ගෙවුනු දවස: ඔක්තෝම්බර් 06 – තෙවැනි දිනයේ කොදෙව්වෝ 165/09

452
Schools U19 CricketSri Lanka "A" Vs West Indies ‘A’- Day 3

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

සාන්ත ඇලෝසියස් විදුහලට පූර්ණ ජයක්

සිංගර් පාසල් ක්‍රිකට් 19න් පහළ තරග වාරයේ ඊයේ (6) පැවති තරග වලදී පූර්ණ ජයක් හිමිකර ගැනීමට ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් වූ අතර ධර්මාශෝක විද්‍යාලය ප්‍රථම ඉනිමේ ජයක හිමිකරුවන් බවට පත්විය. ඊයේ පැවති අනෙක් තරග වලදී චරණ නානායක්කාරගේ පන්දු යැවීමත්, ක්‍රිෂාන් සන්ජුලගේ පිතිකරණයත් කාගේත් වැඩි අවධානයට පාත්‍ර විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 340 (පන්දුවාර 60.1) ඩර්බියන් ද බයිසර් 129, තරූෂ ප්‍රනාන්දු 83, නුවනිඳු ප්‍රනාන්දු 31, සඳුන් මෙන්ඩිස් 3/117, කවීෂ අභිෂේක් 2/28.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 124 (පන්දුවාර 23) ධනන්ජය ලක්ෂාන් 70, කමිඳු මෙන්ඩිස් 44*.

මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 72.5) නිශාන් මධුශංක 76, ඉසුරු උදයංග 24, හරීන් වීරසිංහ 4/48, කවිශ්ක ඩිල්ශාන් 3/35.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 283 (පන්දුවාර 58) අශේන් බණ්ඩාර 67, ගිම්හාන ආශිර්වාද 65, නවිඳු නිර්මාල් 59*, නිලුක්ෂ දුල්මින 53, හරීන් වීරසිංහ 30*.

මොරටු විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 80 (පන්දුවාර 32.3) හරීන් සුරසිංහ 6/21.

ගුරුකුල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 180 (පන්දුවාර 58.2) උදාර රවිඳු 95, අසින්ත මල්ෂාන් 21, කලිඳු නදීෂාන් 3/13, උෂාන් ඉමන්ත 2/13.

ධර්මාශෝක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 285 (පන්දුවාර 65.5) රවිඳු රොෂාන්ත 71, කසුන් මධුරංග 43, කවීෂ් කුමාර 24, සුභාෂ් ලසංග 39*, සචින්ත චමිත් 4/92, පෘථිවි රූසර 35/2.

ගුරුකුල විද්‍යාලය (දෙවැනි ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 135 (40) උදාර රවිඳු 52*, උශාන් නිමන්ත 4/39.


කොදෙව් සංචාරයේ තෙවැනි දිනය

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟයේ තෙවන දිනය ඊයේ (06) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත් විය. ශ්‍රී ලංකා A පන්දු යවන්නන්ගේ දස්කම් වලින් සපිරුණු මෙම තරඟයේ තවත් දිනයක් ඊයේ (06) කොදෙව්වන් හමුවේ අවසන් විය.

ශ්‍රී ලංකා A කණ්ඩායම පළමු ඉණිම – 386/10 (104.5): දිමුත් කරුණාරත්න 131, කුසල් පෙරේරා 87, නිරෝෂන් දික්වැල්ල 59, අසේල ගුණරත්න 38, රහකීම් රශ්වාන් කෝන්වල් 108/08

බටහිර කොදෙව් A කණ්ඩායම දෙවන ඉණිම (තෙවන දිනය අවසානයේදී) – 165/09 (75.5): විශාල් සිං 46, මොටී කන්හායි 34, ශම්රා බෲක්ස් 28, ලක්ෂාන් සඳකැන් 3/47

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා පන්දු යවන්නන් නොසිතූ මගක් පාදාගනී

දිනයක නිමාව