ගෙවුනු දවස ජුනි 23 – කුරුණෑගලට කුසලාන දෙකක්

747

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

  රග්බි  

සභාපති කුසලානය සාන්ත ආනා විදුහලට

pic 1 (1)

මයිලෝ සභාපති කුසලාන පාසල් රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (23) කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා කොළඹ කේරි විද්‍යාලය අතර, කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වූ අතර, එම තරගයෙන් ලකුණු 15-13ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් සභාපති කුසලානය කුරුණෑගලට රැගෙන යන්නට සාන්ත ආනාවෝ සමත් වූහ.

තල්දූව බෞද්ධ විද්‍යාලය පරාජයට පත්කරමින් කේරි විද්‍යාලය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර, මොරටුව මොරටු විද්‍යාලය අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත්කරමින් සාන්ත ආනා විද්‍යාලය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: කේරී විදුහල පරදා සාන්ත ආනා විදුහල කුසලානය රැගෙන යයි


තියුණු ජයක පහස මලියදේවයට

pic 2

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර ඊයේ (23) පැවති මයිලෝ අගමැති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයෙන්, තියුණු ජයක් ලබා ගැනීමට කුරුණෑගල මලියදේව විදුහල සමත් විය. සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගය ලකුණු 20-22ක් ලෙස නිමා වූයේ ආනන්ද විදුහලට දෙවැනි ස්ථානය හිමි කර දෙමිනි.

සුගතදාස පිටියට ඇදහැලුණු වර්ෂාවෙන් පසුව සවස 4.25ට පමණ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම් නායක එස්. ඩී. රත්නවීර විසින් තරගයට ආරම්භය ලබා ගත්තේය. එතැන් පටන් තියුණු හා උද්වේගකර තරගයක ආරම්භය සටහන් වූ අතර මිනිත්තු 20ක් වන තෙක්ම දෙපිලේම ක්‍රීඩකයින් පන්දුව සමඟ පොර බදිමින් ගෝලයක් රැස් කිරීමට උත්සහ කළත්, එය සාර්ථක වූයේ නැත.

සම්පූර්ණ වාර්තාව: ලකුණු දෙකකින් අගමැති කුසලානය මලියදේවයට

දිනයක අවසානය