ඕස්ට්‍රේලියාවට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් වෙයි

189
Sri Lanka squad for Australia tour 2019

මේ මස 27 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය දා නිමා වූ පාකිස්තාන ක්‍රිකට් තරගාවලියේ දස්කම් දැක්වූ තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද ඇතුළත් කර ඇත. 

ලොහාන් ද සොයිසා මලියදේව විද්‍යාලයට මැජික් පෙන්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය…

පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ වෙනස්කම් 4ක් පමණක් සිදු කර තිබේ. දැනට ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වන පාකිස්තාන කණ්ඩායම 3-0ක් ලෙස වාර්තාගත ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. 

නමුත් ආරක්ෂක හේතූන් නිසා එම තරගාවලිය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කළ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් නැවතත් ශ්‍රී ලංකා සංචිතයට පැමිණීම නිසා ක්‍රිකට් තේරීම් කමිටුවට මෙම තීරණය ලබා ගැනීමට සිදුව ඇත. 

ඒ අනුව එම තරගාවලිය සඳහා සහභාගී නොවූ ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග, ආබාධයකට ලක්ව සුවය ලබා සිටින කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා කුසල් පෙරේරා නැවතත් සංචිතයට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඇතුළට – ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්  

ඉවතට – සධීර සමරවික්‍රම, මිනෝද් භානුක, ලහිරු මදුසංක, ඇන්ජලෝ පෙරේරා

කෙසේ නමුත් පාකිස්තානයේ විස්සයි විස්ස තරග සංචාරය සඳහා ක්‍රීඩා කළ තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සාර්ථක ඵල නෙලා ගැනීමට සමත් වූ නිසා එම තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අවස්ථාව නොලැබුණු සධීර සමරවික්‍රම, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා හා ලහිරු මදුසංක හට කණ්ඩායමේ ස්ථානය රැක ගැනීමට අපහසුව තිබේ. 

ශ්‍රී ලංකා සංචිතය,

ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, දනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්.

එසේම නවසීලන්ත තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් එම ආබාධයෙන් සුවය ලබා සිටින නමුත් ඉදිරියේ දී පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට පසුව ඔහු මෙම තරගාවලිය සඳහා සහභාගී වනවා ද? නැද්ද යන්න තීරණය කරනු ඇත.

කෙසේ නමුත් 2017 වසරේ උපුල් තරංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ පැවැත්වූ විස්සයි විස්ස තරග 3ක් සඳහා සහභාගී වූ අතර එම තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අසේල ගුණරත්න එම තරගාවලියේ දී දැක්වූ දස්කම් ද ජයග්‍රහණය සඳහා විශාල සහයක් විය.

2020 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන නිසා මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගාවලියක් වනු නිසැකය.

තරග කාලසටහන,

  • ඔක්තෝබර් 27 – පළමු තරගය – ඇඩිලේඩි (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9ට)
    ඔක්තෝබර් 30 – දෙවන තරගය – බ්‍රිස්බේන් (ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.40ට)
    නොවැම්බර් 1 – තෙවැනි තරගය – මෙල්බන් (ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.40ට)

තරගාවලියේ සියලුම තරග වාර්තා, උණුසුම් පුවත්, තරග සේයා රූ, ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<