සිම්බාබ්වේ ඉඩෝරය නිම කරන ශ්‍රී ලංකාවට යළිත් වසන්තය?

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 2020

133
SL vs ZIM

සිම්බාබ්වේ කණ්ඩායමේ සහ ඔවුන්ගේ දේශයේ ක්‍රිකට් ඉඩෝරය නිමා කරමින් ආරම්භ වන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (19) දිනයේ දී හරාරේ හිදී පැවැත්වේ. මේ ඒ තරගය ගැන ThePapare.com විසින් ගෙන එන පෙර විමසුමයි. 

ධවාන් සහ රාහුල් කැන්ගරුවන්ගෙන් පළි ගනිති

මීට දින කිහිපයකට පෙර තම මව්බිමේදීම තමන්ව දැවැන්ත අවමානයකට ලක් කිරීමේ වාඩුව ගැනීමට අද (17)

මුහුණට මුහුණ 

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් තරග 18 ක් පවත්වා ඇති අතර එයින් තරග 13 ක ජය ශ්‍රී ලංකා  කණ්ඩායම සතු වන විට ශ්‍රී ලංකාවට එරෙහිව එකඳු ටෙස්ට් තරගයක් හෝ ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී නොමැත. තවත් තරග 5 ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත. 

දෙපිලේම සුපිරි ප්‍රහාරාත්මක තරු

දිමුත් කරුණාරත්න 

නායකත්වයේ වගකීම ද ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න වමතින් පිත්ත හසුරුවන දක්ෂ පිතිකරුවෙකි. ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එදිරිව ජාත්‍යන්තර ටෙස්ට් තරග 3 ක ඉනිම් 6 කදී ලකුණු 354 ක් රැස්කර ගෙන ඇත්තේ ලකුණු 59.00 ක හොඳ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඊට අමතරව ඔහු ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාර්තා කර ඇත. ඒ අතරට 4 පහර 28 ක් ඇතුළත් වේ. ඔහුගේ එක් ඉනිමක ප්‍රතිවාදී සිම්බාබ්වේට එරෙහිව රැස්කර ගෙන ඇති වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 110කි. 

ශෝන් විලියම්ස්

සිම්බාබ්වේ කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල සහ පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් මැදපෙළ සවිමත් කරවන විලියම්ස්, ජාත්‍යන්තර ටෙස්ට් තරග 10 කට ක්‍රීඩා කර ඇත. එහිදී ලකුණු 27.65 ක් වැනි ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කරන විලියම්ස් ලකුණු 553 ක් රැස්කර ගෙන ඇත. ඒ ලකුණු අතරට අර්ධ ශතක 2 ක් සහ එක් ශතකයක් ඇතුළත් වේ. 

 

 

 

ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩයාමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් දකුණතින් පිත්ත හසුරුවන ශ්‍රී ලංකා මැදපෙළ සිටින දක්ෂ පිතිකරුවෙකි. මෙම පිතිකරුවා ද සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ඉනිම 2 ක් සඳහා සිය දායකත්වය දක්වමින් පිත්තෙන් ලකුණු 66 ක් රැස්කර ගෙන ඇත. සිම්බාබ්වේ සමඟ එතරම් ටෙස්ට් තරග ක්‍රීඩා කර නොමැති වුවත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරග 84 ක්‍රීඩා කර තිබෙන මැතිව්ස් එහිදී ලකුණු 5704 ක් රැස්කර ගෙන තිබෙන්නේ 43.87ක දළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. 

ක්‍රෙයිග් ඒර්වින්  

සිම්බාබ්වේ කණ්ඩායමේ දැනට සිටින පිතිකරුවන් අතර ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කර ගෙන තිබෙන පිතිකරුවා වන්නේ මොහුයි. ක්‍රෙයිග් ඒර්වින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 15 ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 941 ක් රැස්කර ගෙන ඇත්තේ ලකුණු 33.60 ක පමණ සාමාන්‍ය මට්ටමේ ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඒර්වින්ගේ එම ලකුණු අතරට ශතක 2 ක් සහ අර්ධ ශතක 5 ක් ඇතුළත්ය. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මණින්ම වෙනස් විය හැකි සුවිශේෂී ක්‍රීඩකයෙකු ලෙස ද ඒර්වින් හැඳින්වීමට හැකිය. ඒර්වින් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ඉනිම 6 කදී ලකුණු 313 ක් රැස්කර ගෙන ඇත්තේ 52.16 ක දළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. 


ප්‍රබල පන්දු යවන්නන්

ලහිරු කුමාර 

ශ්‍රී ලංකාව තුළ දැනට සිටින දක්ෂ වේගපන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන ලහිරු කුමාර වැඩි ජවයක් සහ වේගයක් සහිතව පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙකි. දැනට ටෙස්ට් තරග 19 ක් සඳහා ක්‍රීඩා කර තිබෙන කුමාර, සිම්බාබ්වේට එදිරිව තවමත් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නොමැත. ටෙස්ට් ඉනිම 29 කදී ලකුණු 2005 ක් ලබා දී කඩුලු 53 ක් දවා ගැනීමට ඔහු සමත්ව ඇත. කුමාර විසින් එක් ඉනිමක් තුළ යැවූ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 122 කට කඩුලු 6 ක් දවා ගැනීම ක්‍රිකට් වාර්තා පොතේ සටහන්ව තිබේ. 

කයිල් ජාර්වීස්  

දකුණතින් මද වේගපන්දු යවන්නෙකු ලෙස සිම්බාබ්වේ පන්දු බලඇණිය සවිමත් කරන කයිල් ජාර්වීස්, ටෙස්ට් තරග 12 කදී කඩුලු 46 ක් දවා ගැනීමට සමත් වී ඇත. කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 27.60 ක් ලෙසින් දක්වන මොහු, එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දළ වශයෙන් ලකුණු 3.32 ක පමණක් ලබා දී ඇත. 

එක් ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙස ලකුණු 54 කට කඩුලු 5 ක් දවා ගැනීම සනිටුහන් කර ගෙන තිබෙන කයිල් ජාර්වීස්, ශ්‍රී ලංකාවට එරෙහිව එකඳු ටෙස්ට් තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති නමුත් ජාත්‍යන්තර පිටියේ සැලකිය යුතු මට්ටමක අත්දැකීම් තිබේ. 

දිල්රුවන් පෙරේරා  

මෙම තරගාවලිය සඳහා දෙපිළම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් අතුරෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම දඟපන්දු යවන්නාගේ ගෞරවය දිල්රුවන් පෙරේරා හට හිමිවන බව නොඅනුමානය. 

පෙරේරා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඉනිම 6 ක් සඳහා ක්‍රීඩා කරමින් ලකුණු 374 ක් තුළ කඩුලු 12 ක් දවා ගැනීමට සමත්ව ඇත. ඔහු එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 3.29 ක ලකුණු ප්‍රමාණයක් ලබා දෙමින් හොඳ මට්ටමක පසුවෙමින් පන්දු යවනු ලබයි. ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය දළ වශයෙන් ලකුණු 31 කට ආසන්නය. 

ඩොනල්ඩ්  ටිරිපානෝ

දකුණත් වේග පන්දු යවන්නෙකු ලෙසින් සිම්බාබ්වේ කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම තරුවක් වන ඩොනල්ඩ් ටිරිපානෝ ජාත්‍යන්තර ටෙස්ට් තරග 7 කදී කඩුලු 13 ක් දවා ගැනීමට සමත්ව ඇත. ලකුණු 91 කට කඩුලු 3 ක් දවා ගැනීම කණ්ඩායමකට එදිරිව එක් ඉනිමක දී හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති ටිරිපානෝ, එක් පන්දුවාරයකට දළ වශයෙන්  ලකුණු 2.91 ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත. ඔහු සිය ක්‍රිකට් දිවියේ දවා ගෙන තිබෙන ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 13 න් 5 ක්ම දවාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව වන අතර එක් ඉනිමක හොඳම පන්දු යැවීම ද වාර්තා කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. 

බංග්ලාදේශ ප්‍රබලයෙක් පාකිස්තානයට යන්න බැහැ කියයි

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන පාකිස්තානු සංචාරය සඳහා ඔවුන්ගේ


හරාරේ තණතීරුව සහ කාලගුණය  

මෙම ක්‍රීඩා පිටිය ප්‍රේක්ෂකයින් 10,000 කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇත. මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් තරග 7 ක් පවත්වා තිබෙන අතර ශ්‍රී ලංකාව ඉන් තරග 4 ක් ජය ගෙන ඇත. 

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පිතිකරණයේ නිරත වීම වඩාත් සුදුසු වෙයි. 

කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට හොඳින් සූර්යාලෝකය පතිත වන මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණික තත්ත්වයක් ඇති නමුත් උදෑසන කාලයේ තරමක් වලාකුළින් බර වූ අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 11-22 ක් දක්වා සුළඟේ වේගයේ විචලනයක් ඇති විය හැකි අතර 24°C – 34°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ. 

වර්තමාන තත්ත්වය 

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර ශ්‍රී ලංකාව දැනට (ජනවාරි 18) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ පසුවෙයි. ඔවුන් ලකුණු 3935 ක් ලබා ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 92 ක් සමඟයි. ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල 11 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 140 ක් සහ ප්‍රසාද ලකුණු 16 ක් ලබා ගෙනයි. 

අවසන් නිගමනය

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග ඉතිහාසය පිරික්සා බලන විට පෙරමුණේ පසු වුවද එම තරගය තුළ අඩුපාඩු සහ දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිතතාවය මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි. නමුත් තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසියක් ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. 

සංචිතයන්: 

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත. 

සිම්බාබ්වේ – ශෝන් විලියම්ස් (නායක), ශිකන්ඩර් රාසා, රේගීස් චකබ්වා, ක්‍රෙයිග් ඒර්වින්, කයිල් ජාර්වීස්, කෙවින් කවුසා, ටයිමයින් සිම්රිමා, ප්‍රින්ස් මස්වාවුරේ, බ්‍රයන් මුඩ්සිගම්යානා, කාල් මුම්බා, එනසිලි එන්ඩ්ල්වූ, වික්ටර් ඉනියවුචි, බ්‍රෙන්ඩන් ටේලර්, ඩොනල්ඩ්  ටිරිපානෝ, කාල්ටන් ටිශුමා. 

පළමු තරගයට අපේක්ෂිත සංචිතය: 

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්,  ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර. 

සිම්බාබ්වේ – ප්‍රින්ස් මස්වාවුරේ, බ්‍රයන් මුඩ්සිගම්යානා, බ්‍රෙන්ඩන් ටේලර්,ශෝන් විලියම්ස් (නායක), ක්‍රෙයිග් ඒර්වින්, ශිකන්ඩර් රාසා, රේගීස් චකබ්වා, ඩොනල්ඩ්  ටිරිපානෝ, කයිල් ජාර්වීස්, එනසිලි එන්ඩ්ල්වූ, වික්ටර් ඉනියවුචි.  

ඩර්බන් වීරයාට වැට බැඳි අරුම පුදුම තේරීම

දක්ෂයාට නිසි තැන ලබා දෙමින්, ඔවුන් සතු හැකියාවන් තවදුරටත් ඔප්නංවාලීමට අවශ්‍ය අතහිත නොමදව

තරග කාලසටහන 

පළමු ටෙස්ට් තරගය – ජනවාරි 19 – 23 හරාරේ හිදී

දෙවන ටෙස්ට් තරගය – ජනවාරි 27 – 31 හරාරේ හිදී

තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<