පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කරයි

4087

එළඹෙන සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පියවර ගන්නා ලදි.

විස්සයි විස්සට අලුතින් දෙන්නෙක්

සැප්තැම්බර් මස 6 වැනි දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඉන්දියාවට එදිරිව පැවැත්වීමට නියමිත එකම විස්සයි විස්ස ….

අත්දැකීම් සහිත වේගපන්දු යැවීමේ තුරුම්පුවක් වන ධම්මික ප්‍රසාද් කලකට පසු ශ්‍රී ලංකා සංචිතයකට කැඳවා තිබෙන්නේ ඔහුගේ උරහිසේ මතුව තිබූ ආබාධය සුව වීමත් සමඟයි. මේ අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා නායකයා ලෙස පත් කර සිටින උපුල් තරංග මාස 6ක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සීමිත පන්දුවාර ක්‍රිකට් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට අවසර ඉල්ලා ඇති බැවින් ඔහු මෙම සංචිතයට ඇතුළත් නොවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ට අත්දැකීම් සහිත රොෂේන් සිල්වා මෙන්ම මුල්පෙළ පිතිකරුවෙකු වන සධීර සමරවික්‍රම සහ 20 හැවිරිදි යොවුන් පිතිකරණ බලාපොරොත්තුවක් වන චරිත් අසලංක ද මෙම මූලික සංචිතයට කැඳවුම් ලබා සිටියි.

මෙම මූලික සංචිතයට ඇතුළත් තවත් ප්‍රධාන ක්‍රීඩකයෙකු වන්නේ නීති විරෝධී ඉරියව්ව හේතුවෙන් තහනමකට ලක්ව සිට සිය ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් නැවත තරග කිරීමේ අවසරය ලබාගත් ශාමින්ද එරංගයි. ටෙස්ට් අත්දැකීම් තවමත් ලබා නොමැති දකුණත් පා දඟපන්දු යවන්නකු වන ජෙෆ්රි වැන්ඩර්සේ සහ පිට දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ද මෙම සංචිතයට ඇතුළත් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට තරග දෙකක් ඇතුළත් වන අතර ඉන් එක තරගයක් දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා මූලික සංචිතය

  1. දිමුත් කරුණාරත්න
  2. කෞෂාල් සිල්වා
  3. කුසල් මෙන්ඩිස්
  4. දිනේෂ් චන්දිමාල් – නායක
  5. ඇන්ජලෝ මැතිව්ස්
  6. ලහිරු තිරිමාන්න
  7. නිරෝෂන් දික්වැල්ල
  8. සධීර සමරවික්‍රම
  9. රංගන හේරත්
  10. සුරංග ලක්මාල්
  11. නුවන් ප්‍රදීප්
  12. ලක්ෂාන් සඳකාන්
  13. විශ්ව ප්‍රනාන්දු
  14. ලහිරු කුමාර
  15. ජෙෆ්රි වැන්ඩර්සේ
  16. මිලින්ද සිරිවර්ධන
  17. ධනංජය ද සිල්වා
  18. දුෂ්මන්ත චමීර
  19. ඩිල්රුවන් පෙරේරා
  20. මාලින්ද පුෂ්පකුමාර
  21. රොෂේන් සිල්වා
  22. අකිල ධනංජය
  23. චරිත් අසලංක
  24. ශාමින්ද එරංග
  25. ධම්මික ප්‍රසාද්

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට