ගෙවුනු දවස: නොවැම්බර් 21 – සිම්බාබ්වේ පැදුරෙන් බිමට?

384

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති සිව්වැනි එක්දින තරගයේ ඡායාරූපයක් ©ThePapareශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –

තරගයට වර්ෂාවෙන් බාධා

සිම්බාබ්වේ හිදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (21) ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබුණි. නමුත් බුලවායෝ නුවර ඊයේ පැවති අයහපත් කාලගුණ තත්වය නිසා තරගයේ ක්‍රියාත්මක කල හැකි වූයේ පන්දුවාර 13යි පන්දු 3ක් පමණි.

පසුදා රාත්‍රී කාලයේ පැවති වර්ෂාවත්, වළාකුළු සහිත කාලගුණයත් නොසලකා හැරි සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් තීරණය කළේ කලින් තරගයේදී මෙන්ම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි.

තරගය අතරතුර බුලවායෝ අහස වළාකුළින් බරවීම නිසාත්, අකුණු සහිත කාළගුණයක් පැවති නිසාත් තරගය නතර කර ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවරු තීරණය කළහ. ඉන් අනතුරුව ඇදහැලුණු දැඩි වර්ෂාව නිසා පිටිය තෙත බරිත වී තිබීම හේතුවෙන් තරගය නැවත ආරම්භ කල හැකි තත්වයක් උදා නොවීය. විනිසුරුවරුන් දෙවරක්ම පිටිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තරගය අත්හැර දැමූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

සිම්බාබ්වේ – කඩුලු 2ක් දැවී ලකුණු 55 (පන්දුවාර 13.3): ක්‍රේග් අර්වයින් 23*, බ්‍රයන් චාරි 11, චමු චිබාබා 8, නුවන් කුලසේකර 1/17.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය වර්ෂාවට සේදී යයි


හොකී –

ප්‍රථම තරගයේ ජය ශ්‍රී ලංකාවට

හොංකොං හිදී පැවැත්වෙන පස්වන ආසියානු හොකී සම්මේලන කුසලානයට, සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තම ප්‍රථම තරඟයේදී 7-2ක් ලෙස උස්බෙකිස්තාන කණ්ඩායම පරාජය කරන්නට සමත් විය.

ශ්‍රී ලංකා නායක නලන්ත ද සිල්වා වෙත තරඟයේ පාලනය ලබාදෙමින්, අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන සඳරුවන් ප්‍රියලංක ගෝල ත්‍රිත්වයක් සමඟින් ඔහුට සහය දැක්වූ අතර සෙසු ගෝල වාර්තා වූයේ ශාමික ගුණවර්ධන, දිනේෂ් විජේසිංහ සහ ලහිරු පන්තී විසිනි.

ප්‍රථම අර්ධයේදී ගෝල 3ක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර උස්බෙකිස්තානයට එකම ගෝලය වාර්තා කරගත හැකිවූයේ දඬුවම් කෝණයක් සාර්ථක කරගනිමිනි. 14වන මිනිත්තුවේදී සඳරුවන් විසින් ප්‍රථම ගෝලය වාර්තා කල අතර ශාමික ගුණවර්ධන විසින් අනෙකුත් ගෝල දෙක වාර්තා කරන ලදී.

අද (22) ශ්‍රී ලංකාව, සිංගප්පූරුවත් සමඟින් තරඟ කිරීමට නියමිත අතර 24වන දා තායිලන්තයත් සමඟ තරග වැදීමට නියමිතයි.

සම්පූර්ණ ලිපිය: උස්බෙකිස්තානයට ශ්‍රී ලංකාවෙන් ගුටි බැට

දිනයක නිමාව