ගෙවුනු දවස සැප්තැම්බර් 20 – මහා සම්මාන උළෙල කල් යයි

487
Sri Lanka Sports News Last Day Summary

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 ක්‍රිකට් 

ක්‍රිකට් සම්මාන උළෙල කල් යයි

අද දිනයේ (21) පවත්වන්නට නියමිතව තිබූ ඩයලොග් – ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් නොවැම්බර් 30 වැනිදා දක්වා කල් දමා ඇත.

මෙම තීරණය පිලිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කල නිල නිවේදනයේ සඳහන් වන්නේ,මෙවර සම්මාන උළෙලේ දී ගෙවුනු වසර තුල අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තෝරා ගැනීමට හැකිවන පරිදි, ක්‍රමවත්ව තේරීම් සිදුකළ හැකි නව නිර්ණායකයන් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.”

සම්පූර්ණ ලිපිය: ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙල කල් යයි


ශ්‍රී ලංකා කාන්තාවෝ ඒ තරගයත් පරාදයි

2016 ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවන එක් දින තරගය අද (20) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙහිදී පිත්තෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානු  කාන්තා කණ්ඩායම ලකුණු 78කින් තරගය ජය ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – 254/8  (50) නිකොල් බෝල්ටන් 62, ඇලෙක්ස් බ්ලැක්වෙල් 39, චමරි අතපත්තු 3/31, සුගන්දිකා කුමාරි 2/54

ශ්‍රී ලංකා කණ්ඩායම – 176/9 (50) චමරි පොල්ගම්පොල 68 , එෂානි ලොකුසුරියගේ 20, එල්සි පෙරී 2/28

සම්පූර්ණ ලිපිය: දෙවැනි තරගයත් ශ්‍රී ලංකාව පරාදයි


කවීන්ගෙන් අගනා ශතකයක්

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වූ ලුම්බිණි විද්‍යාලය හා රාජගිරිය ජනාධිපති විද්‍යාලය අතර තරගයේ දී ප්‍රථම ඉනිමේ ජයක් අත්කර ගන්නට ලුම්බිණි ක්‍රීඩකයින් සමත් වූහ. සිය විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනිමක නියැලුණු ලුම්බිණි විද්‍යාලයේ කවීන් පීරිස් ශතකයක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

ජනාධිපති විද්‍යාලය, රාජගිරිය – සියල්ලන්ම දැවී 265 (පන්දුවාර 78.2)ඩිල්ශාන් සිගේරා 59, සචිත ලියනගේ 48, මාලක ද සිල්වා 52, කණිෂ්ක මදුවන්ත 3/64.

ලුම්බිණි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 320 (91.1) කවීන් පීරිස් 101, කණිෂ්ක මදුවන්ත 46, විනූ හේමාල් 42, ඩී. සී. වික්‍රමසූරිය 5/61, ප්‍රමුක ගයේශාන් 4/56.

ජනාධිපති විද්‍යාලය, රාජගිරිය (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 50 (පන්දුවාර 11) ඩිල්ශාන් සිගේරා 31*, තනුක දාබරේ 2/20.

සම්පූර්ණ ලිපිය: කවීන්ගේ ශතකය නිසා ලුම්බිණියට ප්‍රථම ඉනිමේ ජයක්

දවසේ නිමාව