එශානි ලොකුසූරිය නැවතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට

305
Sri Lanka womens

ඉන්දීය කණ්ඩායමට එරෙහිව අද (19) ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (18) නම් කෙරිණි. කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙක් ඇතුලත්.

චමරි – මිතාලි සහ මන්සි අතර ලියැවුණ එක්දින තරගාවලිය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින්…

කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වූ එශානි ලොකුසූරිය නැවතත් කණ්ඩායමට කැඳවා ඇති අතර වේගයෙන් පන්දුවට පහර දෙන, මද වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන ඇය අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළේ 2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ දී ය.  

නිපුනි හංසිකා වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරිපෙළ පිතිකාරිණි යශෝදා මෙන්ඩිස් එක්වී ඇති අතර ප්‍රසාදිනී වීරක්කොඩි වෙනුවට කඩුලු රකින ක්‍රීඩිකා රෙබෙකා වැන්ඩොට් ද කණ්ඩායමට එක්වී තිබේ. නිමාවූ එක්දින තරග ත්‍රිත්වයේ දී එතරම් දක්ෂතා නොදැක්වූ නිසා හිටපු නායිකා ඉනෝකා රණවීර හට ද කණ්ඩායමේ සිය අසුන අහිමි වී තිබේ.

ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් විස්සයි විස්ස තරගය අමතක නොවන තරගයක් වූයේ 2018 ජුනි මාසයේ පැවති ආසියානු කුසලානයේ දී ඔවුන් තායිලන්තය හමුවේ පරාජය වූ නිසාවෙනි. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයන් තුනක් හා ජයග්‍රහණයක් දෙකක් සමඟින් තරගාවලියෙන් ඉවත් විය.

වාර්තා පිට වාර්තා තැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දියාවට බැට දෙති

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති…

ඉන්දියාවට එරෙහිව තෙවැනි තරගය ජය ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සුපිරි දක්ෂතා පෙන්වූ අතර මේ ඔවුන් ඉන්දියාව එක්දින තරගයක දී පරාජය කළ දෙවන වතාවයි.

එම තරගයේ දී මෙන්ම විස්සයි විස්ස තරගවලියේදීත් ප්‍රධාන පිතිකරණ වගකීම චමරි අතපත්තු හට පැවරෙන අතර අත්දැකීම බහුල ක්‍රීඩිකාවන් වන ශ්‍රීපාලි වීරක්කොඩි හා ශෂිකලා සිරිවර්ධන හට පන්දුවේ හා පිත්තේ වගකීම් භාර වනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය – චමරි අතපත්තු (නායිකා), යසෝධා මෙන්ඩිස්, හසිනි පෙරේරා, ශෂිකලා සිරිවර්ධන, එෂානි ලොකුසූරිය, නිලක්ෂි ද සිල්වා, අමා කාංචනා, රෙබෙකා වැන්ඩොට්, කවීෂා දිල්හාරි, ශ්‍රීපාලි වීරක්කොඩි, සුගන්දිකා කුමාරි, අනුශ්කා සංජිවනි, උදේශිකා ප්‍රබෝධිනි, ඉමල්කා මෙන්ඩිස්, දිලානි මනෝදරා   

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <