නිසා මම මටම කරගත්ත දඬුවමක් විදිහට මේ කිලෝමීටර තුන මම දිව්වා.” 

මේ වසර තුල ස්මිත් දැනට ක්‍රීඩා කළ ටෙස්ට් තරග අතරින් අර්ධ ශතකයක් හෝ වාර්තා කර ගැනීමකින් තොරව දැවී ගිය පළමු අවස්ථාව මෙය වේ. 2016 වසරේ නොවැම්බර් 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයට පසුව මේ දක්වා ටෙස්ට් ඉනිම 43ක් ක්‍රීඩා කළ ද, ස්මිත්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල වාර්තා කර ගත් අඩුම ලකුණු ප්‍රමාණය ද වන්නේ මේ ලකුණු 4 වීම ඔහු සතු පිතිකරණ හැකියාව සහ ඒ සඳහා ඔහු කර තිබෙන කැප කිරීම හොඳින්ම පෙන්නුම් කරනු ලැබේ.

එහි දී වැඩි දුරටත් මේ ගැන අදහස් දකවා තිබෙන තමන් විසින් තමන්ටම ලබා දෙන දඬුවම්වලට අමතරව ශතකයක් ලබාගත් විට තමන් වෙත ලබා දෙන ත්‍යාග පිළිබඳවත් යමක් කියන්න අමතක කළේ නැහැ. 

“මම ශතකයක් ලබා ගත්තමත් තරගය ඉවර වෙලා රෑට චොකලට් බාර් එක්ක කාලා මම මටම ත්‍යාග ලබාගෙන මාව දිරිමත් කරගන්නවා.” යැයි සිනාසුනු මුහුණෙන් යුතුව පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<