19න් පහළ සංචිතය නම් කෙරේ!

179

චීනයේ දී දෙසැම්බර් මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කනිෂ්ඨ රග්බි සංචිතය නම් කර ඇත.

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයට නව පුහුණුකරුවෙක්!

ශ්‍රී ලංකාවේ රග්බි අධ්‍යාපනඥ , CH&FC ක්‍රීඩා සමාජයේ වත්මන් පුහුණුකරු සහ ඉසිපතන විද්‍යාලය හිටපු පුහුණුකරු………….

නිමා වූ පාසල් රග්බි සමයේ දී පාසල් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා සහ පසුගිය දින පැවතී කොළඹ හා මහනුවර පාසල් අතර පැවතී තරගයේ ක්‍රීඩකයින්ගේ දස්කම් ද පදනම් කරගනිමින් මෙම සංචිතය නම් කර ඇත.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ශ්‍රී ලංකාවේ රග්බි අධ්‍යාපනඥ, CH&FC කණ්ඩායමේ වත්මන් පුහුණුකරු සහ ඉසිපතන විද්‍යාලයේ හිටපු පුහුණුකරු නිහාල් වයිපර් ගුණරත්න මහතා පත් කර ඇති අතර සහය පුහුණුකරුවන් වශයෙන් සාන්ත පීතර විද්‍යාලයේ පුහුණුකරු රජීව් පෙරේරා සහ පසුපෙළ පුහුණුකාරීත්වය සඳහා තර්ස්ටන් විද්‍යාලයේ පුහුණුකරු රෝහිත රාජපක්ෂ ද කැඳවා ඇත. 

රතු, කහ මදිවට තවත් එකක්!

එළඹෙන ඩයලොග් අන්තර් සමාජ රග්බි තරග වාරයේ දී රතු සහ කහ කාඩ්පත් වලට අමතරව නිල් කාඩ්පතක් හඳුන්වා දීමට ………….

සංචිතයේ නායකත්වය රාජකීය විදුහලේ නායක තුලෙබ් හසන්ට හිමිවී ඇත.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ පැවති 19න් පහළ ආසියානු ශූරතාවයේ දී පළමු කාණ්ඩය දක්වා පහත වැටුණු අතර මෙවර පළමු කාණ්ඩයේ දී ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට ඇත්තේ චීනය, පිලිපීනය සහ තායිලන්තය සමඟිනි.

තරගාවලියේ කාලසටහන

  • දෙසැ. 11 – ප.ව 12.30 – පිලිපීනය හා තායිලන්තය – යොංචුවාන් ක්‍රීඩා පිටිය – චොන්කිං නුවර
  • දෙසැ. 11 – ප.ව 2.30 – ශ්‍රී ලංකාව හා චීනය – යොංචුවාන් ක්‍රීඩා පිටිය – චොන්කිං නුවර
  • දෙසැ. 14 – ප.ව 12.30 – 3 වැනි හා 4 වැනි ස්ථාන වෙනුවෙන් තරගය – යොංචුවාන් ක්‍රීඩා පිටිය – චොන්කිං නුවර
  • දෙසැ. 14 – ප.ව 2.30 – කුසලාන කාණ්ඩයේ අවසන් මහා තරගය – යොංචුවාන් ක්‍රීඩා පිටිය – චොන්කිං නුවර

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය

  • රාජකීය විදුහල – තුලෙබ් හසන් – නායක, ෆාදිල් අදහන්, කළිඳු නන්දිල,  ලහිරු තිලකරත්න, තුවාන් දිල්ශාන් ජායා
  • ත්‍රිත්ව විදුහල – ජනිඳු රත්නායක, මෙකාන් යශ්වන්ත්, නිමේෂ ඒකනායක, රෙෂාන් බණ්ඩාරනායක, වොරන් තෙන්නකෝන්
  • සාන්ත පීතර විදුහල – ජනිදු යසස්, ලංකේෂ් පෙරේරා, මොහොමඩ් නිලාර් නිස්රාන්, රවීන් ප්‍රනාන්දු
  • කිංග්ස්වුඩ් විදුහල – ආසිරි සෙනෙවිරත්න, දිනාල් ඒකනායක, මිලාන් වීරසිංහ
  • සාන්ත ජෝසප් විදුහල – රෝචේ තන්ගයියා, ෂෙහාන් එරන්ද ගමගේ
  • වෙස්ලි විදුහල – මුර්ශීඩ් සුබෙයිර්, සැමුවෙල් ඔග්බෙබෝ 
  • ඉසිපතන විදුහල – මනිල්ක රුබේරු, මනුල රත්නායක
  • සාන්ත අන්තෝනි විදුහල – තුවාන් සුහයිල් වසීම්
  • සාන්ත තෝමස් විදුහල – අදීශ හඳුන්පතිරණ
  • ලුම්බිණි විදුහල – සමීර පියුමාල්

මෙවර වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි තරගාවලියේ සියලු පුවත් දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<