ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ කුසලානය ඉන්දියාවට

180

ශ්‍රී ලංකා සහ ඉන්දීය ශාරීරික අභියෝගතා සහිත ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායම ඊයේ (25) සමත් වුනා.

අර්ධ ආබාධිත තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එකට එක කරති

අර්ධ ආබාධිත තත්ත්වයට පත් ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (24)…

කොළඹ බී. ආර්. සී. පිටියේ දී ඊයේ පැවති අවසාන තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩකයෝ සමත් වුනා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 123ක් පමණයි. එම ලකුණු ප්‍රමාණය කඩුලු 4ක් පමණක් දැවී ඉතා පහසුවෙන් පසු කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වුණේ තරගය අවසන් කිරීමට තවත් පන්දු 43ක් ඉතිරි ව තිබිය දී.  

ඉන්දීය ජයග්‍රාහී ඉනිමේ දී ආරම්භක පිතිකරු බල්රාජ්ගේ නොහික්මුණු ඉනිම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දරා ගත නොහැකි වුනා. ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා.

බල්රාජ් අනෙක් ආරම්භක පිතිකරු ජීට් (06) සමඟ පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 23ක්. එම කඩුල්ල දැවී ගිය පසු තවත් ලකුණු 4ක් කණ්ඩායමට එක් වෙද්දී දෙවැනි කඩුල්ල ද ඉන්දීය ක්‍රීඩකයන්ට අහිමි කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුනා.

එහෙත් තෙවැනි කඩුල්ලට බල්රාජ්ට එක්වූ ටික්කා ද බල්රාජ් සේ ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සිහින බිඳ දැමීමට එක් වුනා. ටික්කා පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගන්නවා. ඔහු සහ බල්රාජ් අතර තෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 70ක්.   

බල්රාජ් සහ ටික්කා දැවී ගිය පසු ගුලාම්ඩීන් සහ පී. කයිලාෂ් එක්ව ඉන්දීය ඉනිමේ ජයග්‍රහණය වාර්තා කළා. ගුලාම්ඩීන් පන්දු 14කට මුහුණ දෙමින් හයේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද, කයිලාෂ් පන්දු 8කට මුහුණ දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 8ක් ද ලබා ගත්තා.

දිමුත්ගේ ජවයෙන් ගාල්ලට නව ජීවයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 ක්‍රිකට් තරගාවලියේ ගාලු කණ්ඩායම ලබා ගත් පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද (25) සමත් විය. රංගිරි දඹුලු ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ දී ඔවුන්…

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන උදාර ඉන්ද්‍රජිත් කඩුලු 2ක් ලබා ගත්තා. ඊට අමතරව භානුක රුක්ෂාන් සහ නායක ගයාන් ගුණරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මුහුණ දෙන්නට සිදු වූයේ නොසිතූ අකරතැබ්බයකට. ඔවුන්ගේ පළමු කඩුලු 5 පිටියෙන් ඉවත් වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 42ක් ලෙසයි.

ඉනිම ගොඩ ගැනීමේ වෙනුවෙන් කඩුලු සබඳතා කිහිපයක අවශ්‍යතා තිබුණ ද එකී අරමුණ කරා යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වුණේ නැහැ. ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ දකුණතින් පන්දුවට පහර දෙන උදාර ඉන්ද්‍රජිත්. ඔහු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා. උදාර ලබා ගත් මෙම අර්ධ ශතකය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් රැස් කරන ලද එකම අර්ධ ශතකය වේ.

එය ඉනිමේ හොඳම ලකුණු වාර්තාව වෙද්දී ඔහුට යම් තරමකින් හෝ සහයෝගය දැක්වූයේ ඩිලාන් රත්නායකයි. ඔහු පන්දු 15කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා ගන්නවා. අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට පැමිණීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැහැ.

ශ්‍රී ලංකා ඉනිම විනාශ කිරීමේ පෙරමුණ ගත්තේ ආරම්භක වේගපන්දු යැවූ නායක රවින්ද්‍ර පාල් ය. ඔහු ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව රංජිට් සහ ගුලාම්ඩීන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 123 (20.0) උදාර ඉන්ද්‍රජිත් 55, රවින්ද්‍ර පාල් 3/25, රංජිට් 2/20, ගුලාම්ඩීන් 2/15

ඉන්දියා ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායම: කඩුල 4ක් දැවී 129 (12.5) බල්රාජ් 47, ටික්කා 33, ගුලාම්ඩීන් නොදැවී 18, උදාර ඉන්ද්‍රජිත් 2/26  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<