යසිත සහ හීරා අවසන් මහා තරගයට

140
SSC Tennis championship

SSC ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන SSC විවෘත ටෙනිස් තරගාවලිය මේ දින වල SSC ක්‍රීඩා සමාජ ටෙනිස් පිටියේ දී පැවැත්වෙන අතර එහි පිරිමි කේවල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට යසිත ද සිල්වා සහ හීරා ආෂික් ඊයේ (17) සමත් විය.

102 වන කොළඹ ටෙනිස් ශූරතාව 26 දා

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 102 වැනි වරට සංවිධානය කරන කොළඹ ටෙනිස් ශූරතාවලිය මේ මස 26 වැනිදා සිට..

අවසන් පූර්ව වටයේ දී ප්‍රබල තරගයකින් පසු වට 2- 1ක් ලෙස සංඛ අතුකෝරල පරාජය කළ හීරා ආෂික් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත් අතර මුෆාසල් හුසේන් වට 2 – 0ක් ලෙස පහසුවෙන් පරාජය කරමින් යසිත ද සිල්වා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

මෙම විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී ජාතික ශූර ශාමල් දිසානායක වට 2 -0ක් ලෙස පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට යසිත ද සිල්වා සමත් විය.

රුක්ෂිකා විජේසූරිය සහ රොෂෙන්කා ප්‍රනාන්දු SSC විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. අවසන් පූර්ව වටයේ දී සෙනුරි ඇලෙක්සැන්ඩර් වට 2 – 0ක් ලෙස පරාජය කරමින් රුක්ෂිකා විජේසූරිය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර නිම්නා ප්‍රනාන්දු වට 2-0ක් ලෙස පරාජය කරමින් රොෂෙන්කා ප්‍රනාන්දු අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තාය.

කාන්තා හා පිරිමි කේවල අවසන් මහා තරගය මේ මස 20 වැනිදා පැවැත්වෙන අතර පිරිමි අවසන් මහා තරගය යසිත ද සිල්වා හා හීරා ආශික් අතර පැවැත්වේ.  රුක්ෂිකා විජේසූරිය සහ රොෂෙන්කා ප්‍රනාන්දු අතර කාන්තා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කාන්තා යුගල සහ මිශ්‍ර යුගල අවසන් මහා තරගත්, පිරිමි යුගල අවසන් පූර්ව තරගත් අද (18) පැවැත්වීමට නියමිතයි.

කාන්තා යුගල අවසන් තරගයේ දී රුක්ෂිකා විජේසූරිය සහ රොෂෙන්කා ප්‍රනාන්දු යන දෙදෙනා සමඟ නිම්නා ප්‍රනාන්දු සහ ජනාලි මනම්පේරි තරග වදින අතර යසිත ද සිල්වා හිටපු ජාතික ශූරියක වන අම්රිකා මුත්තයියා සමඟ එක්ව මිශ්‍ර යුගල අවසන් මහා තරගයේ දී සංඛ අතුකෝරලට සහ සෙනුරි ඇලෙක්සැන්ඩර් එරෙහිව තරග වැදීමට නියමිත වේ.

පිරිමි යුගල ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේ දී සංඛ අතුකෝරල සහ යසිත ද සිල්වා, දිනේෂ්කාන්තන් තංගරාජාට ‍එරෙහිව තරග වදින අතර ප්‍රසන්න අතාවුද සහ සුරේන් බාලචන්ද්‍රන් දෙවැනි අවසන් පූර්ව තරගයේ දී රුක්මාල් කුරේට සහ එන්. එස්. නිෂේන්ද්‍රන්ට එරෙහිව තරග වැදීමට නියමිතයි.

අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල

පිරිමි කේවල

  • හීරා ආෂික් – සංඛ අතුකෝරල – තරග වට 2 – 1 (6/3, 5/7, 7/6)
  • යසිත ද සිල්වා – මුෆාසල් හුසේන් –  තරග වට 2 – 0 (6/3, 6/1)

කාන්තා කේවල

  • රුක්ෂිකා විජේසූරිය – සෙනුරි ඇලෙක්සැන්ඩර් – තරග වට 2 – 0 (6/0, 6/1)
  • රොෂෙන්කා ප්‍රනාන්දු – නිම්නා ප්‍රනාන්දු – තරග වට 2-0 (6/2, 6/3)

කාන්තා යුගල

  • රොෂෙන්කා ප්‍රනාන්දු සහ රුක්ෂිකා විජේසූරිය – කේමාලි හේරත් සහ ශෙනාලි වීරසේකර – තරග වට 2 – 0 (6/2, 6/4)
  • නිම්නා ප්‍රනාන්දු සහ ජනාලි මනම්පේරි – සෙනුරි ඇලෙක්සැන්ඩර් සහ සචිනි ජයසූරිය – තරග වට 2- 0 (6/3, 6/2)

මිශ්‍ර යුගල

  • යසිත ද සිල්වා සහ අම්රිකා මුත්තයියා – නුවන් ජයවිකුම සහ කේමාලි හේරත් – තරග වට 2 -0 (6/3 , 6/1)
  • සංඛ අතුකෝරල සහ සෙනුරි ඇලෙක්සැන්ඩර් – හීරා ආෂික් සහ ජනාලි මනම්පේරි – තරග වට ‍2 – 1 (5/7, 6/4, 10/8)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<