ධනංජය පන්දුව පළුදු කළා ද?

2947

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ ආරම්භයට පන්දුව පළුදු වීමේ සිදුවීමක් හේතුවෙන් බාධා සිදු වුනා.

විනිසුරුවරුන් පන්දුව පළුදු කිරීමේ සැකයක් හේතුවෙන් ඊයේ දිනයේ ක්‍රීඩා කළ පන්දුව අද යොදා නොගෙන වෙනත් පන්දුවක් භාවිතා කිරීමට තීරණය කිරීමත් සමඟ මෙම ගැටලුව උද්ගත වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමෙන් වැලකි සිටියා.

කොදෙව්වෝ තෙතබරිත වීමෙන් ඉලක්කය මන්දගාමී කරයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත…

ධනංජය ද සිල්වා ඊයේ ‘බැන්ඩේජ්’ වෙළුම්වලින් වෙලා තිබුණු දෑත්වලින් පන්දුව පිරිමදිනු රූපවාහිනී දර්ශනවලට හසු වූ අතර තරගය අතරතුර දී විනිසුරුවරුන් පන්දුවේ හැඩය පරික්ෂා කරන වළලු වලින් පන්දුව පරික්ෂා කරන බව හා ඉන්පසු නායක දිනේෂ් චන්දිමාල් හා සංවාදයක නිරත වනු රූපවාහිනී කැමරාවලට හසු විය.   

අද දිනයේ පන්දුව මාරු කිරීමට මේ සිදුවීම හේතුවන්නට ඇතැයි සිතිය හැකි අතර එම තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් හා ක්‍රීඩකයින් කැමැත්ත පල කළේ නැත. ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ තරග තීරක ජවගාල් ශ්‍රීනාත් හා සංවාදයක නිරත වනු දක්නට ලැබුණු අතර තවමත් තරග තීරකවරයා නිල වශයෙන් අදහසක් පල කර නොමැත.

කොදෙව් වේලාවෙන් උදෑසන 10.50ට පමණ ක්‍රීඩකයින් පිටියට පිවිසුණු නමුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ලබා දී පන්දුව ද මාරු කර තිබීම නිසා (කොදෙව් පිතිකරුවන් පන්දුව තෝරා ගන්නා ලදි, ICC නීති සංග්‍රහය 41.3) නැවත වතාවක් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හා විනිසුරුවරුන් අතර සංවාදයක් ඇති විය.

නැවත තරගය 11.30ට පමණ ආරම්භ වූ නමුත් ශ්‍රී ලංකාව තරගය ක්‍රීඩා කරන්නේ එම තීරණයට විරෝධය පල කරමින් බව පවසා තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තත්වය පිළිබඳ සොයා බලනවා”, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. ”ක්‍රීඩා අමාත්‍ය, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි සහ රජයෙන් පත් කළ බලධාරීන් මේ පිළිබඳ සාකච්ඡා කරනවා යැයි එම ප්‍රකාශයේ සඳහන් විය.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<