ගෙවුනු දවස සැප්තැම්බර් 22 – ලකුණෙන් ගිලිහුණු ශූරතාව

249

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

    ක්‍රිකට්    

කඳාන ක්‍රීඩකයෝ ජය පැන් බොති

U19 Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ තරග කිහිපයක් ඊයේ (22) නිමා විය.

එහි දී කඳාන මැසිනෝද් විදුහල සහ ගුරුකුල විදුහල අතර පැවති තරගයෙන් මැසිනෝද් විදුහල ජයග්‍රහණය වාර්තා කළේය. සාන්ත ජෝසප් සහ සාන්ත සිල්වෙස්තර විදුහල් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාව දුටු අතර ඩී. එස්. සේනානායක සහ ත්‍රිත්ව විදුහල් අතර තරගයේ වැඩි වාසිය ත්‍රිත්ව විදුහලට හිමි විය.

සම්පූර්ණ ලකුණු වාර්තාව: මැසිනොද් විද්‍යාලයට නොසිතූ ජයක්


    රග්බි    

මහනුවරට ශූරතාවය අහිමි වේ

Bahrain-vs-Kandy

තියුණු සටනකින් පසු මහනුවර ක්‍රීඩා සමාජය සමඟ නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති රග්බි තරගය, එක් ලකුණකින් ජය ගන්නට බහරේන් රග්බි පාපන්දු සමාජය සමත් විය.

ක්‍රීඩාලෝලීන් හට අනර්ඝ රග්බි අත්දැකීමක් තිළිණ කළ මේ තරගය බහරේන් කණ්ඩායමේ ඉදිරිපෙළ සහ මහනුවර කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයන් අතර සටනක් ලෙස ද හැඳින්විය හැකිය.

මිනිත්තු 80ක් අවසානයේ ලකුණු පුවරුව 24-23ක් ලෙස සටහන් වූ අතර පළමු අර්ධය අවසන් වන විට බහරේන් රග්බි පාපන්දු සමාජය ලකුණු 4ක් ඉදිරියෙන් සිටියේ 17-13ක් ලෙසයි.

සම්පූර්ණ වාර්තාව: බහරේන් සමාජය මහනුවර කණ්ඩායමේ ශූරතා බලාපොරොත්තු බිඳ දමයි


  මලල ක්‍රීඩා  

පළමු දිනයේ දී ම ජාතික වාර්තාවක් අලුත් වේ

athletic

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ඉහළින්ම පැවැත්වෙන උත්කර්ෂවත් තරගාවලියක් වන, ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් ඊයේ (22) ආරම්භ වූයේ මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දීයි. 43 වැනි වරටත් පවත්වනු ලබන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගී විය.

.

සම්පූර්ණ වාර්තාව: ජාතික වාර්තාවක් අලුත් වෙමින් මලල ක්‍රීඩා ඉසව් ඇරඹේ

දිනයක අවසානය