හලාවත මේරියන්ස්ට විශිෂ්ට ජයක්; ශතක වැස්සක්

885

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” තෙදින ක්‍රිකට් තරගාවලියේ A කොටසේ තරග අද (9) දෙවන දිනටත් ක්‍රියාත්මක විය. එහි දී පැවැත්වූ එක් තරගයකින් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ලකුණු 94කින් ජයග්‍රහණය කරන ලදි.

සොලමන්ස්, ගමිඳු හා මනෝජ් ශතක අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ A කොටසේ තරග…

එන්. සී. සී  හා හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය

B කාණ්ඩයේ තරගයක් ලෙසින් කටුනායක නිදහස් වෙළඳ කලාප පිටියේ ආරම්භ වූ මෙම තරගයේ හලාවත මේරියන්ස් කාසියේ වාසිය ජයග්‍රහණය කර සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 206ක් ලබා ගන්නා ලදි.

හලාවත මේරියන්ස් පිලේ ලකුණු 206ට පිළිතුරු ලෙස එන්. සී. සී පිලට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 128ක් පමණි. එහි දී මහේල උඩවත්ත ලකුණු 46ක් රැස්කර ගන්නා විට, හසිත ප්‍රනාන්දු හා සචිත්‍ර හා මාලින්ද පුෂ්පකුමාර අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

තික්ෂිල සිල්වා ලකුණු 37ක් ලබාගෙන හලාවත මේරියන්ස් දෙවන ඉනිම ලකුණු 132ක් දක්වා රැගෙන ආ අතර, යළිත් ක්‍රියාත්මක වූ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ලසිත් ඇඹුල්දෙණිය දක්ෂ ලෙස පන්දු යවමින් කඩුලු 5ක් දවා ගන්නා ලදි.

පසුව ලකුණු 211ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එන්. සී. සී පිලට සාර්ථකත්වයට යාමට මාලින්ද පුෂ්පකුමාර අවස්ථාව ලබා නොදුන්නේ ලකුණු 25ක් තුල කඩුලු 5ක් දවා ගනිමිනි.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 206/10 (53): කසුන් විදුර 50, රුක්ශාන් ප්‍රනාන්දු 37, සචිත්‍ර සේරසිංහ 26, ලසිත් ඇඹුල්දෙණිය 5/66, ඇන්ජලෝ පෙරේරා 2/34.

එන්. සී. සී පළමු ඉනිම – 128/10 (39.5): මහේල උඩවත්ත 46, ලහිරු උදාර 24, සචිත්‍ර සේරසිංහ 3/21, හසිත ප්‍රනාන්දු 3/30, මාලින්ද පුෂ්පකුමාර 3/40.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම – 132/10 (20.2): තික්ෂිල ද සිල්වා 37, ඕශද ප්‍රනාන්දු 24, ලසිත් ඇඹුල්දෙණිය 5/57.

එන්. සී. සී දෙවන ඉනිම – 116/10 (28): සඳුන් වීරක්කොඩි 32, මාලින්ද පුෂ්පකුමාර 5/25, සචිත්‍ර සේරසිංහ 4/48.


සැරසන්ස් ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සැරසන්ස් පිල මුවර්ස් පිටියේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

තරගයේ පළමු දිනය අවසානයේ සැරසන්ස් පිල කඩුලු 7ක් දැවී ලකුණු 369ක් ලබා ගත්තේය. අද දිනය ආරම්භයේ දී සැරසන්ස් පළමු ඉනිම ලකුණු 432ක දැවැන්ත ලකුණකට ඇදී ගියේය. පන්දු යැවීමේ දී තරිඳු රත්නායක කඩුලු 5යි.

මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරගයේ දෙවන දිනය අවසානයේ වමතින් පිත්ත හසුරුවන ප්‍රමෝශ පෙරේරා හා ඉරෝශ සමරසූරිය ශතක රැස් කළේය. මුවර්ස් පිල සැරසන්ස් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 144ක් පසුපසින් පසුවෙයි.

සැරසන්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 432/10 (102.3): ඇන්ඩි සොල්මන්ස් 152, ගමිඳු කනිශ්ක 108, චතුර රන්දුනු 41, තරිඳු රත්නායක 5/156, ශිරාන් ප්‍රනාන්දු 4/114.

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 288/3 (73): ප්‍රමෝශ පෙරේරා 142, ඉරෝශ සමරසූරිය 111, ඇන්ඩි සොල්මන්ස් 1/34.

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියට පෙර සූදානම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග සංචාරයේ තරග 3කින් සමන්විත…


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය

කොල්ට්ස් පිටියේ දී A කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ දෙවන දිනය අවසානයේ බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම ලකුණු 105කට කඩුලු 4ක් ලෙස දැක්විය.

කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් මැදපෙළ සවිමත් කළ යොවුන් ක්‍රීඩක හශාන් දුමිඳු නොදැවී ලකුණු 168*ක් ලබා ගන්නා ලදි. මොහොමඩ් ශිරාස් ලකුණු 65යි. පන්දු යැවීමේ දී මලිත් ද සිල්වා කඩුලු 5යි.

කෝල්ට්ස් ලකුණු 400ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ බ්ලූම්ෆීල්ඩ් පිල වෙනුවෙන් නිසල් ෆ්‍රැන්සිස්කෝ හා නිපුන් කරුණානායක පිළිවෙළින් ලකුණු 33යි හා ලකුණු 28යි. දෙවන දිනය අවසානයේ කෝල්ට්ස් පිල බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 295ක් ඉදිරියෙන් සිටියි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 400/10 (148.5): හශාන් දුමිඳු 168*, මොහොමඩ් ශිරාස් 65, දිල්රුවන් පෙරේරා 60, සංගීත් කුරේ 37, මලිත් ද සිල්වා 5/105.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 105/4 (32): නිසල් ෆ්‍රැන්සිස්කෝ 33, නිපුන් කරුණානායක 28.


බී. ආර්. සී හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී බී. ආර්. සී පිලේ පළමු ඉනිම ලකුණු 187කට සීමා කිරීමට චානක කොමසාරු හා මදුක ලියනපතිරණගේ ඇතුළු වරාය අධිකාරි පන්දු යවන්නන් සමත් විය. ඔවුන් දෙදෙනා අතරේ කඩුලු 3 බැගින් බෙදී යන ලදි.

වරාය අධිකාරිය අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 75ක් ලබාගෙන තිබුණි. යොහාන් ද සිල්වා සිය ශතකය සම්පූර්ණ කර ගත් අතර අවසානයේ ලකුණු 103කට දැවී ගියේය. පන්දු යැවීමේ දී සුරාජ් රන්දිව් හා චාමිකර එදිරිසිංහ අතරේ කඩුලු ත්‍රිත්වය බැගින් බෙදී ගියේය.

බී. ආර්. සී පිල ලකුණු 5ක අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කිරීමට පිටියට අවතීර්ණ වුවත් එහි දී ද ඔවුන්ට සාර්ථක ලකුණක් වෙත යාමට මදුක ඇතුළු වරාය අධිකාරි පන්දු යවන්නන් අවස්ථාව නොදුන්හ. යම් කිසි ආකාරයෙන් සෑහීමකට පත්වීමට හැකි පිතිකරණයක නිරත වූ ලසිත් ලක්ෂාන් අවාසනාවන්ත ලෙස ලකුණු 48කට දැවී ගියේ බී. ආර්. සී දෙවන ඉනිම දෙවන දිනය අවසානයේ 116/8ක් ලෙස සනිටුහන් කරමිනි

බී. ආර්. සී පළමු ඉනිම – 187/10 (65.5): විකුම් සංජය 51, චාමිකර එදිරිසිංහ 24, චානක කොමසාරු 3/40, මදුක ලියනපතිරණගේ 3/41.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පළමු ඉනිම – 192/10 (65.3): යොහාන් ද සිල්වා 103,  මදුක ලියනපතිරණගේ 30, යශෝද ලංකා 26, චාමිකර එදිරිසිංහ 3/40 සුරාජ් රන්දිව් 3/49.

බී. ආර්. සී දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) –  116/8 (45.1): ලසිත් ලක්ෂාන් 48, මදුක ලියනපතිරණගේ 3/16, අදීල් මලික් 2/22.

හතුරු නිල වශයෙන්ම ශ්‍රී ලංකාවට මිතුරු වෙයි

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (08)…


බදුරලිය ක්‍රිකට් සමාජය හා ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය

ටැමිල් යූනියන් පිල වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ කඩුලු රකින දකුණත් පිතිකරුවෙක් වන මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 119*ක් නොදැවී ලබාගෙන සිය ඉනිම අවසන් වන තුරු ක්‍රීඩා පිටියේ රැඳී සිටින ලදි. අලංකාර අසංක පන්දු යැවීමේ දී කඩුලු 5ක් දවාලන ලදි.

ලකුණු 332කට පිළිතුරු ලෙස සිය ඉනිම දියත් කළ බදුරලිය පිලේ පැතුම් නිස්සංකගේ ශතකය නොතිබෙන්නට තරගය අද දිනය තුල අවසන් වීමට වැඩි ඉඩකඩක් තිබුණි. ඒ රමිත් රඹුක්වැල්ල ඇතුළු ටැමිල් යූනියන් පන්දු යවන්නන් දක්ෂ ලෙස පන්දු යැවීම නිසාවෙනි. එහි දී රඹුක්වැල්ල කඩුලු 6යි. බදුරලිය පළමු ඉනිම ලකුණු 196කට සීමා වූ පසුව නැවතත් ටැමිල් යූනියන් පිල සිය දෙවන ඉනිම මග්ගොන සරේ ගම්මාන පිටියේ දී දිග හරින්නට වූයේ බදුරලිය ක්‍රිකට් සමාජය දැඩි පීඩනයකට හසුකරමිනි. දෙවන දිනය අවසන් වන විට ටැමිල් යූනියන් පිල බදුරලිය පළමු ඉනිමට වඩා ලකුණු 181ක් පෙරමුණේ පසුවෙයි.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 332/10  (93.1): මනෝජ් සරත්චන්ද්‍ර 119*, ජීවන් මෙන්ඩිස් 77, සිතිර ගිම්හාන් 43, අලංකාර අසංක 5/106.

බදුරලිය ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 196/10 (64.1): පැතුම් නිස්සංක 100, රමිත් රඹුක්වැල්ල 6/40.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 45/1 (17): දිනෙත් තිමෝද්‍ය 19*.


එස්. එස්. සී හා රාගම ක්‍රිකට් සමාජය

කුරුණෑගල වෙළගෙදර පිටියේ A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය ඊයේ දිනය තුල එකදු පන්දු වාරයක් හෝ ක්‍රියාත්මක නොවීය. ඒ ක්‍රීඩා පිටියේ තණතිල්ල ප්‍රදේශය තෙත බරිත ස්වභාවයක් ඉසිලීම නිසාවෙනි. නමුත් අද දිනය තුල තණතිල්ල හොඳ අතට හැරී තිබූ අතර කාසියේ වාසිය දිනූ රාගම පිල පළමුව පන්දුවට පහරදෙන ලදි.

රාගම පළමු ඉනිමට උදාර ජයසුන්දර ලකුණු 71ක් එක් කරමින් දක්ෂ පිතිකරණයක නිරත විය. අමතරව ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 47ක් රාගම පළමු ඉනිමට එක්කාසු කරන ලදි. පන්දු යැවීමේ දී පා දඟපන්දු යවන 27 හැවිරිදි ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 63ක් තුල කඩුලු 5ක් දවා ගන්නා ලදි. දෙවන දිනය අවසානයේ එස්. එස්. සී. පිල කිසිවෙක් නොදැවී ලකුණු 36ක් ලබාගෙන සිටියි.

රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 187/10 (66.4): උදාර ජයසුන්දර 71, ශෙහාන් ප්‍රනාන්දු 47, ජෙෆ්රි වැන්ඩසේ 5/63.

එස්. එස්. සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 36/0 (11):

මෙම තරග සියල්ලම හෙට (10) තෙවන හා අවසන් දිනටත් ක්‍රියාත්මක වෙනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<