ගෙවුනු දවස ජුනි 18 – ඉසිපතන විදුහල අවසන් මහා සටනට

340

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

    ක්‍රිකට්    

පාකිස්තානයට ජය

Getty Images
Getty Images

කිසිවකුගේ වැඩි අවධානයකින් තොරව ශ්‍රේණිගත කිරීම්වල පහළින්ම සිටිමින් එංගලන්තය බලා පියාසර කරන පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම, මෙවර ශූරයින්ගේ කුසලානය ජය ගනු තබා අවසන් පූර්ව වටයට හෝ පිවිසේවි යැයි බොහෝ දෙනා විශ්වාස කළේ නැත.

කෙසේ වෙතත් ඉතිහාසගත වාර්තාවලට වඩා වැදගත් වන්නේ එම මොහොතේ එකම කණ්ඩායමක් ලෙසින් පිටියට ගොස් තරග වැදීම බව ක්‍රියාවෙන්ම ඔප්පු කළ පාකිස්තානය ඊයේ (18) ප්‍රබල ඉන්දියාව ලකුණු 180කින් පරාජය කරමින් 2017 ශූරයින්ගේ කුසලානයේ සාඩම්බර හිමිකරුවන් බවට පත්විය.

පාකිස්තානය – කඩුලු 4ක් දැවී ලකුණු 338 (පන්දුවාර 50): ෆකාර් සමන් 114, අසාර් අලි 59, මොහොමඩ් හෆීස් 57*, බාබර් අසාම් 46, ඉමාඩ් වසීම් 25*, කෙඩාර් ජාදෙව් 1/27, බුවනේශ්වර් කුමාර් 1/44.

ඉන්දියාව – සියල්ලන්ම දැවී ලකුණු 158 (පන්දුවාර 30.3): හාර්දික් පාණ්ඩ්‍යා 76, යුවරාජ් සිං 22, ශිකර් ධවාන් 21, රවින්ද්‍ර ජඩේජා 15, මොහොමඩ් ආමීර් 3/16, හසන් අලි 3/19, ශදාබ් කාන් 2/60.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවෙන් නූලෙන් ගැලවුන පාකිස්තානය ශූරයින්ගේ කුසලානය දිනා ගනියි!


    රග්බි    

මලියෙද්ව විද්‍යාලයට සුපිරි ජයක්

මයිලෝ අගමැති කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඊයේ (18) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලකුණු 18-41ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසෙන්නට කුරුණෑගල මලියදේව විද්‍යාලය සමත් විය.

පළමු අර්ධය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 03 – 19 මලියදේව විද්‍යාලය

අවසන් ලකුණු තත්වය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 18 – 41 මලියදේව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: එච්. ධනංජය (මලියදේව විද්‍යාලය)

සම්පූර්ණ වාර්තාව: සුපිරි ජයක් සමඟින් මලියදේවය අවසන් සටනට


ඉසිපතනය අවසන් සටනට

St. Peter's vs Isipathana

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ඊයේ (18) පැවති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් 22-20ක් ලෙස තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉසිපතන විද්‍යාලයට හැකි විය. සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ඉසිපතනය අතින් පරාජයට පත් වූයේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයයි.

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 19 – 12 සාන්ත පීතර විද්‍යාලය

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 22 – 20 සාන්ත පීතර විද්‍යාලය  

ThePapare.com තරගයේ වීරයා: චමෝද් යශ්ගම්පිටිය (ඉසිපතන විද්‍යාලය)

සම්පූර්ණ වාර්තාව: ප්‍රේක්ෂකාගාරය මවිත කළ ඉසිපතනයේ පෙරළිය

දිනයක අවසානය