රංගන ගේ රැගුම් අැරඹෙයි, හේල්ස් නිසා එංගලන්තය ප්‍රභල තැනක

545
SL v ENG 2nd Test - Day 1
අැලෙක්ස් හේල්ස් දවාගත් අවස්තාව සමරමින් සිටින අැන්ජලෝ මැතිව්ස් සහ කණ්ඩායම ©AFP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ඊයේ (27) එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී ආරම්භ විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් හා එංගලන්ත කණ්ඩායමේ එක් වෙනස්කමක් අැතිව  මෙම තරඟය ආරම්භ කල අතර කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. මෙම ප්‍රදේශයේ ඊයේ දින උෂ්ණත්වය සෙල්සියස් අංශක 11-15 අතර අගයක පැවතීම ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වන්නට ඇත.

බ්‍රෝඩ්ගෙන් තවත් අනතුරු ඇගවීමක්

SL v ENG 2nd Test - Day 1
දිමුත් කරුනාරත්න විසින් අැලෙස්ටයාර් කුක් දවා ගත් මොහොත ©AFP

අනතුරුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 10,000 කට තවත් ලකුණු 5 ක් තිබියදී දැවී යාමට නායක අැලෙස්ටයර් කුක් සිදු විය. එංගලන්ත කණ්ඩායමේ දෙවන කඩුල්ල ලකුණු 64දී දැවී ගිය අතර එසේ දැවී ගියේ  ලකුණු 9ක් ලබා සිටි නික් කොම්පටර්න්ය. පිටියේදී යලි සාර්ථක වූ ඇලෙක්ස් හේල්ස් 4 පහරවල් 9 ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 83ක් පසුගිය තරගයේ ලකුණු නොලබා දැවී ගිය ජෝයි රෑට් 4 පහරවල් 5 ක් සමඟ ලකුණු 80 ක් ලබා සිටයදී දැවී යන ලදි.

රංගන හේරත් පළමු දිනයේ දී කඩුල්ලක් ලබා ගැනීමට නොහැකි වූ අතර තව එක් කඩුල්ලක් හේරත් ලබා ගත් විට ටෙස්ට් තරඟ වලදී කඩුලු 300 සීමාව පසු කල තෙවන ශ්‍රී ලංකා ක්‍රීඩකයා වීමට රංගන හේරත් අවස්ථාව ලැබේ. එම කඩඉම ශ්‍රී ලංකාව වෙනුවෙන් පසු කර ඇත්තේ මුත්තයියා මුරලිදරන් හා චමින්ද වාස් පමණි.

එංගලන්ත කණ්ඩායමේ මැද පෙල තවත් ශක්තිමත් කරමින් ජොනාතන් බෙයාර්ස්ටොවු 4 පහරවල් 5ක් සමඟ ලකුණු 48කට දැවී යන ලදි. එංගලන්ත කණ්ඩායම පළමු දිනය සඳහා තරඟය නවතා දමන විට පන්දුවාර 90ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 310ක් ලබා සිටි අතර නොදැවී ක්‍රීඩා කරන මොයින් අලී ලකුණු 28ක් හා ක්‍රිස් වෝක්ස් ලකුණු 8 ක් නොදැවී ලබා සිටින ලදි.

හැදෙන ගහක පෙති විහිදෙන හැඩ

එංගලන්ත කණ්ඩායමේ පළමු ඉණිම ඇලෙක්ස් හේල්ස් ලකුණු 83, ජෝයි රෑට් ලකුණු 80, ජොනාතන් බෙයාර්ස්ටොවු ලකුණු 48,ජේම්ස් වින්ස් ලකුණු 35

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවන් ප්‍රදීප් ලකුණු 69 කට කඩුලු 3, මිලින්ද සිරිවර්ධන ලකුණු 35 කට කඩුලු 2

අද (28) දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය යි.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න පිවිසෙන්න