සාන්ත තෝමසුවෝත් අවසන් පූර්ව වටයට

68

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට අද (09) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. 

නවෝද්ගේ විශ්මිත දස්කම් මැද ශ්‍රී ලංකා පිළ අවසන් පූර්ව වටයට!

යොවුන් ආසියානු කුසලානයට තවත් පියවරකින් සමීප වෙමින් තමන් මුහුණ….

ඒ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සමඟ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 73ක ජයග්‍රහණයක් ලබා ගනිමිනි. පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 161ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 88ක් පමණි. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසියේ අනුක් පලිහවඩන සහ ඉසුරු මඩවල ය. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් කළහ. එහි දී අනුක් පලිහවඩන පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තේය. ඉසුරු මඩවල ලබා ගත් ලකුණු සංඛ්‍යාව 22කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 44කට මුහුණ දුන් අතර හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඊට අතුලත් කළේය. 

ඔවුන් විසින් ආරම්භ කළ සාන්ත තෝමස්  ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ රයන් ප්‍රනාන්දු ය. ඔහු පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තේය. පළමු කඩුලු ත්‍රිත්වයේ දී සාන්ත තෝමසුවෝ තරගයේ ආධිපත්‍යය තමන් වෙත නතුකර ගත්ත ද ඊට පසුව සාන්ත ජෝසප් පන්දු යවන්නෝ දක්ෂතා අතරට පිවිසෙමින් තරගයේ සාන්ත තෝමස් ඉනිම පාලනය කළහ. 

ඇෆ්ගනිස්තාන යොවුන් පිළෙන් ඉන්දියාවට හොඳ සටනක්!

නුදුරු අනාගතයේදීම ජගත් ක්‍රිකට් පිටියේ දිදුලන්නට බලා සිටින නවක ක්‍රීඩකයින්….

පළමු පිතිකරුවන් තිදෙනාගෙන් පසුව ගල්කිස්ස ක්‍රීඩකයන්ගේ ඉනිමේ  ඉලක්කම් දෙකේ ලකුණු රැස් කිරීමට සමත් වූයේ අනීෂ් කමල්චන්ද්‍ර (11) සහ රනුක පෙරේරා (12) පමණි. අනෙකුත් සෑම පිතිකරුවෙක්ම ලකුණු 10කට අඩුවෙන් තැබීමට සාන්ත පීතර පන්දු යවන්නෝ සමත් වූහ. සාන්ත තෝමස් ඉනිම් අවසන් කඩුලු 4 ලකුණු 19කට සීමා කිරීමට ද ඔවුන් සමත් වූහ. 

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 07කට කඩුලු 3ක් දවා ගත්හ. ඊට අමතරව දේශාන් සෙනෙවිරත්න සහ යෙසිත් රූපසිංහ ද කඩුලු 2 බැගින් දවා ගත්හ. 

Photos: S. Thomas’ College vs St. Joseph’s College | U17 Cricket Tournament 2019 | Quarter Final

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත පීතර ක්‍රීඩකයන්ට සිදු වූයේ නොසිතූ අකරතැබ්බයකට මුහුණ දීමට ය. ඔවුන්ගේ ලකුණු 50 වාර්තා වෙද්දී කඩුලු 4ක් අහිමි කිරීමට සාන්ත තෝමස් පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී සාන්ත ජෝසප් විද්‍යාලයීය ලකුණු පුවරුව 41 දී, 62 දී සහ 65 දී කඩුලු ද්විත්වය බැගින් දවා ගැනීමට සාන්ත තෝමස් පන්දු යවන්නෝ සමත් වූහ. 

සාන්ත ජෝසප් විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා වූයේ ෂෙරන් ෆොන්සේකා ය. ඔහු පන්දු 40ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේය. ඊට අමතරව අනුක් ද සිල්වා පන්දු 22ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තේය. 

ඇෆ්ගනිස්තාන යොවුන් පිළෙන් ඉන්දියාවට හොඳ සටනක්!

නුදුරු අනාගතයේදීම ජගත් ක්‍රිකට් පිටියේ දිදුලන්නට බලා සිටින නවක ක්‍රීඩකයින්….

කඩුලු ලබා ගැනීමේ දී රවිඳු ගුණසේකර ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව අනුක් පලිහවඩන සහ අනීෂ් කමල්චන්ද්‍ර කඩුලු 2 බැගින් දවා ගත්හ.  

සාන්ත තෝමස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 161 (48.1): අනුක් පලිහවඩන 23, ඉසුරු මඩවල 22, රයන් ප්‍රනාන්දු 60, දේශාන් සෙනෙවිරත්න 2/34, යෙසිත් රූපසිංහ 2/40, දුනිත් වෙල්ලාලගේ 3/07

සාන්ත ජෝසප් විද්‍යාලය; සියලුම දෙනා දැවී 88 (31.5): ෂෙරන් ෆොන්සේකා 27, ශනුක ද සිල්වා 21, අනුක් පළිහවඩන 2/17, රවිඳු ගුණසේකර 3/12, අනීෂ කමල්චන්ද්‍ර 2/18

මෙම තරගයත් සමගින් මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග නිමා වන අතර අවසන් පූර්ව වටය සඳහා අද තරගයේ ජයග්‍රහණය කළ සාන්ත තෝමස් විද්‍යාලය සමග කොළඹ නාලන්දා විද්‍යාලය පරාජයට පත් කළ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කළ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය පරාජයට පත් කළ කොළඹ මහානාම විද්‍යාලය සුදුසුකම් ලබා ගත්තේය. 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<