දොළොස් වසරක ඉතිහාසය අලුත් කරමින් තරගාවලියේ ජය සිංහයින්ට

691

පසුගිය 20 වැනිදා කොළඹ SSC පිටියේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු  199කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-0ක් ලෙස තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට සමත් විය.

තෙවැනි දිනයට තිත තැබෙද්දී ශ්‍රී ලංකාව තවත් ජයකට මාන බලයි

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ අවසානය..

අවසන් වරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමක් 2-0ක් ලෙස පරාජය කර ඇත්තේ වසරක 12කට පෙර එනම් 2006 වසරේ දී ය.

දෙරට අතර පැවති තීරණාත්මක අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 139ක්  ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිමට වඩා ලකුණු 351ක් පසුපසින් සිටිමිනි.

දිනය ආරම්භ කිරීමට පිටියට පැමිණි දකුණතින් පිත්ත හසුරුවන තෙවුනිස් ඩී බෘයින් හා ටෙම්බා බවුමා පිළිවෙළින් ලකුණු 45*ක් හා ලකුණු 14*ක් ලබාගෙන සිටියහ. ඔවුන් දෙදෙනා එකතු වී 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරමක් අපහසුතාවයට පත් කළ අතර එහි දී ඩී බෘයින් හා ටෙම්බා බවුමා යන දෙදෙනාම අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය. ඒ අතරින් ඩී බෘයින්සි අද ලබා ගත්තේ ඔහුගේ ටෙස්‌ට් ක්‍රිකට් දිවියේ ලබාගත් මංගල අර්ධ ශතකයයි.

එස්. එස්. සී. තණතීරුව; එදා සහ අද

ශ්‍රී ලංකාවේ ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණ කිව්වහම ඔබට මුලින්ම මතක් වෙන්නේ මොන ක්‍රීඩාංගණය…

4 පහර 4ක් සමඟ සිය 11 වන ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් බවුමා දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 63කට දැවී ගියේ සිව්වැනි දිනයේ දිවා ආහාරය සඳහා තවත් මිනිත්තු 9ක් පමණ ඉතිරිව තිබිය දී ය.

එලෙස හේරත් විසින් තිත තබන ලද්දේ ඊයේ (22) සවස සිට අද දහවල් දක්වා ගොඩනැංවූ සාර්ථක සබඳතාවයටයි. එම ශතක සබඳතාවය මේ ක්‍රිකට් තරගාවලිය තුල දකුණු අප්‍රිකානුවන් විසින් වාර්තා කර ගත් හොඳම සබඳතාවය ද විය. අනතුරුව පිටියට පැමිණි ක්වින්ටන් ඩි කොක් ලකුණු 8කට දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. ඒ කඩුල්ල ද හේරත්ගේ ඉදිරියෙන් සටහන් විය.

දිවා ආහාරයට පසුව ඩී බෘයින් හා කගීසෝ රබාඩා එක්ව 8 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක හොඳ පසුපෙළ සබඳතාවයක් වර්ධන කළ අතර සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ඩී බෘයින් ලකුණු 101ක් ලබාගෙන සිටිය දී හේරත් එවූ ඇතුළට දඟ කැවෙන පන්දුවක් හරි හැටි හඳුනා ගැනීමට නොහැකි වූ නිසා දැවී ගියේය. කගීසෝ රබාඩා ලකුණු 18ක් ලබාගෙන සිටිය දී දිල්රුවන්ගේ පන්දුවකට ක්‍රීඩාගාරයට හැරී යද්දී රංගන හේරත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 34 වන කඩුලු 5 අවස්ථාව ලබා ගත්තේ දකුණු අප්‍රිකානු අවසන් කඩුලු දෙකත් ඔහුගේ නමට ඉදිරියෙන්  සටහන් කරගනිමිනි.

අවසානයේ ලකුණු 199ක දැවැන්ත ජයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කරන ලදි. පන්දු යැවීමේ දී රංගන හේරත් ලකුණු 98කට කඩුලු 6ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජය තහවුරු කරන ලදි.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 338/10 (104.1): ධනංජය ද සිල්වා 60, ධනුෂ්ක ගුණතිලක 57, දිමුත් කරුණාරත්න 53, අකිල දනංජය 43*,  කේශව් මහරාජ් 9/129.

දකුණු අප්‍රිකානු පළමු ඉනිම – 124/10 (34.5): ෆෆ් ඩියු ප්ලේසී 48, ක්වින්ටන් ඩි කොක් 32, හෂීම් අම්ලා 19, අකිල දනංජය 5/52, දිල්රුවන් පෙරේරා 4/40.

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 275/5d (81): දිමුත් කරුණාරත්න 85, ඇන්ජලෝ මැතිව්ස් 71, ධනුෂ්ක ගුණතිලක 61, රොෂේන් සිල්වා 32*, කේශව් මහරාජ් 3/154, ලුන්ගි නිගිඩි 1/09.

දකුණු අප්‍රිකා දෙවන ඉනිම – 290/10 (86.5): තෙවුනිස් ඩී බෘයින් 101, ටෙම්බා බවුමා 63, ඩීන් එල්ගාර් 37, රංගන හෙරත් 6/98, අකිල දනංජය 2/67.

තරගයේ හා තරගාවලියේ වීරයා – දිමුත් කරුණාරත්න

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<