ගෙවුනු දවස මාර්තු 13 – පාසල් රග්බි පිටිය උණුසුම් කල තරගයක්

641

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

නාලන්දාවත් අවසන් පූර්ව වටයට

Pic 1සිංගර් කුසලාන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙදින හා සීමිත පන්දුවාර තරගයන් හි අවසන් වටයේ තරග මේ දිනවල පැවැත්වෙමින් තිබේ. ඒ අතර ඊයේ (13) කොළඹ නාලන්ද විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර පැවැත්වූ එක් තරගයක් කඩුලු 3කින් ජයග්‍රහණය කල නාලන්ද විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් විය.

ධර්මාශෝක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 246 (පන්දුවාර 49.5): කවිශ් කුමාර 63, රවිදු රශන්ත 53, කසුන් මදුරංග 32, මාලිංග අමරසිංහ 3/41, ලක්ෂිත රසාංජන 3/44

නාලන්ද විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 248 (පන්දුවාර 48.1): දසුන් සෙනෙවිරත්න 59, සුහඟ විජේවර්ධන 54, කසුන් සඳරුවන් 29, ලක්ෂිත රසාංජන 25, කලන කත්‍රිආරච්ච් 20, මනුරංග ද සොයිසා 2/36

සම්පූර්ණ ලිපිය: තියුණු ජයක් සමඟ නාලන්දාවෝ අවසන් වටයට


රග්බි –

සහිරාවන් නිජ බිමේ දී පරාජය වේ

Pic 2පාසල් රග්බි වසන්තයේ දෙවැනි සතියේ තවත් තරගයක් ඊයේ පැවතියේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ සහිරා විදුහල අතරයි. තරගය සහිරා විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවති අතර තම නිජ භූමිය තුල දීම පරාජයේ අමිහිරි අත්දැකීම විද ගන්නට සත්කාරක සහිරාවන්ට සිදු වූයේ ලකුණු 34-26ක් ලෙසයි. තරගයේ ප්‍රථම අර්ධයේ දී ත්‍රිත්ව විදුහල ලකුණු 24ක් සහ ප්‍රතිවාදීන් ලකුණු 12 ලබා ගැනීමට සමත් විය.

ප්‍රථම අර්ධය: සහිරා විද්‍යාලය 12 – 24 ත්‍රිත්ව විද්‍යාලය

අවසන් ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 26 – 34 ත්‍රිත්ව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: දිලුක්ෂ දංගේ (ත්‍රිත්ව)

ලකුණු සටහන:

ත්‍රිත්ව විදුහල 34 (24) 6T 2c

උත්සාහක දිනුම් – දිලුක්ෂ සංගේ (2), ලෂේන් විජේසූරිය, හසිරු වැලිවත්ත, ගෞරව බණ්ඩාර, අනුක බෝයගොඩ

ප්‍රවර්තන – ලෂේන් විජේසූරිය (2)

සහිරා විද්‍යාලය 26 (12) 4T 3C

උත්සාහක දිනුම් – සයිඩ් සිංහවංස (2), යුස්රාන් ලන්ත්‍රා, මොහොමඩ් ඉර්ෆාන්

ප්‍රවර්තන – සයිඩ් සිංහවංස (3)

දිනයක අවසානය