ශ්‍රී ලංකාව පන්දු යවන්නන් 04කට මාරු වෙයිද? චන්දිමාල්ගෙන් ඉඟියක්

600

පාකිස්තාන කණ්ඩායම සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නන් 5 දෙනෙකු ක්‍රීඩා කරවීම හරහා එහි තිබූ ඉතා උණුසුම් තත්වය හමුවේ සාර්ථක ප්‍රතිඵල ලැබුනත්, ඉන්දියානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පන්දු යවන්නන් 4 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කරනු ඇති බවට කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් විසින් ඉඟියක් පළකරනු ලැබීය.   

හිටපු නායකයාට අලුත් තැනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ඉදිරියේ පැවැත්වෙන ක්‍රිකට් තරගවල දී අංක 4 ස්ථානයේ පිතිකරණයේ නිරත වෙනු ඇති බවට විශ්වාසදායී ආරංචි…

“පාකිස්තානය සමඟ තරගාවලියේ දී අපි ක්‍රීඩා කළේ පිතිකරුවන් 6 දෙනෙකුගෙන් සහ පන්දු යවන්නන් 5 දෙනෙකුගෙන්. විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති දැඩි උණුසුම හමුවේ ඒකෙන් අපිට සාර්ථක ප්‍රතිඵල ලැබුණා. පන්දු යවන්නන් 4 දෙනෙකුගෙන් ක්‍රීඩා කරලා තරගයක් ජයග්‍රහණය කරන ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ ස්ථානය ගැන හිතන්න වෙනවා. අපි පිටියේ තත්වය බලලා ඒකට අනුව අපේ සැලසුම් සකස් කරනවා.”

මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් චන්දිමාල් ප්‍රකාශ කළේය.

මීට පෙර පැවති ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඉන්දියානු කණ්ඩායම පූර්ණ තරගාවලියම ජයග්‍රහණය (සියලුම තරග අංශ 9-0) කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් අනතුරුව පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුවත් එහි දී පැවති එක්දින තරගාවලිය ඔවුන් තරග 5-0ක් ලෙස පරාජයට පත්විය.

“අපි හැමෝම දන්නවා මේ වන විට සිටින අංක එකේ කණ්ඩායම තමයි ඉන්දියාව. පසුගිය අවුරුදු 2ක වගේ කාලය තුළ ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. කෙසේ වුනත් අපි පාකිස්තානය සමඟ ඉතා හොඳින් ක්‍රීඩා කළා. කණ්ඩායමක් විදිහට අපි ඉහළ දක්‍ෂතා අතර සිටියා. ඒ නිසා මට විශ්වාසයි අපේ ක්‍රීඩකයෝ ඉදිරි තරගාවලියේ අභියෝගය බාරගන්න සූදානමෙන් ඉන්නේ කියලා.”

චන්දිමාල් පැවසීය.

යෙශාන්, මිතිල හා සාලිය අර්ධ ශතක අතරට

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා උරගා බැලීමට හොඳම තෝතැන්නක් බඳු 2017/18 සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අද (9) ක්‍රියාත්මක විය.

එමෙන්ම ඉන්දියානු කණ්ඩායම සමඟ ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීම විශාල අභියෝගයක් බව චන්දිමාල් පිළිගත් අතර කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පසුගිය ප්‍රතිඵල ගැන නොසිතා කණ්ඩායම මේ වන විට ඉදිරිය ගැන අවධානය යොමුකර ඇති බවයි.

“මේ තරගාවලිය අපිට ලොකු අභියෝගයක් වෙයි. ඉන්දියාවේ ඉන්න ප්‍රේක්ෂකයෝ හමුවේ ක්‍රීඩා කරන්න ලැබීම සතුටක්. අපි ගොඩක් කැමතියි මෙහේ ක්‍රීඩා කරන්න. මට අතීතය ගැන බලන්න අවශ්‍ය නැහැ. අපි හිතන්න ඕනේ අනාගතය ගැන. අපි පාකිස්තානය හමුවේ හොඳින් ක්‍රීඩා කළා. ඒ අනුව කණ්ඩායමේ ක්‍රීඩකයින් දැන් හොඳ තත්වයක සිටිනවා. ඒ අනුව අපි ඉන්දියාවට එරෙහි අභියෝගය බාරගන්න සූදානමින් සිටින්නේ.”

එමෙන්ම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම් පිළිබඳව ද ඔහු මෙහිදී අදහස් දැක්වීය.

“කණ්ඩායමක් විදිහට අපි සැලසුමක් සහිතව තරගයට එන්නේ. ඒවා අපි ක්‍රීඩා පිටිය තුළ ක්‍රියාවට නැංවිය යුතුයි. එතකොට අපිට පුළුවන් ඉන්දියානු කණ්ඩායමට හොඳ තරගයක් ලබා දෙන්න.”

ශ්‍රී ලංකාව 1982 වසරේ සිට නිල වශයෙන් ටෙස්ට් තරග සඳහා ඉන්දියාවේ සංචාරය කර ඇති නමුත් අද වන තෙක් ඔවුන් ඉන්දියාවේ පැවති ටෙස්ට් තරගාවලියක් තියා එකඳු ටෙස්ට් තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට සමත්ව නොමැත. චන්දිමාල් හට එම තත්වය වෙනස් කිරීමට අවශ්‍ය බවත්, එය කෙතරම් අසීරු කාර්යයක් ද යන බව ඔහු දන්නා බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

“අපි තවමත් ඉන්දියාවේ දී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරලා නැහැ. ඒක හැමෝටම තියෙන බලාපොරොත්තුවක්. මේක අපි කල්කටා වල ක්‍රීඩා කරන පළමු තරගය. කල්කටා වල ප්‍රේක්ෂකයන් හමුවේ ක්‍රීඩා කරන්න ලැබීම ලොකු සතුටක්. කෙසේ නමුත් කණ්ඩායමක් විදිහට හොඳ ආරම්භයක් අරන් ඉදිරිය ගැන බැලීම අප කළ යුතුයි.”

“මේක මගේ පළමු ඉන්දීය සංචාරය. ඇන්ජෙලෝ මැතිව්ස් සහ රංගන හේරත් හැර කණ්ඩායමේ අනිත් හැමෝගෙම පළමු ඉන්දියානු සංචාරය තමයි මේක. ඒ නිසා මේක අපි හැමෝටම හොඳ අභියෝගයක්.”

කුසල් මෙන්ඩිස්ව ඉවත් කළේ මේක නිසයි – ලැබ්රෝයි පැහැදිලි කරයි

මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට…

එමෙන්ම ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා හට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේ දැයි විමසා සිටි විට චන්දිමාල් පවසා සිටියේ;

“ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල අංක 1 හා 2 ස්ථානවල පසුවෙන්නේ ඔවුන් දෙදෙනා. පසුගිය අවුරුදු 2ක කාලය තුළ ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැව්වා. කොහොම වුනත් අපේ සැලසුම් ඔබ ඉදිරියේ කියන්න අපිට අවශ්‍ය නැහැ. නමුත් අපිට සැලැස්මක් තියෙනවා. තවත් සතියක කාලයකින් ඔබට බලාගන්න පුළුවන් අපේ සැලසුම් සහ අපි ඔවුන්ට මුහුණ දෙන්නේ කොහොමද කියලා.”    

පරිවර්තනය – www.news18.com වෙබ් අඩවියෙන්.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න