16න් පහළ AFC පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග

315
Sri Lanka in AFC U16 Championship 2018

අවුරුදු 16න් පහළ AFC කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වලට අදාළ කණ්ඩායම් වර්ගීකරණය මැලේසියාවේ ක්වාලා ලම්පූර් නුවර පිහිටි AFC නිල නිවසේ දී  නිළ වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදි.

දෙවන අර්ධයේ තියුණු සටනින් රිනවුන් සමාජයට ජය

FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 32 වටයේ තවත් තරගයක් අලුත්ගම සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවතියේ..

එළඹෙන අවුරුදු 16න් පහළ AFC කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වට වල තම ප්‍රතිවාදීන් කවුදැයි යන්න දැන ගැනීමට ආසියාව පුරා සිටින සාමාජිකත්වය ලත් කණ්ඩායම් 45කට මෙහි දී හැකියාව ලැබුණි.

සාමාජිකත්වය ලබා ඇති කණ්ඩායම් 45 මෙහි දී WEST (බටහිර, දකුණු හා මධ්‍යම ආසියාව) සහ EAST (නැගෙනහිර සහ ආසියානු රටවල්) යනුවෙන් කලාප 2කට වර්ගීකරණය කරන ලදි. WEST කලාපය කණ්ඩායම් 23කින් ද, EAST කලාපය කණ්ඩායම් 22කින් ද සමන්විත වන අතර එම කලාප දෙකම (02) කාණ්ඩ පහකට (05) තවදුරටත් බෙදා දක්වා ඇත.

2016 වර්ෂයේ ඉන්දියාවේ පැවති අවුරුදු 16න් පහළ AFC කුසලාන පාපන්දු තරගාවලියේ දී ලබා ගත් ශ්‍රේණිගත කිරීම් පදනම් කර ගෙන අදාළ සෑම කලාපයකම පිහිටි රටවල් බඳුන් පහකට (05) බෙදා දක්වා තබන ලදි. එම තරගාවලිය සඳහා සහභාගී නොවූ රටවල් මේ සඳහා එක් කර ගෙන තිබුණේ අඩුම ශ්‍රේණිගත කිරීම සහිත රටවල් ලෙසයි.

මෙහි දී අදාළ කණ්ඩායම් රටවල් පහ (05) බැගින් ඇති කාණ්ඩ පහකට (05) හා රටවල් හතර (04) බැගින් ඇති කාණ්ඩ පහකට (05) බෙදා දක්වා ඇත.

මෙම තරගාවලිය සඳහා ප්‍රථම වරට පෙනී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයේ සිටින අනෙකුත් තරගකරුවන් වන්නේ උස්බෙකිස්තානය, සෞදි අරාබිය, ජෝර්දානය සහ බහරේනය යි. උස්බෙකිස්තානය 2016 වර්ෂයේ පැවති අවුරුදු 16න් පහළ AFC කුසලාන පාපන්දු තරගාවලියේ 05 වන ස්ථානය දිනා ගත් අතර සෞදි අරාබිය එහි දී 11 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ගියවර ශූරතාවය දිනා ගත් ඉරාක කණ්ඩායම ඉන්දියාව, පලස්තීනය හා D කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ තරග වල සත්කාරකත්වය දරන නේපාලය සමඟ තරග වැදීමට නියමිත අතර ගියවර අනුශූරයන් වූ ඉරාන කණ්ඩායම කිර්ගිස්තානය, ඇෆ්ගනිස්ථානය, ලෙබනනය හා භූතානය සමඟ C කාණ්ඩය යටතේ තරඟ වදිනු ඇත.

මෙම තරගාවලියේ ශූරතාවය දෙවරක් (02) දිනා ඇති, ගියවර අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ උතුරු කොරියානු කණ්ඩායම. හොං කොං, චීන තායිපේ, මැකාවු හා බෘෘනායි කණ්ඩායම් සමඟ F කාණ්ඩය යටතේ ද, ගියවර අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම වූ ජපාන කණ්ඩායම සිංගප්පූරුව, මැලේසියාව හා ගුආම් කණ්ඩායම් සමඟ J කාණ්ඩය යටතේ ද තරග වැදීමට නියමිත යි.

සුදුසුකම් ලැබීමේ තරග වට අවසානයේ සෑම කාණ්ඩයකම ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් දහය (10) සහ අදාළ කාණ්ඩ වල දෙවන ස්ථානය දිනා ගත් කණ්ඩායම් අතරින් ඉහළම දක්ෂතාවය දක්වන කණ්ඩායම් පහ (05) සත්කාරකත්වය දරන කණ්ඩායම සමඟ අවසන් තරග වට සඳහා තෝරා ගනු ලබනු ඇත. 2018 AFC කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග 2017 සැප්තැම්බර් මස 16 දින සිට 24 දින දක්වා පැවැත්වීමට නියමිතයි.

WEST කලාපය

  • A කාණ්ඩය – උස්බෙකිස්තානය, සෞදි අරාබිය(සත්කාරකයින්), ජෝර්දානය, බහරේනය, ශ්‍රී ලංකාව
  • B කාණ්ඩය – ඕමානය, ටජිකිස්ථානය (සත්කාරකයින්), සිරියාව, තුර්කිමේනිස්ථානය, මාලදිවයින
  • C කාණ්ඩය – ඉරානය (සත්කාරකයින්), කිර්ගිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ලෙබනනය, භූතානය
  • D කාණ්ඩය – ඉරාකය, ඉන්දියාව, පලස්තීනය, නේපාලය (සත්කාරකයින්)
  • E කාණ්ඩය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය, කටාර් (සත්කාරකයින්), බංග්ලාදේශය

EAST කලාපය

  • F කාණ්ඩය – උතුරු කොරියාව, හොං කොං, චීන තායිපේ, මැකාවු, බෘනායි
  • G කාණ්ඩය – තායිලන්තය (සත්කාරකයින්), ලාඕසය, නැගෙනහිර ටිමෝරය, උතුරු මරියානා දූපත්, ඉන්දුනීසියාව
  • H කාණ්ඩය – කොරියාව, චීනය, මියන්මාරය, පිලිපීනය
  • I කාණ්ඩය – වියට්නාමය, ඕස්ට්‍රේලියාව, මොන්ගෝලියාව (සත්කාරකයින්), කාම්බෝජය
  • J කාණ්ඩය – ජපානය, මැලේසියාව, සිංගප්පුරුව, ගුආම්

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට