සොනාල් දිනූෂ‌ ශතකයක් වාර්තා කරමින් සවිය වේ

313

බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ. එන්. සී. සී. පිටියේ පැවැත්වෙන පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (18) මුළුමනින්ම තමන්ගේ දිනයක් බවට පත් කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් පිතිකරු සොනාල් දිනූෂ රැස්කර ගත් ලකුණු 100ක අගනා ඉනිම හැරෙන්නට වෙනත් කැපී පෙනෙන යමක් සිදු වූයේ නම් ඒ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 288කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වීම පමණි.

ශ්‍රී ලංකා යෞවනයෝ පිති මුවහත් කර ගනිති

බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ දී පැවැත්වෙන නිල නොවන සිව්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (17) දිනයේ දී ක්‍රීඩා……

ඒ අනුව පළමු ඉනිමේ ලද ලකුණු 21 ක වාසිය ද සම සිය දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශ පිතිකරුවන් දිනය අවසන් වන විට ලකුණු 18ක් රැස් කර ගැනීමට සමත්වද්දී එක් කඩුල්ලක් දවා ගැනීමට පිට දඟපන්දු යවන අශේන් ඩැනියෙල් සමත් විය. ඒ අනුව  බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය හෙවත් හෙට (19) තරගය ආරම්භ කරනු ලබන්නේ ලකුණු 39ක් ඉදිරියෙන් සිටය.

පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් මිනිත්තු 315ක් කරා විහිදුණු සොනාල්ගේ වටිනා ඉනිම සඳහා ඔහු පන්දු 202කට මුහුණ දී තිබුණි.

බංගලාදේශ පන්දු යවන්නන්ගේ ග්‍රහණය හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ වමතින් පිත්ත හසුරුවන සොනාල් දිනූෂ සිය අන්තය ආරක්ෂා කරගත්ත ද සෙසු පිතිකරුවන් බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් නොපෙන්වීම මත විටෙක ලකුණු 250 සීමාව ඉක්මවාලීම අවදානම් විය. එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 8කට ලකුණු 229ක් වශයෙන් සටහන්ව තිබුණි.

එහෙත් සොනාල්ට එක්වූ අංක 09 පිතිකරු අශේන් ඩැනියෙල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 41ක සම්බන්ධතාව නිසා ලකුණු 300යේ ආසන්නය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා යොවුන් පිලට අවස්ථාව උදා විය. ඒ වෙනුවෙන් ඩැනියෙල්ගේ දායකත්වය ලකුණු 21කි.

කොළඹ ඩි ලා සාල් සහ මහානාම විදුහල් නියෝජනය කරමින් යොවුන් කණ්ඩායමට පිවිසි සොනාල් තේ පානය වන විට ලකුණු 85ක් ලබා සිටියේය. එහෙත් අනෙක් අන්තයෙන් එක පිට කඩුලු දැවී යෑම විටෙක ඔහුගේ ශතකය ලබා ගැනීම අවදානම් තත්ත්වයක විය.

හයේ 6කින් ක්‍රිකට් වීරයාව පුදුම කළ ඇෆ්ගන් යොවුන් තරුව

ඉකුත් 14 වැනිදා සාජාහි පැවති ඇෆ්ගනිස්තානු ප්‍රිමියර් ලීගයේ තරගයක දී තමාගේ ක්‍රිකට් වීරයා ක්‍රිස් ගේල් ඉදිරියේ දී ම එක් පන්දුවාරයක දී 6 පහර 6ක් එල්ල…..

ලකුණු 65කට කඩුල්ලක් දැවී තිබිය දී තෙවැනි දින ඇරඹුවද ලකුණු 3ක් තුළ නායක නිපුන් ධනංජයගේ සහ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතානගේ කඩුලු දවා ගත් නායක ටව්හිඩ් රිඩෝයි ආරම්භයේ දී ම වැඩි වාසි බංග්ලාදේශ යොවුන් පිලට ලබා දීමට සමත් විය.

ප්‍රථමයෙන්ම නිපුන් ධනංජයව ලකුණු 11ක දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් රිඩෝයි, අනතුරුව පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දවමින් පරණවිතානව ද පිටියෙන් ඉවත් කළේය. පෙර දිනයේ දී ලකුණු 35ක් රැස් කරගෙන සිටි පරණවිතානට අද දිනයේ දී රැස් කර ගත හැකි වූයේ තවත් ලකුණු 05ක් පමණි.

දිනය ආරම්භයේ දී ම කඩුලු 2ක් දැවී යෑම නිසා තරගයේ පූර්ණ පාලනය බංග්ලාදේශය වෙත දෝලනය වූ නමුදු පීඩනය හමුවේ වුවද ධෛර්යවන්ත වූ මොහොමඩ් ශමාස් සහ සොනාල් දිනූෂ ලකුණු ලබා ගැනීමට වඩා වැදගත් වන්නේ කඩුල්ල ආරක්ෂා කර ගැනීම බව වටහා ගනිමින් දිවා ආහාරය සඳහා තරගය නතර කරන තෙක් තම කඩුලු ආරක්ෂා කරගත්හ.

දිවා ආහාරයෙන් පසු ඇරඹි තරගයේ එල්ල කරන ලද පහරක් පෙරළා උඩපන්දුවක් ලෙසින් ශහීම් අලාම් රැක ගැනීම නිසා ශමාස්ගේ වටිනා ඉනිම ලකුණු 31ක දී නිමාවට පත්විය.

සොහාන් දිනූෂ සමඟ සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 90ක සම්බන්ධතාවක් පැවැත්වීමට ශමාස් දායක වී තිබූ නිසා පෙරමුණ බිඳ වැටුණු ශ්‍රී ලංකා යොවුන් ඉනිම අවදානමෙන් මිදී තිබුණි. අනතුරුව පිටියට පිවිසි ජනිෂ්ක පෙරේරාට සහ චමිඳු විජේසිංහට එතරම් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීම සඳහා බංග්ලාදේශ පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන් අතර ඔවුන් දෙදෙනාම ලකුණු 14 බැගින් ලබා සිටිය දී දවා ගැනීමට ශොරිෆුල් ස්ලාම් සහ රකිබුල් හසන් සමත් විය.

හෙට (19) තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

බංග්ලාදේශ යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 96.1ක දී සියලු දෙනා දැවී ලකුණු 309 – අමිත් හසන් 64, ටවුහිඩ් රිඩෝයි 54, ශමීම් පත්වරී 43, ටන්සිඩ් හසන් 42, නව්රෝස් නබිල් 45, හසන් ජෝයි 19, අක්බර් අලී 17, චමිඳු විජේසිංහ 68/4, අෂේන් ඩැනියෙල් 64/2, රොහාන් සංජය 70/2, සඳුන් මෙන්ඩිස් 69/2

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 113ක දී සියලු දෙනා දැවී ලකුණු 288 – සොනාල් දිනූෂ 100, නවෝද් පරණවිතාන 40, කමිල් මිශාර 19, නිපුන් ධනංජය 11, මොහොමඩ් ශමාස් 31, ජනිෂ්ක පෙරේරා 14, සඳුන් මෙන්ඩිස් 14, අශේන් ඩැනියෙල් 21, නවීන් ප්‍රනාන්දු 15, ටවිහිඩ් රිඩෝයි 55/3, රකිබුල් හසන් 79/3, ශෆියුල් ස්ලාම් 57/2, ශයිම් අලාම් 43/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<