කලකට පසු තිරිමාන්න විස්සයි විස්ස හොල්ලයි; ජය රාගමට

1553

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගතයට දක්ෂ ක්‍රීඩකයින් සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (02) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

රවිඳු සහ තික්ෂිල පිත්තෙන් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (01) පැවති අතර එහි දී හලාවත ක්‍රිකට් සමාජය, කොළඹ ක්‍රිකට්…

අද පැවැත්වූ තරගවලින් ගුවන් හමුදාව, මුවර්ස්, එන්. සී. සී, බී. ආර්. සී, නාවික හමුදාව, කොළඹ ක්‍රිකට් සමාජය, කෝල්ට්ස්, ගාලු ක්‍රිකට් සමාජය, යුද හමුදාව, සැරසන්ස් හා රාගම යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත් විය.

මුවර්ස් කණ්ඩායම හා බදුරලිය කණ්ඩායම අතර පැවැත්වූ තරගයේ දී මුවර්ස් නායක චාමර සිල්වා ලකුණු 45ක් ලබාගෙන සිය කණ්ඩායම ලකුණු 155ක් දක්වා රැගෙන ගියේය. පන්දු යැවීමේ දී නායක අලංකාර අසංක හා සංජය චතුරංග කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි. පිළිතුරු ඉනිම දියත් කිරීමේ දී සංජය නොදැවී ලකුණු 60*ක් ලබා ගත්ත ද එය ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

වරාය අධිකාරි කණ්ඩායමට එදිරිව පැවැත්වූ තරගයේ දී රොස්කො තටිල් නොදැවී ලකුණු 43*ක් හා කඩුලු  2ක් දවා ගනිමින් දස්කම් දැක්විය. අවසානයේ ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් වරාය අධිකාරිය පරාජයට පත්කරන ලදි. මෙතුවක් පුරාවටම දස්කම් දක්වමින් සිටි හලාවත ක්‍රිකට් සමාජයට අද දිනය එතරම් සුබදායී නොවූයේ එන්. සී. සී කණ්ඩායම හමුවේ ලකුණු 69කින් පරාජය වීම නිසාවෙනි.

ගාලු ක්‍රිකට් සමාජය ලන්කන් ක්‍රිකට් සමාජට එදිරිව ලකුණු 15ක ජයක් හිමි කර ගත් මෙම තරගය එන්. සී. සී පිටියේ දී නිමා විය. ගාලු ක්‍රිකට් සමාජයේ හර්ෂ රාජපක්ෂ ලකුණු 48යි. රාගම ක්‍රිකට් සමාජයේ නායක ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 45*ක් ලබාගෙන  පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 4කින් පරාජයට පත්කිරීමට සිය දායකත්වය ලබා දෙන ලදි.

යුද හමුදා කණ්ඩායම හා බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම අතර පැවැත්වූ තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම ලකුණු 145ක් රැස්කර ගත්තේය. පිළිතුරු ඉනිම දියත් කළ යුද හමුදාව වෙනුවෙන් අජන්ත මෙන්ඩිස් නොදැවී ලකුණු 27*ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී කඩුලු 4ක් දවාලූ ජනිත් සිල්වා ලකුණු 26ක් රැස්කර ගැනීමට සමත් විය. සැරසන්ස් කණ්ඩායම හා පානදුර කණ්ඩායම අතර පැවැත්වූ තරගයේ රුවිඳු ගුණසේකර නැවතත් නොදැවී වේගවත් පිතිකරණයක නිරත වෙමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා සිය සෘජු දායකත්වය ලබා දුනි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා වරාය අධිකාරිය

රාය අධිකාරිය – 97 (15.5): ගයාන් මනීශාන් 35, දිලීප් තාරක 2/10, බුද්ධික සඳරුවන්  2/13, සොහාන් රංගික 2/19, රොස්කො තටිල් 2/24.

ගුවන් හමුදාව – 100/7 (16.4): රොස්කො තටිල් 43*, ගයාන් මනීශාන් 2/01, රනේශ් පෙරේරා 2/20.

තරග ප්‍රතිඵලය – ගුවන් හමුදාවට කඩුලු 3ක ජයක්


මුවර්ස් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රිකට් සමාජය

මුවර්ස් – 155/8 (17): චාමර සිල්වා 45, සුපේශල ජයතිලක 33, චරිත කුමාරසිංහ 27, අලංකාර අසංක 3/22, සංජය චතුරංග 3/40.

බදුරලිය – 114/7 (17): සංජය චතුරංග 60*, නදීර නාවල 26, අදීශ තිලංචන 3/17, නිලංක සඳකැන් 2/19.

තරග ප්‍රතිඵලය – මුවර්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 41ක ජයක්


එන්. සී. සී හා හලාවත ක්‍රිකට් සමාජය

එන්. සී. සී – 123/7 (13): ඇන්ජලෝ පෙරේරා 39, ලහිරු උදාර 23, මලින්ද පුෂ්පකුමාර 2/09, අසිත ප්‍රනාන්දු 2/28

හලාවත ක්‍රිකට් සමාජය – 54 (13): මලින්ද පුෂ්පකුමාර 24*, සචින්ත පීරිස් 2/04, ලසිත් මාලිංග 2/09.

තරග ප්‍රතිඵලය – එන්. සී. සී කණ්ඩායමට ලකුණු 69ක ජයක්


කළුතර නගර සමාජය හා බී. ආර්. සී

කළුතර නගර සමාජය – 100/9 (20): දේවින්ද් පද්මනාදන් 39, තිලකරත්න සම්පත්  3/13, සුරාජ් රන්දිව් 3/19.

බී. ආර්. සී – 101/4 (15.4): ලිසුල ලක්ෂාන් 22, ටී. එම්. සම්පත් 21, නිපුන කාරියවසම් 3/24.

තරග ප්‍රතිඵලය – බී. ආර්. සී කණ්ඩායමට කඩුලු 6ක ජයක්


කොළඹ ක්‍රිකට් සමාජය හා මීගමුව ක්‍රිකට් සමාජය

මීගමුව – 101/8 (18): සඳුන් ඩයස් 28, ලක්ෂාන් සඳකැන් 3/11, වනිඳු හසරංග 2/27.

කොළඹ ක්‍රිකට් සමාජය – 105/6 (16.5): මාධව වර්ණපුර 35*, උමේග චතුරංග 3/18.

තරග ප්‍රතිඵලය – කොළඹ ක්‍රිකට් සමාජය කඩුලු 4ක ජයක්


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය

නාවික හමුදාව – 142/9 (20): දුශාන් හේමන්ත 40, බුද්ධික හසරංග 27, ඉශාන් අබේසේකර 23, ධනුෂ්ක ධර්මසිරි 3/23.

කුරුණෑගල – 133/9 (20): ධනුෂ්ක ධර්මසිරි 27, අමිල මදුසංක 2/20, නුවන් සම්පත් 2/23.

තරග ප්‍රතිඵලය – නාවික හමුදාවට ලකුණු 9ක ජයක්


ගාලු ක්‍රිකට් සමාජය හා ලන්කන් ක්‍රිකට් සමාජය අතර තරගය

ගාලු  ක්‍රිකට් සමාජය – 148/7 (20): හර්ෂ රාජපක්ෂ 48, නිලංක රුක්ෂිත 37, අරුන් ධර්මසේන 28 හසන්ත ප්‍රනාන්දු 21, නෙළුම් කුමාර 3/13, රජීව වීරසිංහ 2/26.

ලන්කන් ක්‍රිකට් සමාජය – 133 (19.1): ලක්ෂාන් රොද්‍රිගෝ 40, මදුරංග සොයිසා 38, සජන ද සිල්වා 32, ගයාන් සිරිසෝම 2/17, රවීන් සේයර් 2/23, රජිත් ප්‍රියාන් 2/25.

තරග ප්‍රතිඵලය – ගාලු ක්‍රිකට් සමාජයට ලකුණු 15ක ජයක්


ටැමිල් යූනියන් හා කෝල්ට්ස් ක්‍රිකට් සමාජය

ටැමිල් යූනියන් – 77 (11.3): බිනුර ප්‍රනාන්දු 22, නිසල තාරක 3/08, ප්‍රභාත් ජයසූරිය 2/12.

කෝල්ට්ස් – 78/4 (10.3): සහන් ආරච්චිගේ 32, බිනුර ප්‍රනාන්දු 2/19, ප්‍රමෝද් මදුශාන් 2/22.

තරග ප්‍රතිඵලය – කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 6ක ජයක්


පොලිස් ක්‍රීඩා සමාජ හා රාගම ක්‍රිකට් සමාජය

පොලිස් – 133 (20): කුශාන් වීරක්කොඩි 48, ජනිත් ලියනගේ 3/17, කුශාන් වීරක්කොඩි 3/38, ඉශාන් ජයරත්න 2/12.

රාගම – 137/6 (18.1): ලහිරු තිරිමාන්න 45*, ලහිරු මිලන්ත 30, අක්ශු ප්‍රනාන්දු ප්‍රනාන්දු 23, මහේෂ් ප්‍රියදර්ශන 2/24.

තරග ප්‍රතිඵලය – රාගම ක්‍රිකට් සමාජයට කඩුලු 4ක ජයක


යුද හමුදා ක්‍රීඩා සමාජය හා බ්ලූම්ෆීල්ඩ්

බ්ලූම්ෆීල්ඩ් – 144/8 (20): රමේශ් මෙන්ඩිස් 31, අනුක් ප්‍රනාන්දු 27, ජනිත් සිල්වා 4/30, අජන්ත මෙන්ඩිස් 2/27, දුශාන් විමුක්ති 2/29.

යුද හමුදාව – 145/8 (19.4): අජන්ත මෙන්ඩිස් 27*, ජනිත් සිල්වා 26, අශාන් රන්දික 24, රමේශ් මෙන්ඩිස් 3/16.

තරග ප්‍රතිඵලය – යුද හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 2ක ජයක්


සැරසන්ස් ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය

සැරසන්ස් – 160/8 (20): රුවිඳු ගුණසේකර 81*, හර්ෂ කුරේ 34, රයන් කර්න් 2/16, සුරේෂ් පීරිස් 2/34.

පානදුර – 107/8 (16.3): ප්‍රනීත් විජේසේන 34, ශස්රික පුස්සෙගොල්ල 24, ගමිඳු කනිශ්ක 2/14, රුවිදු ගුණසේකර 2/28.

තරග ප්‍රතිඵලය – සැරසන්ස් කණ්ඩායමට ලකුණු 34ක ජයක් (D/L)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<