තරගයේ පළමු දිනය තුලම ගාලු ක්‍රිකට් සමාජයෙන් පෙරළියක්

901

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ B කොටසේ තරග හතරක් අද (5) ආරම්භ විය.

එහි දී ගාලු ක්‍රිකට් සමාජයේ ගයාන් සිරිසෝම හා ලසිත් ප්‍රනාන්දු කඩුලු 5 බැගින් දවා ගනිමින් පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම සුනු විසුනු කළේ තරගයේ පළමු දිනය තුළ වැඩි වාසිය සිය යටතට නතු කර ගනිමිනි.

අකලංක සහ ලසිත්ගෙන් දක්ෂතා

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ අද (05) ඇරඹි තරගවල දී සුවිශේෂී දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම…

පොලිස් ක්‍රීඩා සමාජය හා ගාලු ක්‍රිකට් සමාජය

කටුනායක නිදහස් වෙළඳ කලාප පිටියේ දී කාසියේ වාසිය දිනාගත් පොලිස් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දුන් අතර වමතින් දඟපන්දු යවන ගයාන් සිරිසෝම හා ලසිත් ප්‍රනාන්දු පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම  සුනු විසුනු කළේ කඩුලු 5 බැගින් දවා ගනිමිනි. සමිත් දුෂ්‍යන්ත පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 23කට දැවී ගියේය.

සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ ගාලු ක්‍රිකට් සමාජය තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 193ක් ලබා ගත්තේ ලසිත් ප්‍රනාන්දු ඔවුන්ගේ ආරම්භය සාර්ථක කළ නිසාවෙනි. ඔහු හට අනගි සහයක් දුන් නායක දමිත හුණුකුඹුර 4 පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබාගෙන සිටිය දී නිමේෂ් විමුක්තිගේ පන්දුවකට දැවී ගියේය. දිනය අවසානයේ ගාලු ක්‍රිකට් සමාජය පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම වඩා ලකුණු 98ක් ඉදිරියෙන් සිටියි.

පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 95/10 (27.3): සමිත් දුෂ්‍යන්ත 23, ගයාන් සිරිසෝම 5/29, ලසිත් ප්‍රනාන්දු 5/49.

ගාලු ක්‍රිකට් සමාජ පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) -193/4 (68): ලසිත් ප්‍රනාන්දු 64, දමිත හුණුකුඹුර 53.

සාන්ත ජෝසප් ලකුණු පුවරුවට ශතක දෙකක්

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම අද (5) ආරම්භ විය. ඒ අතුරෙන් සාන්ත ජෝසප් විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වූ තරගය…

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා කළුතර නගර ක්‍රීඩා සමාජය

කුරුණෑගල වෙලගෙදර පිටියේ දී කාසියේ වාසිය දිනූ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමුව පන්දුවට පහර දී තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 275ක් ලබා ගන්නා ලදි.

එහි දී කඩුලු රකින ක්‍රීඩක දමිත් පෙරේරා ලකුණු 88ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත විය. එම ඉනිමට 4 පහර 12ක් අන්තර්ගත විය. නායකත්වයේ පිතිකරණයක නිරත වෙමින් ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළ ධනුෂ්ක ධර්මසිරි 4 පහර 7ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේය. දිනය නිමා වන විට කඩුල්ලේ රැඳී සිටි රුවන්ත ඒකනායක ලකුණු 14*යි.

පන්දු යැවීමේ දී කළුතර නගර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලක්ෂාන් ජයසිංහ හා මතිෂ පෙරේරා කඩුලු 2 බැගින් දවා ගන්නා ලදි.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 275/7 (90): දමිත් පෙරේරා 88, ධනුෂ්ක ධර්මසිරි 52, තරිඳු දිසානායක 46, චරිත මෙන්ඩිස් 28, ලක්ෂාන් ජයසිංහ 2/39, මතිෂ පෙරේරා 2/66.


පානදුර ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය

කශිෆ් නවීඩ් හා ලක්ෂාන් රොද්‍රිගෝගේ අර්ධ ශතක නිසාවෙන් වර්ණවත් වූ මෙම තරගය අද පානදුර ක්‍රීඩා සමාජ පිටියේ දී ආරම්භ විය.

කාසියේ වාසිය දිනාගත් ලංකන් ක්‍රිකට් සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කළ මෙහි දී පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉනිම ලකුණු  218කට සීමා කිරීමට ඔවුන් හට හැකි විය. එහි දී දකුණතින් පිත්ත හසුරුවන නවීඩ් වර්ණවත් 4 පහර 9ක් එල්ල කරමින් අර්ධ ශතකයක් ලබාගෙන පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් සවියක් විය. සකුරංග ෆොන්සේකා හා රසික ප්‍රනාන්දු ලකුණු 39කට ලංකන් ක්‍රිකට් සමාජය පන්දු යවන්නන්ගේ ගොදුරු බවට පත්විය. දක්ෂ ලෙස පන්දු යැවූ නවින් කවිකාර කඩුලු 4යි.

සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරන ලංකන් ක්‍රිකට් සමාජය අද දිනය අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 142ක් ලබාගත්තේ ලක්ෂාන් රොද්‍රිගෝ ලකුණු 63ක් ලබාගෙන සකස් කළ පදනම නිසාවෙනි. ලක්ෂාන්ගේ ඉනිම 4 පහර 11කින් අලංකාරවත් විය. නොදැවී ක්‍රීඩා කරන චානක රුවන්සිරි ලකුණු 27*යි.

පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 218/10 (60.1): කශිෆ් නවීඩ් 50, සකුරංග ෆොන්සේකා 39, රසික ප්‍රනාන්දු 39, සුරේෂ් පිරිස් 31, නවින් කවිකාර 4/80, දිනුෂ්ක මාලන් 3/42.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම -142/3 (27): ලක්ෂාන් රොද්‍රිගෝ 63, ශසින් ප්‍රනාන්දු 28, චානක රුවන්සිරි 27*, සුරේෂ් පිරිස් 3/37.

යුගල වශයෙන් පහර දුන් ආරම්භකයෝ

ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු වීම කියන්නේ අභියෝග ගොඩක්. ඒ අභියෝග ගොඩට සාර්ථකව මුහුණ දී ලොව වැඩිම ලකුණු සබඳතාවයන් වාර්තා කළ ආරම්භක පිතිකරුවන් යුගල…

ගුවන් හමුදා ක්‍රීඩා  සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය

තරගයේ පළමු දිනයේ නිමාව සටහන් වන විට නාවික හමුදා ක්‍රීඩා සමාජය ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිමට වඩා ලකුණු 283ක් පසුපසින් සිටින ලදි.

කාසියේ වාසිය දිනාගත් සත්කාරක නාවික හමුදා ක්‍රීඩා සමාජය වැලිසර දී පළමුව පන්දුවට පහර දීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ආරාධනා කළේය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් දුලාශ් උදයංග යළිත් ශතකයක් ලබා ගන්නා ලදි. ඒ සුපිරි ඉනිමට 4 පහර 4 පහර 15ක් හා එක 6 පහරක් අන්තර්ගත විය. තරුෂන් ඉද්දමල්ගොඩගේ පන්දුවකට උදයංග දැවී ගිය පසු රවිඳු ගුණවර්ධන නොදැවී ලකුණු 40*ක් ලබාගෙන ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිම ලකුණු 304ක් දක්වා රැගෙන යන ලදි. තරුෂන් ඉද්දමල්ගොඩ ලකුණු 39ක් තුළ කඩුලු 4ක් දවා ගන්නා ලදි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 304/10 (83.5): දුලාශ් උදයංග 115, රවිඳු ගුණවර්ධන 40*, චාමිකර හේවාගේ 32, තරුෂන් ඉද්දමල්ගොඩ 4/39, සුදාරක දක්ෂිණ 3/68.

නාවික හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 21/1 (4):

මෙම තරග කිහිපය හෙටත් (6) දෙවන දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න