මොරටු – සුමංගල රන් සටනට 51 වැනි වරටත් එකම ප්‍රතිඵලය

401

මොරටු විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවති 66 වැනි මොරටු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (17) මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ අනුව මොරටු රන් සටන් ඉතිහාසයේ ජය පරාජයෙන් තොරව අවසන් වූ 51 වැනි තරගය ලෙසින් මෙම තරගය ඉතිහාසයට එක් විය. 

  • පළමු දිනයේ ලිපියත් කියවන්න –

චමල්ක රන් සටනේ ශතකය මඟ හැර ගනී

මොරටු පුරවරය රනින් බැබළෙන මොරටු විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැත්වෙන

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මොරටු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 210ක් රැස් කර ගත් අතර එම ඉනිමට පිළිතුරු ලෙසින් ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු ඉනිමට රැස් කළේ ලකුණු 140ක් පමණි.

පළමු දිනය අවසාන වන විට ශ්‍රී සුමංගල විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 42ක් ලබා සිටි අතර ඔවුන්ගේ ඉතිරි කඩුලු 8 ලකුණු 98ක් තුළ අද දවසේ දවා ගැනීමට මොරටු ක්‍රීඩකයෝ සමත් වූහ.  

ශ්‍රී සුමංගල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු ඉසුරු උමයංග ය. ඔහු පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේය. ඊට අමතරව අංජන මධුවන්ත පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත් අතර නායක නිපුන් දේශාන් පන්දු 62කට මුහුණ දෙමින් ලකුණු 18ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී එරංග හංසිමාල්, නදිත් මිශේන්ද්‍ර සහ චමල්ක ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වූහ.

රිච්මන්ඩ්වරුන් ආදවන්තයන්ගේ තෑගි මේසයම රැගෙන යති

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන 113 වැනි ආදරවන්තයන්ගේ වාර්ෂික මහා

ප්‍රතිවාදීන්ගේ පළමු ඉනිම අවසානයේ ලකුණු 70ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි මොරටු විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 120ක් ලබා සිටිය දී තම ඉනිම අත්හිට විය. පළමු ඉනිමේ දී ලකුණු 3කින් ශතකය අහිමිකර ගත් චමල්ක ප්‍රනාන්දු දෙවැනි ඉනිමේ දී එක් ලකුණකින් තම අර්ධ ශතකයක් අහිමි කර ගත්තේය. එසේ වූවද නිශාන් ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 191ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 71ක් ලබා සිටියහ. එම ඉනිමේ දී නැවත වරක් ක්‍රියාත්මක වූ ඉසුරු උමයංග ලකුණු 36ක් ලබා ගත් අතර හර්ෂණ ප්‍රනාන්දු නොදැවී ලකුණු 25ක් ලබා සිටියේය.

මොරටු විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 210 (84.0) ෂෙහද සොයිසා 44, චමල්ක ප්‍රනාන්දු 97, නිශාන් ප්‍රනාන්දු 19, අනුක ජයසිංහ 4/54, නිපුණ දේශාන් 2/27, තරණ ද සිල්වා 2/36

ශ්‍රී සුමංගල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 140 (58.1) ඉසුරු උමයංග 48, අන්ජන මධුවන්ත 25, නිපුණ දේශාන් 18,  නදිත් මිශේන්ද්‍ර 3/28, ප්‍රශාන් ප්‍රනාන්දු 3/33, එරාන් හන්සිමාල් 3/17

මොරටු විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 120 (32.3) නිශාන් ප්‍රනාන්දු 57, චමල්ක ප්‍රනාන්දු 49, හර්ෂණ ප්‍රනාන්දු 2/14

ශ්‍රී සුමංගල විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 71 (12.0) ඉසුරු උමයංග 36, හර්ෂණ ප්‍රනාන්දු නොදැවී 25

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<