ලොව අංක එකේ එක්දින ක්‍රිකට් කණ්ඩායම වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ද කඩුලු 9කින් පරාජය වන්නට අද (9) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදු විය. ඒ අනුව තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය.
මහානාම සහ සාන්ත සෙබස්තියන් අවසන් සටනට
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ……
බ්‍රිස්බේන් පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර පළමු එක්දින තරග දෙකේ දී ශ්‍රී ලංකාව වාර්තා කර ගත් ලකුණු ප්‍රමාණය අභිබවා ගිය ලකුණක් වාර්තා කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි විය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණියක් වන චමරි අතපත්තු පන්දු 124ක් තුල 4 පහර 13ක් එල්ල කරමින් ඇයගේ එක්දින ක්‍රිකට් දිවියේ 5 වැනි ශතකය වාර්තා කර ගත් අතර එය ඕස්ට්‍රේලියාවට එරෙහිව ඇය වාර්තා කර ගත් දෙවන එක්දින ශතකය ද විය. ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නන් හමුවේ ඉතාමත් සාර්ථක ලෙස පන්දුවට පහර දුන් අතපත්තු ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමට තවත් පන්දුවාර කිහිපයක් ඉතිරිව තිබිය දී දැවී ගියේය.
ශ්‍රී ලංකා මැදපෙළ සිටින තවත් දක්ෂ තරුණ ක්‍රීඩිකාවක් වන හර්ශිතා සමරවික්‍රම 4 පහර 3ක් එල්ල කරමින් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන් හමුවේ ඇයගේ ප්‍රහාරය දියත් කිරීම ආරම්භ කළේය.
අතපත්තු හා සමරවික්‍රම දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සබඳතාවයක් ගොඩනැංවූ නමුත් අවාසනාවන්ත ලෙස ඇය දුවද්දී දැවී යාමකට හසු වූ නිසා ශ්‍රී ලංකා මැදපෙළ කඩා වැටීම ආරම්භ විය. මේ තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ කඩුලු අතර දිවීම ඉතාමත් දුර්වල මට්ටමක පැවති බව ද පැහැදිලි ලෙස පෙනුණු දුර්වලතාවයක් විය.
Video – ‘මාලිංගටයි තව දෙතුන්දෙනෙක්ටයි හැරෙන්න වෙන කාටවත් ඉඩ නැහැ’ – ද මෙල්
ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන…….
අවසානයේ ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 195ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී මේගන් ශට් සහ ජෝර්ජියා වර්හැම් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.
ලකුණු 196ක පහසු ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු පිතිකාරිණියන් වන රේචල් හේන්ස් සහ එලයිසා හීලි පළමු කඩුල්ල සඳහා ලකුණු 155ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවූ අතර ඒ සඳහා ඔවුන් දෙදෙනා හට වැය වූයේ පන්දු 135ක් පමණි. එහිදී ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය හේන්ස් 4 පහර 6ක් එල්ල කරමින් ලකුණු 59ක් ලබා ගත්තේය.
අනතුරුව පිටියට පැමිණි මැග් ලැනින් හා එක්වූ හීලි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගිය අතර නැවතත් ශතකයක් වාර්තා කර ගත් හීලි පන්දු 76ක දී ලකුණු 112ක් වාර්තා කරගත්තේ 4 පහර 15ක් හා 6 පහර දෙකක් එල්ල කරමිනි.
මේ තරගයේ දී හීලි වාර්තා කර ගත් ශතකය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඇය විසින් වාර්තා කර ගත් තෙවැනි ශතකයයි.
අශාන්ගේ තුන් ඉරියව් හපන්කම් ඉදිරියේ බංගලියෝ පසුබසී
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A …….
මේ ජයග්‍රහණයත් සමඟම ඕස්ට්‍රේලියාව අවසන් වරට ක්‍රීඩා කළ එක්දින ක්‍රිකට් තරග 18ම ජයග්‍රහණය කරමින් කාන්තා එක්දින ක්‍රිකට් තරග රටාවන් තුල නොකඩවා වැඩිම එක්දින තරග ප්‍රමාණයක් ජයග්‍රහණයක් කළ කණ්ඩායම ලෙස වාර්තා අලුත් කරන ලදි.
මීට පෙර ද එම වාර්තාව ඕස්ට්‍රේලියාව සතුව තිබුණු අතර 1997 වසරේ සිට 1999 වසර දක්වා පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරග 17ක් නොකඩවා ජයගෙන එම වාර්තාව තබා තිබුණි.
Result
Batsmen
R
B
4s
6s
SR
Chamari Athapaththu
c Nicola Carey b Delissa Kimmince
103
124
12
0
83.06
Yasoda Mendis
b Ellyse Perry
3
5
0
0
60.00
Harshitha Madavi
run out (Alyssa Healy)
24
48
3
0
50.00
Anushka Sanjeewani
c & b Georgia Wareham
7
18
0
0
38.89
Shashikala Siriwardene
lbw b Nicola Carey
1
4
0
0
25.00
Nilakshi de Silva
c Megan Schutt b Georgia Wareham
1
5
0
0
20.00
Ama Kanchana
b Megan Schutt
17
49
1
0
34.69
Oshadi Ranasinghe
b Megan Schutt
17
36
1
0
47.22
Achini Kulasuriya
not out
12
11
2
0
109.09
Sugandika Kumari
not out
0
0
0
0
0.00
Extras
10 (b 0 , lb 1 , nb 0, w 9, pen 0)
Total
195/8 (50 Overs, RR: 3.9)
Fall of Wickets
1-13 (2.5) Yasoda Mendis, 2-68 (17.1) Harshitha Madavi, 3-85 (22.3) Anushka Sanjeewani, 4-86 (23.2) Shashikala Siriwardene, 5-87 (24.1) Nilakshi de Silva, 6-136 (37.5) Ama Kanchana, 7-183 (47.6) Oshadi Ranasinghe, 8-183 (48.1) Chamari Athapaththu,
Bowling
O
M
R
W
Econ
Ellyse Perry
6
1
26
1
4.33
Megan Schutt
10
0
44
2
4.40
Ashleigh Gardner
8
0
33
0
4.12
Jess Jonassen
6
1
19
0
3.17
Nicola Carey
10
2
28
1
2.80
Georgia Wareham
4
0
18
2
4.50
Delissa Kimmince
6
1
26
1
4.33
Batsmen
R
B
4s
6s
SR
Rachael Haynes
lbw b Chamari Athapaththu
63
74
7
0
85.14
Alyssa Healy
not out
112
76
15
2
147.37
Meg Lanning
not out
20
11
3
0
181.82
Extras
1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total
196/1 (26.5 Overs, RR: 7.3)
Fall of Wickets
1-159 (22.3) Rachael Haynes,
Bowling
O
M
R
W
Econ
Udeshika Prabodhani
3
0
21
0
7.00
Achini Kulasuriya
5
0
31
0
6.20
Sugandika Kumari
4
0
36
0
9.00
Oshadi Ranasinghe
4
0
34
0
8.50
Shashikala Siriwardene
7
0
42
0
6.00
Chamari Athapaththu
3.5
0
32
1
9.14
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<