ගෙවුණු දවස ඔක්තෝබර් 18 – තරගාවලි ජය පාකිස්තානයට

174

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

10 වැනි වරටත් පරාදයි

තරග 100කටත් වඩා අත්දැකීම් ඇති ක්‍රීඩකයින් රැසක් පිරිවරාගත් ශ්‍රී ලංකා පිළ අසරණ කරමින් තෙවැනි එක්දින තරගයෙන් සහ එක්දින තරගාවලියෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඊයේ (18) පාකිස්තානු කණ්ඩායමට අවස්ථාව උදා විය.

එහි දී සුපිරි දක්ෂතා අතරට පිවිසියේ තවමත් 24 වැනි වියටවත් පා තබා නැති යොවුන් ක්‍රීඩකයින් දෙපළක් වන ඉමාම් උල්-හක් සහ හසන් අලියි. අබුඩාබි නුවර දී පැවති මෙම තරගය, එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දී ජයග්‍රහණ වාර්තා කිරීමට නම් අත්දැකීම්වලට වඩා වැදගත් වන්නේ හොඳින් දක්ෂතා අතර සිටීම බව තහවුරු කිරීමට කදිම නිදසුනක් සැපයීය.

සම්පූර්ණ වාර්තාව: පාකිස්තානු නවකයින් දෙදෙනෙක් පළපුරුදු ශ්‍රී ලංකාවට බැටදෙයි!


ජයග්‍රහණය සාන්ත ජෝන් විදුහලට

කේ. කපිල්රාජ්ගේ සහ එම්. අභිනාෂ්ගේ සුපිරි පන්දු යැවීමේ දක්ෂතා හමුවේ සවිමත් වූ යාපනය සාන්ත ජෝන් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය සමඟ පැවති සාම්ප්‍රදායික ක්‍රිකට් තරගයෙන් ලකුණු 10ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් විය.

දශක තුනක දීර්ඝ නිහැඬියාවකින් පසු 2014 වසරේ දී මෙම සාම්ප්‍රදායික තරගය නැවත ආරම්භ කිරීමෙන් පසුව යාපනය ක්‍රීඩකයන් ජයග්‍රහණයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.

සාන්ත ජෝන් විද්‍යාල පළමු ඉනිම –  (සියල්ලන් දැවී) – 65 (29.1) : මනුල පෙරේරා – 4/13, කවිඳු පතිරණ – 3/17

රාජකීය විද්‍යාල පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 111 (33.2) : ගයාන් දිසානායක – 30, කවිඳු චතුරංග – 29, කේ. කපිල්රාජ් – 6/39

සාන්ත ජෝන් විද්‍යාල දෙවන ඉනිම –  (සියල්ලන් දැවී) – 163 (34.3) : ඩී. ශෝරපන් – 37, වී. යදූෂන් 32, කේ. කපිල්රාජ් – 30, එම්. අභිනාෂ් 29, කමිල් මිශාර – 5/23

රාජකීය විද්‍යාල දෙවන ඉනිම – (සියල්ලන් දැවී) – 107 (33) : අශාන් සචිත්‍ර 27, කවිඳු චතුරංග 22, එම්. අභිනාෂ් – 6/36, කේ. කපිල්රාජ් – 2/31

සම්පූර්ණ වාර්තාව: රාජකීය බලකොටුවට උතුරෙන් එල්ලවූ අනපේක්ෂිත වෙඩිමුරය


රග්බි –

CR කණ්ඩායම CH පරාජය කරයි

CR & FC කණ්ඩායම සහ CH & FC කණ්ඩායම අතර පැවැත්වෙන සාම්ප්‍රදායික නායකයින්ගේ තරගය ඊයේ (18) CR & FC ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි ජයග්‍රහණය ලකුණු 27-14ක් ලෙස හිමිකර ගන්නට CR & FC කණ්ඩායම සමත් විය.

  • පළමු අර්ධය: CR & FC 13 – 06 CH & FC
  • සම්පූර්ණ කාලය: CR & FC 27 – 14 CH & FC

 

දිනයක අවසානය